Silwester

117 17 0
                                    

නවය ත් පහු වෙලා නැගිටපු ඒරා වොශ් දාන් පහලට ආවෙ ජන්කුක් ව බලන්න. කලින් දවසෙ උන දේට සමාව ඉල්ලන්න ඕන උනත් තමන් ගෙ ඇස් ඉස්සරහ තිබ්බ ඒ කින්ග් සයිස් හුරතලා ව මතක් උන නිසා ඒරා ජන්කුක් ව මුන ගැහෙන එක අමතක කරලා kitchen එක පැත්තට යනවා. කන්න දේකුත් එක්ක කිරි එකක් ඉල්ලන් ඒරා ආවෙ සිල්වෙස්ටර් ව හොයන්.

"සිල්වෙස්ටර්... සිල්වෙස්ටර්..."

"මිස් ඒරා... කාවද හොයන්නේ...???"

සිල්වෙස්ටර් ව හෙව්ව ඒරා ගැස්සුනේ පිටි පස්සෙන් ඇහුන ජන්කුක් ගෙ කටහඬට. ඒ කටහඩේ අයිතිකාරයා ගෙ මූණ දිහා බලන්න ඕන උනත් තමන් ගෙ අකීකරු ඇස් ඒ කකුල් දෙක මැද්දට යන නිසා දැන් ඒරා හිටියෙ නං ලොකු අපහසුතාවකින්.

"සිල්වෙස්ටර් කොහෙද බලන්න ජන්කුක්. බැරි උනොත් Kitchen එකේ අයගෙන් අහන්න කොහෙද කියලා."

"හරි මිස් ඒරා."

සිල්වෙස්ටර් කියන්නෙ කවුද කියලා නොදන්න ජන්කුක් kitchen එක පැත්තට ගියෙ ගාඩ්න් එක ක්ලීන් කරන කෙනා කොහෙද කියලා අහන්න හිතන්. අනික ඒරා උනත් දැන ගන්න එපැයි කෙනෙක් ගැන කියනවා නං හරියට කියන්න.

"සිල්වෙස්ටර් ව දැක්ක ද?"

"ස්ටෝ රූම් එක පැත්තට යනවා දැක්කා සර්. ඒකෙ මීයො ඉන්නව නෙ. උන් ව අල්ලන්න යන්න ඇති."

කිචන් එකේ වැඩ කර කර හිටිය තරුණ මේඩ් ජන්කුක් ගෙ උඩ ඉදන් යටට බලන ගමන් කියද්දි මේඩ් ට රැව්ව ජන්කුක් එළියට ගියෙ ස්ටෝ රූම් එක හොයන්. මුළු රෑ පුරාම වොශ් රූම් ගිය අමාරුවයි ඒරා ඉස්සරහ උන ලැජ්ජාව නිසයි ජන්කුක් හිටියෙ හිත වගේම බඩත් රිද්දගෙන. ස්ටෝ රූම් එක හොයන් ඒක ඇතුලට ඔලුව දැම්ම ජන්කුක් වටපිට බැලුවෙ කිසිම මනුස්සය පරානයක් ඒකෙන් පේන්න නැති නිසා. ඒත් ජන්කුක් ට හොදටම මතකයි එයා එතනට එද්දි රූම් එක ඇතුලෙන් සද්දයක් ඇහුනා කියලා. ඒරා ට තියෙන ජීවිත අවදානම නිසා ඉනේ තිබ්බ පිස්තෝලය අතට අරන් ජන්කුක් හිමීට කාමරේ ඇතුලට අඩිය තිබ්බා.

"ජන්කුක්..."

පිටි පස්සෙන් ඇහුන ඒරා ගෙ කටහඬ නිසා ජන්කුක් කලබල උනත් ඒරා දිහාට හැරිලා සද්ද කරන්න එපා දොර වහන්න කියලා අභිනයෙන් කියන්න ජන්කුක් ට පුළුවන් උනා. මොකක් හරි ප්‍රශ්නයක් කියලා තේරුන නිසා වචනයක් වත් නොකිව්ව ඒරා ජන්කුක් ඇතුලෙ ඉද්දි ස්ටෝ රූම් එකේ දොර වහලා ලොක් එක දැම්මේ ගැහෙන හදවතින්. පණ්ඩිතකමට තමන් ව බලා ගන්න පුළුවන් කිව්වත් ජන්කුක් ගෙ මූණ දැක්කම ඒරා ට තේරුනා ප්‍රශ්නෙ හිතුවට වඩා දරුණුයි කියලා.

Bodyguard (JJK) (Complete)Where stories live. Discover now