22

102 17 5
                                    

"අම්මෙඑඑඑහ් බඩගිනි!"

"මොකද යකෝ බෑගිරි තලන්නෙ ඉදිං තාම බත ලිපෙ ...මයෙ අම්මෙඑඑඑ කොහෙද බං උබ රිංගුවෙ බලපං බලපං ඇදුමෙ තියෙන මඩ ගොඩ....පලයං අප්පච්චි ගිහින් මූන කට හෝදගනිං ...හප්පෙඑඑ මේ බලපංකෝ දාඩිය...කො කො පලයං ගිහින් හෝදගනිං"

"හරි හරි අනේ අපේ අම්මා ඕම හූල්ලද්දි බයත් හිතෙනවා නැද්ද  සුදු නෝනා ...බත් බෙදලා තියන්ඩෝ "

"අනේ මයෙ කට දැක්කනෙ  මේකට ලැජ්ජා නෑ කොහෙ රිංගලා එනවද මංදා මටනං බෑ මේකා එක්ක වසන්න පේනෙද දඩාරිකම මුගෙ ....අපේ අම්මා අර අයියාට මේවා කන්න ඇහැකිද මංදා නේද "

"අනේ මංදා බං මාත් හිතුවෙ ඕකමයි ...ගෙදර දොරෙ මස් මාලු කෑල්ලක්වත් නෑ බං ...හිතට හරි නැතුවා බං උන්ලා අපි වගේ සම්බෝලයි බතුයි කයිද මංදා නොකෑවොත් කිරි ඩිංගක් හදලා විස්කෝතු ටිකක් දෙන්න කියලා බැලුවෙ බං ...හෙට දිහාට හොදට උයලා දෙනකං"

"ඒම හොදා ...හෙට අම්මා  වැඩට යනවද ..."

"ඕ බං අදත් නිවාඩු පිටනෙ උන්නෙ තව දවස් නැවතුනොත් මාසෙ අන්තිමට පඩිත් නෑ බං ....මේ මං සල්ලි දෙනකං උබට පුලුවන්ද හෙට මස් පන්සීයක් ගේන්ඩ පඩි ගත්තාම සල්ලි දෙන්නං මං උබට ....ඔය හැටි පොතටම ඉල්ලන්ඩ බෑ බං ...පඩි ගත්ත ගමන් ඒවා පියවලා දාන්ඩ ඕනෙ නැත්තං සැනසීමෙ බුදියගන්න බෑ බං මට "

"සල්ලි  ඕනෑ නෑ අපේ අම්මා මං ගේන්නං හෙට මගෙ පඩි දවස හින්දා මං බැලුවෙ කඩේ පොතෙ ණය ටික පියවලා දාන්ඩ කියලා ...කුමාර අයියා කඩෙ ලගින් යද්දී අදත් කුනු කුනු ගෑවා පොතෙ ණය පියවපං කියලා ....මං කියලා ආවා හෙට දෙන්නං කියලා "

"උන්ලාගෙ වරදකුත් නෑ බං එකාතකට ගමෙ බාගයක් උන්ගෙන් ණයට බඩු පොදි ගත්තාම කෝ උන්දැට ලාබයක් ...ඔන්න ඔක පියවලා දාපං සුදු නෝනා  කනක් ඇහැලි ඉන්න ඇහැකි"

"ඒක තමා අපේ අ- මේ මොකද යකෝ මේ උපන් ඇදුමෙන් සුදු අප්පච්චි පලයං ගිහින් ඇදුමක් දාගනිං ...සික් මේ මොන හිරිකිත වැඩක්ද යකෝ මේ ඕම කුස්සියට එනවද මගෙන් ගුටි නොකා පලයං ...දෙයියනේ මයෙ අම්මෙ මයෙ පපුව ...."

"අනේ පලයං බං උබ දැකලා නැතුවද මං මෙහෙම ඉන්නවා බොරු මරිසි උබෙ ...ඇග හෝදද්දි  සරම  අරං යන්න අමතක උනා ඉතිම් උබ කියන්නෙ අල කොල වලින් වහන් එන්ඩ කියලද බං ...මේම හරි ආව එකට  සතුටු වෙයල්ලා....

ThE  LaSt ChApTeR   <slow update>Where stories live. Discover now