08.

206 26 23
                                    

"මට උබව ඕනෙ මෙවන් ඇයි මගෙ වෙන්න බැරි උබට? ..."

මං තාමත් එහෙම්මමයි මගෙ ඇස්වල රතු නහර එලියට පැනලා මටම පේනවා මගෙ ඉස්සරහ තියෙන අඩවල්  උන දොර දිහා බලං මං තාම හිතනවා.මගෙ ෆෝන් එක දෙදරනවා මෙවන්ගෙ කල්පනාවෙන් එලියට ආපු මම ෆෝන් තිරයෙ වැටුනු නම්බර් එක දිහා බලාන හිටියා.සේව් නෑ .මං බලාගෙන උන්නා තප්පරයක් දෙකක් රින්ග් උන ෆෝන් එක ආයෙම නැවතුනා ...කවුද කින්ද මංද මට ඕනෙ උනෙ නෑ කවුරු උනත් මට මේ වේලාවෙ ඕනෙ උනේම තනි වෙන්න වෙද්දී මං එහෙම්ම පුටුවට හේත්තු උනේ ඇස් පියාගෙන  මෙවන්ගෙ රූපේ දකින ගමන් ...ටික් ...ටික්...ආයෙමත් ආයෙමත් දෙදරනවා කකුලක් පිට කකුලක් දාගෙන උන්න මම පියා ගත්ත ඇස් ගැස්සිලා ගියා.එකම නම්බරේ...

දකුනු අත පැත්තෙ  තිබ්බ ලාච්චුවෙ කෙලවරෙම තිබ්බ සිගරට් පැකට් එකෙන් සිගරට්ටුවක්  එලියට ගත්ත මං හැමවේලෙම වගෙ සාක්කුවෙ රැදෙන ලයිටරේ අරගෙන දැල්ල ඇව්ලුවෙ තනි ඇහැකට කෙලින්ම වෙද්දී දැල්ලෙ රස්නෙ ඇහෙ කාවද්දගෙන ගියෙ සිගරට්  එක පත්තු වෙද්දී..ටික්.. ටික් බට්ටා යන ඔරලෝසුව විතරක් දෝංකාර දෙද්දි මුලු ගෙදරම තනිකරම මූසල ගුහාවක් ...දුම් වලලක් උඩට යවපු මං ආයෙ ආයෙ දෙදරන පෝන් එක ඕෆ් කරලම දැම්මා...

*
*
*
*
"මහත්තයා ඊයේ රෑ මෙතනම නින්ද ගියාද?"

"හ්ම්...මේ ටික අස් කරලා දාන්න ලීලා .සිගරට් ගද යන්න මොනා හරි කරන්න"

"මහත්තයා මේ කෝපි එක"

"විසි කරලා දාන්න"

මං ලීලාව පහු කරගෙන උඩතට්ටුවෙ තියෙන මගේ කාමරේට ගියේ දුම් දාන කෝපි එකත් විසි කරන්න කියන ගමන් ...කාමරේට ආපු මම බාත්රූම් එක අස්සට රිංගුවෙ මටම මං ලගින් ආපු සිගරට් ගද හින්දා .මුලු රැයක් සිගරට් දුමෙන් බඩ පුරවගත්තු මම ඒ අස්සෙ මැව්වෙම මෙවන්ව ....මෙවන්! මෙවන් ! මෙවන්! 

"ආආආආආආආආආආආආආආර් "
මං කෑ ගැහුව ෂවර් එකෙන් වැටෙන වතුර පොද අස්සෙ මං මගෙ පපුවෙ ලේ කැටි හිර වෙන්න තරං හයියෙන් කෑ ගැහුවා.මට ඕනෙ අඩන්න .අඩන්න කදුලු නෑ දෙයියනේ මට ...

*
*
*
*
*
*
*
*

"සර් ඇස් හොලවන්න එපා මං අයි ලයිනර් එක අදිනවා"

ThE  LaSt ChApTeR   <slow update>Where stories live. Discover now