Doctor Jung

90 13 2
                                    

පරිස්සමට ඒරා ව ඇදෙන් තිබ්බ ජන්කුක් ඩොක්ටර් දිහා බැලුවෙ කලබලෙන්. වතුර ගහලත් ඒරා ට සිහිය ආවෙ නැති නිසා ජන්කුක් වගේ ම ඒරා ගෙ ඩැඩ ත් මේ වෙද්දි ඉන්නෙ හිතේ ගැස්මෙන්. කවදාවත් නැතුව මොකක් ද මේ සිද්ද වෙලා තියෙන්නේ... ඒරා ව බලපු ඩොක්ටර් සේලයින් එකක් ගහද්දි ඒරා ගෙ ඩැඩා ඩොක්ටර් ට කතා කලා.

"ඒරා ට කොහොම ද ඩොක්ටර්...???"

"බය වෙන්න දෙයක් නෑ මිස්ටර් පාර්ක්. සිද්ද උන් දේ ඇස් දෙකෙන් දැක නිසා පොඩි ශොක් එකක් ඇවිත් තියෙන්නේ. මේ සේලයින් එක ඉවර වෙද්දි සිහිය එයි. මං ඒකටම බෙහෙත් ඉන්ජෙක්ට් කලා."

"Thanks ඩොක්ටර්. ජන්කුක්, ඩොක්ටර් ජන්ග් එක්ක ගිහින් බෙහෙත් කර ගන්න."

"ම්... මට ප්‍රශ්නයක් නෑ බොස්. මං මෙහෙම ඉන්නං."

"මං කිව්ව දේ කරනවා අයිසේ. යනවා මෙතනින්. මූ ව එක්කන් පලයන් යුන්ගි."

ඒරා ව දාලා යන්න බැරි කමට ජන්කුක් ඉන්නම් කිව්වත් ඒරා ගෙ අප්පා කෑ ගහපු නිසා ජන්කුක් එතනින් පිටත් උනා. එහා රූම් එකේ ඒරා ඉන්න නිසා හිත හදන් තමන් ගෙ රූම් එකට ආව ජන්කුක් ඩොක්ටර් ජන්ග් ට බෙහෙත් කරන්න දුන්නා. පැය භාගයක් විතර යනකල් කෙදිරීම් කෑ ගැසීම් විතරක් ඇහුන ජන්කුක් ගෙ කාමරෙන් ඩොක්ටර් ජන්ග් එළියට ආවෙ බඩත් අල්ලන් කොර ගහන ගමන්. ඩොක්ටර් ජන්ග් ව දැක්කම යුන්ගි ඇස් දෙක ලොකු කර ගත්තේ හොදට ගිය ඩොක්ටර් ට මොකද උනේ කියලා.

"මං බෙහෙත් දැම්මා යුන්ගි. ජන්කුක් ව පොඩ්ඩක් බලන්න. දගලන්න ගිහින් එයා කැඩුන කකුල පාර ගත්තා ආපහු. මේ බෙහෙත් ටිකත් එයා නැගිට්ටම දෙන්න."

කියලා අමාරුවෙන් ඇවිදන් ගියෙ යුන්ගි ඉන්න තැනම ගල් වෙලා ඉද්දි. ටිකකින් හොද සිහියට ආව යුන්ගි ජන්කුක් ව හොයන් දිව්වෙ ජන්ග් ට මොකද කලේ අහන්න. මොකද නොකිව්වට ඩොක්ටර් ජන්ග් හෝසොක් කියන්නේ යුන්ගි ගෙ පුංචි කාලෙ යාලුවා. කාලෙත් එක්ක ඈත් උනත් යාළුකම් කියන ඒවා හිත් වල රැදිලා තියෙනව නෙ.

රූම් එක ඇතුලට ආව යුන්ගි දැක්කෙ කටත් ඇරන් නිදියන් ඉන්න ජන්කුක් ව. ඇස් හීනි කරන් ටික වෙලාවක් ජන්කුක් දිහා බලන් ඉදලා එළියට ආව යුන්ගි එයාල ගෙ බොස් ව හම්බෙන්න ඒරා ගෙ රූම් එක ලගට ගියෙ පස්සෙ ජන්කුක් ගෙන් උන දේ අහ ගන්නවා කියලා හිතන්. ඒරා ගෙ රූම් එකේ දොරට තට්ටු කරපු යුන්ගි බලන් හිටියෙ පාර්ක් උත්තර දෙනකල්. තමන් ගෙ බොස් ගෙ ගැඹුරු කටහඬ ඇහෙනවත් එක්කම ඇතුලට ගිය යුන්ගි දැක්කෙ ඇද වියනට හේත්තු වෙලා ඉන්න ඒරා ව.

Bodyguard (JJK) (Complete)Where stories live. Discover now