Dad

85 12 3
                                    

ඒ දරදඩු අත් වලින් බේරෙන්න දගලපු ඒරා කට තද කරන් ඉන්න අත පොඩ්ඩක් බුරුල් කරගෙන හැපුවෙ පිටිපස්සෙන් මර ලතෝනියක් ඇහෙද්දි.

"ආආආහ්හ්හ්..."

"කවුද තමුසෙ...???"

ඉන වටේ ගිහින් තියෙන අනිත් අත අයින් කර ගන්න හදන ගමන් ඒර අහද්දි ඇයට දැනුනා ඇගේ කන ලගට ආව සීතල තොල් දෙකක්. ඒ තොල් ඒරා ගෙ කනේ ගෑවෙන් නොගෑවෙන ගානට තියලා කතා කරද්දි ඒරා ට දැනුනෙ තමන් ගෙ කොන්ද දිගේ හිරියක් යනවා වගේ.

"I'm your future husband baby girl..."

කියන ගමන් ඒරා ව අත ඇරියේ ඒරා විදුලි වේගයෙන් ඒ පැත්තට හැරෙද්දි. හැරුන වේගෙන්ම අත දිග ඇරලා ඒ ඔලුවට එකක් ගැහුව ඒරා ඊළඟට ජන්කුක් ගෙ පපුවට ගහන්න ගත්තා.

"ආහ්... බේබි... කොයි වෙලේක හරි මගේ හාට් එක නවතිනවා හොදේ ඔහොම ගහලා. කොයි වෙලෙත් පපුවට ගහනවා. ඕකට ගහන්නෙ නැතුව අත ගානවකො පොඩ්ඩක්."

ජන්කුක් කියද්දි ගස්සලා අහක බැලුව ඒරා ආපහු ජන්කුක් ගෙ ඔලුවට එකක් ගැහුව.

"ආහ්... බේබි දැන් තරහා ගත්තා ඇති. ලන්ච් ගත්ත ද...???"

"නෑ..."

"දැන් එකත් පහු වෙලා. ඇයි කෑවෙ නැත්තේ. මාව කේන්ති ගස්සන්න එප බේබි. මං කියලා තියෙනව මොන දේ උනත් මොන ප්‍රශ්නෙ ආවත් කාලා ඉන්න කියලා."

"ආයිශ්... මාව ගෙදර එක්කන් යන්න. මං ගෙදර ගිහින් කන්නම්."

"ඕකේ මැඩම්..."

කේන්තිය නිසාම පාර දිහා බලන් යන ඒරා ට දැනුනා ජන්කුක් තමන් දිහා සැරෙන් සැරේ බලනවා. ඒත් ඒරා ට ඕන නෑ සමාව දෙන්න. ජන්කුක් නොදැන හිටියට එයා ගෙ බේබි ට අද ගොඩක් තරහා ගිහින්. ටික වෙලාවකින් හිමීට ඒරා ගෙ කකුල උඩින් අත තිබ්බ ජන්කුක් ඒ කලවා මත එහෙ මෙහෙ යන්න ගත්තේ ඒරා ගෙ සම්පූර්ණ අවදානෙ ජන්කුක් දිහාට හරවලා. හැමදාමත් වගේ අදත් ඒරා ජන්කුක් ගෙ ස්පර්ශයෙන් දුර්වල වෙලා ඉවරයි.

"කුකී... ඔයාට phone එකක් තියෙනව කියලා මතක ද...???"

හිටපු ගමන් අහපු ප්‍රශ්නෙ නිසා ජන්කුක් ට හයියෙන් හිනා ගියෙ ඒරා ජන්කුක් ගෙ අතට තදින් පාරක් ගහද්දි. ජන්කුක් දන්නවා තමන් වැරදී කියලා. ඒ නිසාම සාමෙන් මේ ප්‍රශ්නෙ විසද ගන්න ජන්කුක් හිතා ගන්නවා.

Bodyguard (JJK) (Complete)Where stories live. Discover now