Angry Jungkook

81 14 0
                                    

Girls underwear වගයක් අතේ තියන් වන වන ඉන්න යුන්ගි ව දැක්කම ජන්කුක් ට හිතුනෙ පොළොව හාරගෙන හදට යන්න. ඒත් අසරණ ජන්කුක් දන්නව නං තමනුත් බෙල්ල වටේ ඔතන් ඉන්නෙ රතු පාට බ්‍රා එකක් කියලා. යුන්ගි ගෙ ඔලුවට එකක් ගහලා යුන්ගි ගෙ අතේ තියන ඇදුම් කෑලි ටික පෙට්ටියට එබුව ජන්කුක් තමන් බෙල්ලෙ ඔතන් හිටිය එක අතට ගත්තා. ඒක දැක්කම තමයි ජන්කුක් ට හිතුනෙ එතනම වැලලිලා යන්න.

අතේ කරේ බල්බ් වැල් වගේ එල්ලන් හිටිය ඒවා ගලවලා දාලා යුන්ගි වත් ඇදගෙන ජන්කුක් ඒරා ලා ඉන්න පැත්තට අඩිය තිබ්බා. ඒත් ආපහු අර රතු හැට්ටකාරියෝ ඒ පැත්තේ ඉන්නවා දැක්කම යුන්ගි ජන්කුක් ව ඇදන් එළියට ආවෙ ජන්කුක් තමන් ගෙ දුරකථනය හොයද්දි. එළියට ඇවිත් ජන්කුක් කෝල් එකක් ගන්නෙ කේන්තියෙ උපරිමෙන්.

"හෙ..."

"හරි ශෝක් ට්‍රිට් එකක් නෙ මිස් ඒරා අපිට දුන්නෙ. තෑන්ක්ස් හරි ද... පලි ගන්නවා නං මීට වඩා හොද විදිහට ප්ලෑන් කරන්න මිස් ඒරා. අපි දෙන්නම මේ දැන් අස් වෙනවා. ඕන විදිහට තමුසෙත් ගෙදර යනවා."

ජන්කුක් කියද්දි කට ඇරන් අහන් හිටිය යුන්ගි ජන්කුක් ව ඇදගෙන ලග තිබ්බ වහනේකට මුවා වෙනවා. ඒත් එක්කම ජන්කුක් දකින්නේ මින්හි එක්ක දුවන් එන ඒරා ව. තමන් ගෙ ගාඩ් ලා දෙන්නම එතන නෑ කියලා තේරුනාම ඒරා ගෙ ඇස් වල කදුළු පිරුනෙ ජන්කුක් ගෙ හිතත් රිදෙද්දි. ඒත් ජන්කුක් ට තිබුන කේන්තිය ඒරා ගෙ කදුළු වලට නිවන්න බැරි උනා. මින්හි ගෙ අතේ එල්ලිලා මොනවද මුමුණ මුමුණ අඩන ඒරා ලගට ඊළඟට ආව අය දැක්කම යුන්ගි ගෙ ඇස් ලොකු උනේ ජන්කුක් කට කොනකින් හිනා වෙද්දි.

"අඩෝ... අර කොට හැට්ටකාරියෝ ටික අන්න ආවා..."

"අපි බලන් ඉමු මොකද කරන්නේ කියලා."

ජන්කුක් කියද්දි ඔලුව වනපු යුන්ගි තව ටිකක් වාහනේට හේත්තු උනේ එහෙට මෙහෙට දුවලා කකුල් දෙක රිදෙන නිසා. ඇස් දෙක වහන් ටික වෙලාවක් ඉද්දි යුන්ගි ට ඇහුනෙ කවුද රණ්ඩු වෙන සද්දයක්.

"මං ඔයාලට කිව්වෙ එයාලව seduce කරන්න මිසක් රූම් යන්න කතා කරන්න නෙවෙයි. අනික තමුසෙ ලා මොකට ද එයාලව එහෙම අල්ලන්න ගියෙ... මට ඕන විදිහට කිසි දෙයක් උනේ නෑ ඒ නිසා සල්ලිත් දෙන් නෑ. යනවලා යන්න මෙතනින්."

Bodyguard (JJK) (Complete)Where stories live. Discover now