"සුදූ කෑම එක "
" කෝ දෙන්න.! පරිස්සමින් ඉන්න මං යනවා චූටි පුතු අම්මිට වද දෙන්නැතුව ඉන්න ඕනෙ හරිද මගෙ හොද පුතු නේ"
"යන්න හිතක් නැතෙයි චූටි පුතුගෙ තාත්තට දැන් පරක්කුයි කියලා නේද බෙරිහන් දුන්නෙ ඈ"
"හරි හරි මං යනවා පරිස්සමෙන් "
"සුදූත් පරිස්සමෙන්"
අපේ කසාදෙට අවුරුදු දෙකක් ඒ දවසින් පස්සෙ මගෙ ජීවිතෙත් කන පිට හැරුනා හැබැයි හිතපුවත් නැති දේවල් එක්ක ඒකත් හොදම විදිහට රශිපබා මේදාවි වර්ණකුලසූරිය මගෙ බිරිද උනා මෙවන් ලක්දීශ් අදිකාරිගෙ නීත්‍යානුකූල බිරිද උනෙ හරියටම මීට අවුරුදු දෙකකට කලින් ඊයෙට අපි බැදලා අවුරුදු දෙකකටත් කිට්ටුයි කිතුසරි රසන්යා අධිකාරි අපේ දූ පැටියා රශිගෙ බඩට ආපු දවසෙම තමා මගෙ ජීවිතෙ හැරවුම් ලක්ෂෙ උනෙ ඒ හැගීම මට දැනුනා පලවෙනි වතාවට තාත්තා කෙනෙක් වෙන්න යන එ හැගීම එක්ක මං මුලු පවුලෙම බර කරට අරන් අපේ දූ පැටියාගෙ අනාගතෙ වෙනුවෙන් දවල් රෑ නොබලා වැඩ කරේ දූ පැටියට හොද අනාගතයක් හදලා දෙන්න මට ඕනෙ උන නිසයි...කුරුණෑගල කනෝටුව බස් එකකට ගොඩ උන මම ගෑනු කෙනෙක් ලග තිබ්බ හිස් ඉඩෙ ඉදගත්තෙ කොන්දොස්තරට රුපියල් පනහෙ නෝට්ටුවක් දික් කරන ගමන්
"මහත්තයා කොහෙටද?"
"බස් ස්ටෑන්ඩ් එකට"
මං එහෙම කියන ගමන් විඩෙන් විඩෙ පිරෙන සෙනග අස්සෙන් ආයෙත් මගෙම ලෝකෙකට අඩිය තිබ්බා ..ඒ සිද්දිය මට මතකයි අද වගේම අවුරුදු හතරකුත් ගෙවිලා දන්නෙම නැතුව ආශික්ය දෙව්මති වර්ණකුලසූරිය උබ හිරෙන් නිදහස් උනාවත්ද ...විත්ති කුඩුවෙදී මා දිහා බලන් හිටපු ඒ ඇස් දෙක තාමත් මට හීනෙන් පේනවා කීවොත් උබ විශ්වාස කරනවද කියපං මට ...ඒ තරං අසරන බැල්මක් මං උබෙන් දැකලා නෑ බං ....ඒත් මට කරන්න දෙයක් ඇත්තෙම නෑ ඒ උබ විහින් කරගත්තුවයෙ දඩුවම් උබ දංයියොන්ගෙ පඩුපුල උනුවෙනකං උන්නට උබ කරපුවාට දෙයියොන්ට පවා හීල්ලුනා බං උබ තනිකර යක්ෂයෙක් ඉතින් උබ කියන්නෙ උබ හරි කියලද ...මට දුකයි උබ ගැන උබෙ තරුන කාලෙ උබම කාලකන්නි කරගත්තා....සල්ලි පස්සෙ දිව්ව උබට අමතක උනා කෙලෙහි ගුන ...උබ හෙව්වෙ සල්ලි විතරක්ම වෙද්දී දවසින් දවස එක එකා එක්ක බුදියලා උබව බල්ලෙක් වගේ ඇද උඩ දාලා යද්දී මංම කී සෑරයක් උබෙ හෙලුව වහන්න ඇතිද ...මං දැන දැනමයි උබෙ නංගිට ආලෙ කරේ ...මට ඕනෙ උනා සල්ලිවලට හැමදේම පුදන්න තරං සක්කිලි පිරිමියෙක් නෙමෙ කියලා උබට ඔප්පු කරන්න...ඒ අස්සෙම උබෙ නංගි ගැන නොහිතපු විදිහට ආල හැගීම් මතු උනා ...ඒකයි ඇත්ත ...ඒත් උබට උබට අන්තිමට මොකද උනේ කූඩුව කූරු නගින්න විතරයි ...
YOU ARE READING
ThE LaSt ChApTeR <slow update>
Non-Fiction"එයාලට මාව රූකඩයක් වගේද මෙවන්" මම ගොලු උනා . ඇගෙ එක නූල් පොටක් නැතුව උන්න නිරුවතක් ඉදිරියෙ මං මාවම හෙව්වා! "ඔයා මොනාද ආදරේ ගැන දන්නේ ? එහෙම දේවල් ඔයාගෙ ලෝකෙ ඇති ඒත් මගෙ ලෝකෙට නෑ" "තමුසේ මාව කෑවා අයිසේ ! තමුසෙට මං සාප කරනවා මකබෑවිලා පලයන් මෙතනින්" එය...