"මහත්තයා වීල් එක ආවා අපි යං"
"හ්ම්...ලීලා ඔයාට මෙවන්ව හම්බෙනවද ලීලා "
"මහත්තයා මෙවන් කොල්ලා එදා ගියා ගියාමයි අද වෙනකං හරි හමන් ලියුං කඩදැහියක් නෑ මහත්තයා....අනේ කොලුවා පන පිටින්ද දන්නෙත් නෑ මහත්තයා"
"ලීලා මේ කොහෙද යන්නෙ ලීලා මගෙ ගෙදර පහු වුනා යකෝ"
"මහත්තයා එහෙ ගෙවල් නෑ මහත්තයා මහත්තයා හිරේ ගියාට පහුවෙන්දාම මිනිස්සු මහත්තයාගෙ ගෙට ගිනි දැම්මා මහත්තයා....රෙදි පිලි ඔක්කොම පිච්චුනා මහත්තයා පන වගේ බලාගත්ත කාර් එක අමු අමුවෙ පුච්චලා දැම්මා මහත්තයා මට අබ රේනුවක දෙයක් කරගන්න බැරි වුනා පොලිසිය ආවෙත් සුනංගු වෙලා හැමදේම සුන්ද්දූලි වෙලා ගියා මහත්තයා "
"අන්තිමට ලීලා විතරයි නේද මට ඉතුරු උනෙ ලීලා"
"මහත්තයා මගෙ දරුවා දෙයියෝ අම්මාට දරුවා මොන වැරැද්ද කරත් දරුවානෙ මා අම්මා මහත්තයා මෙහෙ ඉන්න ඕන්නෑ අපි යමං මගෙ ගමට ...මහත්තයා තරං පෝසත් නෑ තමා ඒත් මට ඇහැකි මහත්යාව බලාගන්න මහත්තයා ...මේ දේවල් මිනිස්සුන්ට ඉක්මනට අමතක වෙනවා මහත්තයා එතකං ගමෙ යං එහෙ උන්ට ඔවා අරංචි නෑ මහත්තය කලබල නොවී ඉන්ඩකෝ "
"හ්ම් මං උබ හිතනවා වයේ පරම්පරාවෙන් ආපි බූදල් කාරයෙක් නෙමෙ ලීලෝ උබලාටත් අන්ත තැනින් ආපු එකෙක්...එහෙව් එකෙ පැලෙ අගු පිලෙ උනත් වැටිලා ඉන්න තරං හයිය එකෙක් මං ....ලුනුයි බතුයි කාලා හරි බඩගින්න නිවා ගන්න පුලුවන් එකෙක් මං ...අනික අවුරුදු හතරක් හිරේ ලැගන් උන්න මට මොන සැපද බං ...අන්තිමට මං උබටම බරක් වෙලා කියලා හිතෙනවා බං ....හිගන්නෙක් ගානට වැටිලා ඉද්දිත් උබ මට මහත්තයා කියනවද බං ....මගෙ නමෙන් කතා කරපං නැත්තං....නැත්තං පුතා කියපං "
"අනේ මහත්තයා- මං කීවෙ මගෙ පුතා පුතාගෙ නරක වෙලාව කියලා හිතපං මා අම්මා ...යං අපි මහත්තයාට කොටුවෙන් අඩුවට ඇදුම් වගෙකුත් ගත්තා ..එවා ඇන්දම මහත්තයාට හැඩට තියෙයි ..."
"හ්ම් "
අවුරුදු හතරට කොච්චර දේවල් වෙනස් වෙලාද කොලබ අස යට අවුරුදු හතරකින් බලන්නෙ මේ ...මේ පාරවල් අස්සං උජාරුවට ගියපු මං අද වීල් එකක ගෙදර වැඩ කරන එකීගෙ අත පල්ලෙ වැටිලා ...උබලා මට කරපු දේ කන බත් පිඩක් ගානෙ විදවන්න ඕනෙ බං ....කුහක හැත්ත මං උබලාව එකා ගානෙ මරලා ආයෙත් හිරේ යනවා ඒක නම්බුයි ...ප# නීතියෙ සාදාරණෙ කෝ මට උබලාගෙ සාදාරණෙත් සල්ලි තියනකං විතරයේ කියලා මගෙ ලෝයර්ම අරුන්ගෙන් සල්ලි අතමිටවමොලව ගද්දීම මං හිතා ගත්තා...වීල් එකෙන් කපාගෙන යන හුලං අස්සෙ අපි ආවෙ කොලබ බස් ස්ටෑන්ඩ් එකට ....රුපියල් දෙසිය පනහක් ත්රිවීල්කාරයාට දික් කරපු ලීලා මාත් එක්කම කොලබ ස්ටෑන්ඩ් එකෙ කොලබ කුරුණෑගල බස් එහෙකට නැග්ගෙ සෙනග එකා දෙන්නා අපි පස්සෙ පිරෙද්දී ...සමහර උන් මං දිහා අමුතු විදිහට බලන්න ගන්න වග තේරුන්නැතිව නෙමෙයි...මට වැඩක් නෑ උන් දන්නෙ පිටින් දුන්න නඩු තීන්දුව මිසක් ඇතුලෙන් ඇවිලෙන අසාදාරනෙ ගිනි පතුරු නෙමෙ...ඒත් මං විශ්වාසෙන් උන්නා කවදා හරි ඒ ගිනි පතුරු ඇවිලෙයි කියලා...
YOU ARE READING
ThE LaSt ChApTeR <slow update>
Phi Hư Cấu"එයාලට මාව රූකඩයක් වගේද මෙවන්" මම ගොලු උනා . ඇගෙ එක නූල් පොටක් නැතුව උන්න නිරුවතක් ඉදිරියෙ මං මාවම හෙව්වා! "ඔයා මොනාද ආදරේ ගැන දන්නේ ? එහෙම දේවල් ඔයාගෙ ලෝකෙ ඇති ඒත් මගෙ ලෝකෙට නෑ" "තමුසේ මාව කෑවා අයිසේ ! තමුසෙට මං සාප කරනවා මකබෑවිලා පලයන් මෙතනින්" එය...