"මොනවා ගැනද"
"උබේ ගෑනි ගැන"
"ඉතින්?"
"උබට මාත් එක්ක තරහක් නැද්ද .මං එකීට උබ ඉස්සරහම බැනපු එක"
"හ්ම්ම්"
"එච්චරද? හ්ම්ම් විතරද?"
"මං කද්දී කතා කරන්නෑ ආශික්ය."
"ඉතින් මට උබ කද්දී කතා කරන එක නොකරන එක අදාල නෑ මං ඇහුව දේට උත්තරයක් ඕ- මෙ-මෙවන්"
කෑම මේසෙ අපි විතරක් වෙද්දී උත්තර නොලැබුනත් මං ඌගෙන් දිගටම ප්රශ්න කරා .කද්දී කතා කරන්නෑ කියපු ඌ පිගාන එතනින් තියලා නැගිට්ටෙ කලා ඉවරයි කියන එක ඉගි කරන ගමන් උනත් මට ඕනෙ උනෙ උගෙන් උත්තරයක් .බදින්න ඉන්න ගෑනු ලමයාට අච්චර කුනු වේස බැනුම් බනිද්දි උගෙ වෙන්ඩ මිනිහා උන මෙවන් ඒ විදිහට කොන්ද පන නැතුව බලන් ඉන්න එකෙක්ද කියලා මට දැන ගන්න ඕනෙ උනත් ...මං හිතන්නෙ මං සීමාව පැන්නා.මුලු කෑම කාමරේම ඇහුනෙ පිගන් වැටෙන සද්දෙ විතරක් වෙද්දී මට හිතුනෙම පැනලා දුවන්න අත හෝදන්න තියපු වීදුරු බාජනෙ උගෙ අතින්ම විසික් වෙලා වතුරත් එක්කම බිම දිගෙ ගාලාගෙන ගියෙ මගෙ ඇස් ඉබේටම පියවෙද්දී...බෙදාගත්ත බත් එකෙන් කටවල් දෙකක් ඌ උපරිම කන්න ඇති පිගාන කෑලි කෑලි විසි වෙලා ඉදුල් බිම දිගෙ ඉහිරිලා ඒ කිසිම දෙයක් ගැන ඌටවත් මටවත් නෙමෙ ගානකටවත් ගියෙ ...
"ඇයි? ඇයි මං උබට උත්තර දෙන්න ඕනෙ කියපං මට එක එකම එක සාධාරන හේතුවක් කියපං ආආ ...මං ඉවසුවා ආශික්ය මං උබට අවස්තා ලිමිට් එකක් නැතුවම දුන්නා උබ අද හැදෙයි හෙට හැදෙයි ....මං වැරදියි උබ මකවලවත් හදන්න පුලුවන් එකෙක්නං නෙමෙයි...ඔව් උබ මං බදින්න ඉන්න කෙල්ලට බැන්නා ...මං කට වහන් හිටියා...ඒක මඛෙ කොන්ද පන නැති කම කියලා උබ හිනවනං උබ හැමදාම වගේ අදත් වැරදියි...උබ දන්නවා උබ එකීට බැන්නට උබ හොදටම දන්නවා උබ වැරදියි කියලා ...මං ඒකටත් සමාව දෙන්න හිත හදාගද්දී උබ කන වේලාවෙත් ඒකම මගෙන් හාර හාර අහලා උත්තර හොයනවා උබට අමතක උනා අනිත් උන් වගෙ මං උබ අහන හැම මගුලටම උත්තර දෙන්න තරං කොන්ද පන නැති එකෙක් නෙමෙයි කියලා ...උබ මගෙ බොස් ඒක හරි උබ දෙන පඩියෙන් මං කාලා ඇදලා ඉන්නවා ඒකෙ ගුනෙ තියන්න ඕනෙ හින්දා තමා යකෝ මං උබට මගෙ බදින්න ඉන්න ගෑනිට බැන්නත් ඉවසන් හිටියෙ ...ෂිට් ඇත්තටම ආශික්ය මං දන්නෑ උබ මොනාද මගෙන් බලාපොරොත්තු වෙන්නෙ කියලා...මං දන්නෑ උබ මාව අස් කරයිද නැද්ද කියලා ... ඒකනං උබෙ තීරණේ මං ඒකටත් ලෑස්තියි"

YOU ARE READING
ThE LaSt ChApTeR <slow update>
Non-Fiction"එයාලට මාව රූකඩයක් වගේද මෙවන්" මම ගොලු උනා . ඇගෙ එක නූල් පොටක් නැතුව උන්න නිරුවතක් ඉදිරියෙ මං මාවම හෙව්වා! "ඔයා මොනාද ආදරේ ගැන දන්නේ ? එහෙම දේවල් ඔයාගෙ ලෝකෙ ඇති ඒත් මගෙ ලෝකෙට නෑ" "තමුසේ මාව කෑවා අයිසේ ! තමුසෙට මං සාප කරනවා මකබෑවිලා පලයන් මෙතනින්" එය...