එදින සවසද පන්ති තිබුණු හෙයින් මෙනුශිත්‍යා නැවතත් මෙන්ටො සෙන්ටර් තුළය.සඳලුතලයේ පසෙකින් හිදසිටි ඇය ප්‍රවේශ පත්‍ර ලකුණු කරනා ස්ථානයේ සිටින ධීරගේ සහ විනූශගේ යෙහෙළියන් දෙස බලා සිටියාය.
" කොහෙටද අතුරුදහන් වෙන්නේ..හොයන්න ගිහින්ම මගේ අතපය ගැලවෙනවා.. "
" මොකටද හොයන්නේ?.. "
" අනේ කෑගහන්න එපා..රිදෙනවා.. "
" මොකද්ද ප්‍රශ්නේ?.. "
" අරූ ගැහුවනේ! මට රිදෙනවා අප්පා..තිරිසනා මට සතෙක්ට ගහනවා වගේ ගැහුවේ.. "
" ඇයි ඔයත් නිකන් හිටියද? ඔයා බබාද!! "
" ප්‍රශ්නමයි අහන්නේ.. "
ධීර පැමිණ මෙනුශිත්‍යා අසලින්ම හිඳගෙන බංකුවට හේත්තු වී දණහිස් දෙක උඩින් අත් තබා හිස අත් දෙකේ ගසාගත්තාය.මෙදිනට පෙර කිසිදු දිනක ධීර මෙතරම් ළඟින් මෙනුශිත්‍යා සමග හිදගෙන නැත.
" පැනඩෝල් මොකුත් බීලාද ඉන්නේ? ඔළුව කැක්කුමද? ඇඟ රිදෙනවා නම් ගෙදර යන්න තිබ්බනේ..මොකටද පැනගෙන ආයේ ක්ලාස් ආවේ.. "
" අර මට දුඹුරු පාටින් ලියුම් එවන කෙල්ලව බලන්න ආවේ!! ඒ ආවාහම ඒ කෙල්ලත් බනිනවා ඉවරයක් නැහැ.. "
" නොබැණ ඉන්න පුළුවං වැඩද කරන්නේ? මොනාද අනේ බස් හෝල්ට් වල ගහගන්නේ? ඔයාලා නිකන් රස්තියාදුකාරයෝ වගේනේ.. "
" හහ්! ඇයි එහෙම නෙමේද? ඔයා දන්නෑ ආශ්වී..ඕකයි මායි අමු රස්තියාදුකාරයෝ දෙන්නා..වෙනදට ඌ මට ගහන්නේ ගෙදරට ඇවිත් හෝ උන්ගෙ ගෙදර ගියහම.. "
" මොකටද රංඩු වෙන්නේ?.. "
" කවුද දන්නේ..ඌට හිතුනම ඌ ගහනවා.එවෙලෙට මම ගුටිකනවා ඉතින්.. "
" පුදුම ඒවා තමා.. "
මෙනුශිත්‍යාගේ මුහුණේ තවමත් සුපුරුදු රැවිල්ල එලෙසටම තිබුණු අතර ධීර ඇය දෙස බලා සිනහ විය.ඔවුන්ට ඉදිරියෙන් ඇති ඔවුන්ගෙ සෙවණැලි දෙස බැලූ මෙනුශිත්‍යා ඒ දෙස බලා සැනසුම් සුසුමක් හෙලන්නට විය.
" අත ඉස්සරහට දික් කරලා වෙන පැත්තක් බලාගන්න.. "
" මොකටද?.. "
YOU ARE READING
-වීදුරු මල්- |GxB ✅
Non-FictionSTRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්‍යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13