රෝස පාට දනහිස ලගට දිග ගවුමකුත් ඇදන් ඇදුම් බෑග් එකකුත් ඇද ගෙන ලතාවකට පැද්දි පැද්දි එන ඒරා ව දැක්කම යුන්ගි ඇස් රෝල් කලේ මීට සතියකට කලින් ඒරා අල්ලපු අඩව්ව මතක් වෙලා. යුන්ගි කල්පනා කරන දේ තේරිලා වගේ ජන්කුක් ට ත් පොඩි හිනාවක් පිට උනා. මොකද ඒරා කියන්නේ නං මේ වෙද්දි පුදුම විදිහට හිතුවක්කාර උන දඟ කෙල්ලෙක්.
...Flashback...
මිස්ටර් පාර්ක් කිව්ව වගේම සතියකින් ඒරා ට මැන්ශන් එකට එන්න කියලා පණිවිඩය එවද්දි යුන්ගි ට සිද්ද උනේ ඒරා ගෙ ඩ්‍රයිවර් වෙන්න. මොකද ජන්කුක් ගෙ ඔලුව වගේම අත සනීප උනත් කකුලෙ කැක්කුම තිබ්බ නිසා ඩොක්ටර් ජන්ග් ගෙ අනුදැනුම පිට ජන්කුක් ට සිද්ද උනා මේ ගමන නොගිහින් ඉන්න. මිස්ටර් පාර්ක් ගෙ අණට පිටින් යන්නත් බෑ වගේම තමනුත් යන්නෙ නැති නිසා ජන්කුක් යුන්ගි ට ම භාර දුනා මේ ගමන ගැන ඒරා ට කියන්න. ඒරා ගෙ හැටි දැන දැනම ඉල්ලන් කන්න උවමනාවක් ජන්කුක් ට සමහර විට නැති වෙන්නත් ඇති. ඒරා ව හොයන් පහලට ගිය යුන්ගි දැක්කෙ ගාඩ්න් එකට වෙලා පොතක් කියවන යුන්ගි ගෙ සුදු හැපින්න ව. ඒ තමයි යුන්ගි ඒරා නැති වෙලාවට ඒර ගෙ ගුණ කියද්දි පාවිච්චි කරපු නම. හැබැයි ඉතිං ඒකෙ වැරැද්දකුත් නෑ. මොකද ඒරා කොයි වෙලෙත් යුන්ගි ව දැක්කම කරන්නේ හැපින්නක් වගේ පුප්පන එක නෙ...
"මිස් ඒරා, මිස්ටර් පාර්ක් කිව්වා හෙට සෝල් මැන්ශන් එකට මිස් ඒරා ව එක්කන් එන්න කියලා. ගෙනියන දේවල් දැන්ම ලෑස්ති කර ගන්න. හෙට උදෙන්ම අපි පිටත් වෙනවා."
"අපි...???"
"ඔව් මිස් ඒරා යි මම යි."
"එතකොට ජන්කුක්...???"
"ජන්කුක් ට තව සතියක් මෙහෙ ඉන්න වෙනවා මිස් ඒරා. ඩොක්ටර් ජන්ග් කිව්වා කකුල තාම හොද නැති නිසා ජන්කුක් ට දැන්ම දුර ගමන් යන්න එපා කියලා. ඉතිං ජන්කුක් එනකල් මං තමයි මිස් ගෙ බොඩිගාඩ්."
යුන්ගි ආඩම්බරයෙන් පපුව පුම්බන් කියද්දි ඇස් ලොකු කරන් අහන් හිටිය ඒරා තමන් ගෙ ජංගම දුරකථනය අරන් ඩැඩා ගෙ නම්බර් එක ඩයල් කලා. තත්පර ගානක් ඇතුලත මිස්ටර් පාර්ක් කෝල් එකට සම්බන්ධ වෙද්දි යුන්ගි හිටියෙ සිද්ද වෙන දේ තේරුම් ගන්න බැරුව.
YOU ARE READING
Bodyguard (JJK) (Complete)
Fanfictionඅකමැති උනත් දෛවය වෙනස් කරන්න කාට ද පුළුවන්. ජීවිතේ වෙන්න තියෙන හැමදේම කොහොම උනත් සිද්ද වෙනවා. එන්න... ඒරා ගෙ ජීවිතේ කොයි විදිහට වෙනස් වෙයි ද කියලා අපි බලමු... Start date : 10 June 2024 End date : 19 July 2024 Don't copy my work 🚫 🎖️#1 (out of...