" ආ මෙන්න කාලා ඉන්න."
"හ්ම් මොනාද මේ?"
"ඉදිආප්ප ..එපානං විසිකරනවා "
"හහ්! ඇයි උබ හිතුවද මං ඉදිආප්ප කාලා නෑ කියලා "
"ඕනේ එකක් මං එලියෙ ඉන්නවා ඔනේ උනොත් කතා කරන්න"
"උබ කාලාද?"
"නෑ "
"වරෙන් මාත් එක්ක කමු මට මෙච්චර ගොඩක් කන්න බෑ"
"එපා මට බඩගිනි නෑ කන්න බැරිනං විසිකරපං"
"ඇයි උබට මාත් එක්ක කන්න එච්චරටම ලැජ්ජාද මෙවන්?"
මං තාම හිටියෙ ඉස්පිරිතාලෙ තිබ්බ වී අයි පි රූම් එකක් කියන්න පුලුවන් තැනක වෙද්දී මගෙ කියලා එක පකෙක් හිටියෙ නෑ මාව බලන්න එන්න.මාව හොස්පිට්ල් ගෙනාවෙ මෙවන්ලු .අඩුම ඌට මාව හිරිකිත උනාට මැරෙන්න දුන්නැති එකම ඇති .රෑ දහයටත් කිට්ටුයි .කාමරේටම හිටියෙ ඌයි මායි විතරයි.ෆරයිඩ් චිකන් පිසා රයිස් මේ එකක්වත් නෙමෙ නිකම්ම නිකං සයිවර් කඩේකින් ගෙනාව ඉදිආප්ප පාර්සලයක් ඌ ඇද ඉස්සරහ තිබ්බ මේසෙ උඩින් තියලා යන්න හැදුවෙ එපානං විසි කරපං කියලා.මගෙ කට කොනින් හිනාවක් ගියා.ඇයි මං විසි කරන්නෙ .මං කියලත් බඩෙන් ආපු දවසේ ඉදන් පෝසාතාද නෑ මම ඌටත් අන්ත තැනක ඉදන් ආපු එකෙක් .සමහරදාට වේලක් කන්නවත් තිබ්බෙ නෑ .ඔහෙ පාරක් පාරක් ගානේ ඇවිදිද්දි මිනිස්සු මාව එලෙව්වා .උන්ට පෙවුනෙම හිගන්නෙක් වගේ .බල්ලට අනලා දෙන බත් එක කාලා තියෙනවා මං.එහෙව් උබද මට ඉදිආප්ප විසි කරපං කියන්නෙ .උබ මං ගැන දන්නෑ පුතෙ උබ දන්නෙම මගෙ පිට පොත්ත විතරයි උබට ඒවා අහන්න ඕනෙත් නෑ ඒවා කියලා උබේ අනුකම්පාව බලං ඉන්න එකෙකුත් නෙමෙ මම
ඌ ගියා ආයෙ මං දිහා නෙමෙ නිකමටවත් හැරිලා බැලුවෙ .කන්න වරෙන් කීවම බඩගිනි නෑලු .උබ බොරු කිවට බඩ බොරු කියන්නෑ කියන්න උබයි මමයි හොදටම දන්නවා .කමක් නෑ කමක් නෑ ඕවා මට හුරුයි. වෙන උන් සර් පාර් ගාද්දී උබ මං ලගට ආවේම උබෙ බොස් වෙච්ච මටම කොන්දෙසි දාලා .දන්න දා ඉදන් උබ දැක්කෙම මගෙ හෙලුව විතරක් වෙද්දී උබට නෙමෙ බං මටම මාව හිරිකිත වෙලා .ඉතින් උබටම වැරද්ද පටවලා සුදනා වෙන්න තරං පොන්නයෙක් නෙමෙ මම .
YOU ARE READING
ThE LaSt ChApTeR <slow update>
No Ficción"එයාලට මාව රූකඩයක් වගේද මෙවන්" මම ගොලු උනා . ඇගෙ එක නූල් පොටක් නැතුව උන්න නිරුවතක් ඉදිරියෙ මං මාවම හෙව්වා! "ඔයා මොනාද ආදරේ ගැන දන්නේ ? එහෙම දේවල් ඔයාගෙ ලෝකෙ ඇති ඒත් මගෙ ලෝකෙට නෑ" "තමුසේ මාව කෑවා අයිසේ ! තමුසෙට මං සාප කරනවා මකබෑවිලා පලයන් මෙතනින්" එය...