"ලීලා අක්කෙ හප්පෙ උබලාට දැන් හරි ගිහින්ද බං දැක්කෙ නෑ වයෙ ගෑටුවෙ"
"ඇසිලිං නගානෙ මං ඒත් බැලුවා කවුද මේ බෑගිරි තලන්නෙ කියලා ...අනේ නංගියෙ වෙනින් සිහියක බං ඉදියෙ නැතුව උබලාව මගැරියෙ නෑ"
"හ්ම්ම් හ්ම්ම් ඒමවත් හිතමුකෝ ...කවුද අප්පෙ මේ ඉලන්දාරියා මීට කලින් මේ ගමෙනං මං ඔහොම එකෙක් දැකලා නෑනෙ බං අක්කෙ කවුද හැබෑට මේ "
"අපේ ඈතින් නෑදෑ වෙන එකෙක්ගෙ පුතෙක් ටික දොහකට මෙහෙ නවතින්න ආවා බං මේ අපිට පරක්කුයි හෙට එන්නංකෝ ගෙවල් පැත්තෙ උබලාගෙ සීට්ටු සල්ලිත් එකතු කරන්න තියෙනවා බං "
"හා හා ඒවා කරගත්තෑකි ගිහින් වරෙන්කෝ ඒක නෙමෙ බං මේකා දීග දීපු එකෙක්ද?"
"නෑ ඇයි උබගෙ දෝනි නැන්දව කරේ ගහන්නද?"
"අනේ මේ මනුස්සකමට ඇහුවෙ මටනං උවමනාවක් නෑ නොදන්න උන්ට මගෙ දුවව දීග දෙන්න හහ් මං යනවා මට පරක්කුයි"
ඇසිලිං වයසක් කියන්නත් බැරි කොන්ඩ ගස් දෙක තුනක් ඉදීගෙන ආපු ගෑනියෙක් අපේ පාර හරස් කෙරුවා ...රතු පාට පසු බිමෙ කහා පාටට මල් පිරිච්ච ගවුමකින් නිරිවත වහන් හිටපු එකී ගවුමට පල්ලෙහයින් චීත්තයක් පටලවං උන්නෙ ගමෙ එකීයක් කියලා මට තේරුන් යද්දී ...වලත්තකමකට නොවුනත් මටෂෙකීගෙ පපුව දිහාට ඇහැ ගියා ..එකී යටට මුකුත් ඇදලා හිටියෙ නෑ ..පුදුම වෙන්න දෙයක් නෑ ඒ තමා ගංවල ගෑනුන්ගෙ හැටි අම්මලා උන හැටියෙ ගෑනු ටික ටික වැරහෙනවා එකීගෙ එල්ලුන තනෙන් මං ඒක හොදට දැක්කා ...ඒත් උන්ට ඒවයෙ ගානක් නෑ එදාවේල කන්න පොලොව එක්ක පොර බදින උන්ට උන්ගෙ ශරීර කූඩුව ගැන වගක් ඇත්තෙම නෑ කොලබ ඉන්න ගෑනියෙක්ට වඩා හාත්පසින්ම වෙනස් උන් පිරිමියෙක් එක්ක උනත් පොර බදන්න තරං හයියක් උන් ලග තියෙනවා ලමයිව බලා ගන්න නැනී අම්මාලා නෑ උන්ට ඉන්නෙ උන් විතරයි ...උන් කටකාරයි කොලබෂුන් වගේ නෙමෙ සභහරක්ට මලපොතේ අකුරක් බෑ ...බාගෙට ස්කෝලෙ ගියපු උන් ඒත් උන්ට ඕනෙ තමන්ගෙ ලමයිව මේ ආපායෙන් ගොඩ ගන්න ඉතින් උන් උන්ගෙ ලමයිට උගන්නගන්න නොවිදිනා දුක් විදිනවා ...
මටත් උන්ට වගෙ අම්මා අප්පා ඉදියානං සමහර විට මාත් අද රජයෙ රස්සාවක් කරන එකෙක් වේවි ...ඒත් උන්ට ඕනෙ උනෙත් මගෙ මරනය වෙද්දී තවත් මං ඒ ගැන පාපොච්චාරණය කරන්න ඕනෙද ... බඩෙ තියන් උන්නට සාප යැද්ද එකීටද මං අම්මා කියන්ඩෝනෙ කියාපං මට ...ඇත්ත අපිට සල්ලි තිබ්බෙ නෑ තාත්තා කියන එකා කරේ කුලී වැඩ අම්මා තාත්තාට උදව්වට ගියා ...උන් දෙන්නාටත් උවමනාව තිබ්බනං අපිට උගන්නන්න...එකීයි මායි නන්නත්තාර වෙන්නෑ ...උබලා කරේ අපිවත් උබලගෙම පාරෙ යවන්න පාර කැපුව එක ...ඒත් එකී උබලට ඔලුව නමන් හිටියා ...මට ඒක කරන්න බෑ මට ඕන උනා සල්ලි බල්ලෝ මරලා හරි හම්බ කරන්න සල්ලි ...ඉතින් මං ඒක කරා ඔව් හැමෝම නොදන්න අදටත් පවුලෙ උන්ට විතරක් උන පවුලෙ නම්බුව කියන වචනෙ සායම යවන්න පුලුවන් රහසක් ...අප්පාව මරා ගත්ත රහසක් විත්ති කුඩුවේදිවත් එලි නොකරපු රහසක් හැමදාමත් ඒක රහසක් විදිහටම තියේවි ....

YOU ARE READING
ThE LaSt ChApTeR <slow update>
No Ficción"එයාලට මාව රූකඩයක් වගේද මෙවන්" මම ගොලු උනා . ඇගෙ එක නූල් පොටක් නැතුව උන්න නිරුවතක් ඉදිරියෙ මං මාවම හෙව්වා! "ඔයා මොනාද ආදරේ ගැන දන්නේ ? එහෙම දේවල් ඔයාගෙ ලෝකෙ ඇති ඒත් මගෙ ලෝකෙට නෑ" "තමුසේ මාව කෑවා අයිසේ ! තමුසෙට මං සාප කරනවා මකබෑවිලා පලයන් මෙතනින්" එය...