"වයිෆ් ව බෙදා ගන්න කියලා හස්බන් ට ම කියන එක හරි නෑ නේ හියුන්. ඒකට පොඩි දඩුවමක් දෙන්න වෙනවා."
කියලා ඉනේ තිබ්බ පිස්ටල් එක ගත්තේ වටේ හිටිය පිරිමි ටික එකිනෙකා ට පහු බහින්න කියලා ඉගි කරද්දි. මොකද මේ අනෝරා වැස්සෙ එයාලටත් වෙඩි කන්න උවමනාවක් නැති වෙන්න ඇති. කට්ටිය ගියාම ජන්කුක් ආපහු අහක බලන් ඒරා ට වගේම පොඩ්ඩො දෙන්නට කුඩේ අල්ලන් හිටියෙ වචනයක් වත් කතා නොකර. හරියට දැන් මේ ටිකකට කලින් වයිෆ් කියලා හදුන්වලා දුන්නා ටිකක් එහයින් තියෙන රෝස පදුර වගේ.
වැස්ස වැඩි කරනවා විතරක් නෙවෙයි විදුලි කොටලා ගොරවන්න ගද්දි ඒරා පොඩ්ඩො දෙන්නව තව තුරුළු කර ගත්තා. කුඩේ තිබ්බත් හුලඟ එක්ක එන වැහි හිරිකිඩට භාගෙට ඒරා ගෙ ඇදුම් තෙමිලයි තිබ්බෙ. ජන්කුක් ගෙන් සමාව ගන්න ඕන උනත් පොඩ්ඩො දෙන්නා තමන්ට තුරුළු වෙලා නිදිකිරා වැටෙද්දි ඒරා හිටියෙ ගොඩක් අපහසුවෙන්. මොකද එක දිගට හිටන් ඉන්නවා කියන එකත් ලේසි නෑ නෙ. ඒරා ගෙ හිත තේරුම් ගත්තා වගේ ජන්කුක් පොඩි කෙලි පැටික්කිව වඩා ගත්තේ ඒ පපුවෙ උණුසුමට කෙල්ල ගුලි වෙද්දි.
"කොහොමත් තෙමිලා ඉන්න එකේ අර ටෙන්ට් එක යටට වත් යමු මිස් ඒරා. නැත්තං මේ ළමයි අසනීප වෙයි."
"කාර් එකටම යමු ද ජන්කුක්... මෙයාල ගෙ ඔම්මා බනී නැත්තං මට."
ඒක ඇහුවම ජන්කුක් ට හොද වචන ටිකක් කටට ආවත් ඒරා ට රවලා බලලා ඉස්සර උනේ ඒරා අනිත් පොඩ්ඩව වඩාගෙන ජන්කුක් පස්සෙන් එද්දි. කාර් එකට ඇවිත් පොඩ්ඩො දෙන්නව පිටි පස්සෙන් තියලා ජන්කුක් ඉස්සරහට නැග්ගෙ ඒරා වාහනේට නැග්ග ද කියලා බලන්න වත් මහන්සි නොවී. ඒ නිසාම ඒරා ඉක්මනට වාහනේ ඇතුලට ආවෙ ජන්කුක් වාහනේ ස්ටාර්ට් කරලා පාරට ගනිද්දි.
"ජන්කුක්... මෙයාල ගෙ ඔම්ම හොස්පිටල් එක ඇතුලෙ. එයා දැන් එයි... කොහෙද ඔයා මේ යන්නේ...???"
ඒරා අහන දේවල් වලට උත්තර දෙන්න මහන්සි නොව්න ජන්කුක් පොඩි ඇදුම් ශොප් එකක් ඉස්සරහින් වාහනෙ නවත්තලා ඇතුලට ගියෙ මොකක් ද වෙන්නේ කියලා ඒරා ට හිතා ගන්න බැරි වෙද්දි. ඒත් එක්කම පොඩ්ඩො දෙන්නා වොශ් රූම් යන්න ඕන කියලා අඩන්න ගත්තේ ඒරා ව තවත් අසරණ කරලා. ටිකකින් ජන්කුක් ඇවිත් වාහනේට නැග්ගම ඒරා මේ ගැන කිව්වේ ජන්කුක් ඔලුව වනලා ආපහු හොස්පිටල් එක පැත්තට යද්දි. ඒත් හොස්පිටල් එකට මීටර් දෙසීයක විතර දුරක් තියෙද්දි අතුරු පාරකට වාහනේ හරවපු ජන්කුක් එතන තිබ්බ හොටෙල් එකෙන් වාහනෙ නැවැත්තුවා.
![](https://img.wattpad.com/cover/369343757-288-k625243.jpg)
YOU ARE READING
Bodyguard (JJK) (Complete)
Fanficඅකමැති උනත් දෛවය වෙනස් කරන්න කාට ද පුළුවන්. ජීවිතේ වෙන්න තියෙන හැමදේම කොහොම උනත් සිද්ද වෙනවා. එන්න... ඒරා ගෙ ජීවිතේ කොයි විදිහට වෙනස් වෙයි ද කියලා අපි බලමු... Start date : 10 June 2024 End date : 19 July 2024 Don't copy my work 🚫 🎖️#1 (out of...