" අද මොකෝ මෙතන?.. "
" ඔයා එනකම් හිටියේ.. "
මෙන්ටො සෙන්ටර් හි ඇහැළ ගස දෙසට හැරී කල්පනාවේ ගිලී සිටි ධීර පියවි ලෝකයට පැමිණියේ මෙනුශිත්යාගෙ හඩිනි.හරිත වර්ණය ගැබ්වුනු ඒ දෙඇස් වලට දහවල් හිරු කිරණ පතිත වී තිබූ අතර මෙනුශිත්යා මොහොතකට ධීරගේ දෑස් වල අතරමං වුණි,සුපුරුදු ලෙසම වශී වුණි.අන් දින වලට මෙනුශිත්යා ප්රථමව මෙතනට පැමිණියද අද ඇයට පෙර ධීර පැමිණ සිටියේය.
" කවදද ආයෙ ස්කෝලේ යන්නෙ?... මම හෙට යනවා.. "
" නොකියා කියන්නෙ යන්න කියලනේ.. "
" තේරුණා නම් ලොකු දෙයක්.. "
ධීරගේ හැසිරීමට මෙනුශිත්යාට ඇය සමගම සිනහගිය අතර ධීර ඈ සිනහ වන දෙස බලා සිටියේ මද සිනහවක් තොල් අතරට නගා ගනිමින් ය.ඔවුන් දෙදෙනා මෙන්ටො සෙන්ටර් ආයතනයෙන් පිටතට පැමිණ පදික වේදිකාව ඔස්සේ ඇවිද යන්නට වූ අතර අතරින් පතර හමුවන තම තමන්ගේ මිත්රයින්ගේ විහිළු තහලු වලටද ලක් විය.
" සඳුදා ක්ලාස් ආවේ නැත්තේ ඇයි?.. "
" අරූව එයාපොට් දාන්න ගියා.. "
" කාවද... නේරාද් ව?.. "
" හ්ම්ම්.. "
" එයා ගියාද.. "
මෙනුශිත්යා හට මද වේලාවකට කාලය නැවතුනා මෙන් දැනුනි.විනූශගේ සමුගැනීම සිදුවන්නට තිබූ දෙයක් වුවද ඔහු කිසිදු පණිවිඩයක් නොතබා පිටත් වෙවී යැයි මෙනුශිත්යා නොසිතුවාය.
" ටික දවසකින් එන්නම් කිව්වා.. විශ් ගියේ නැත්තං අර කෙල්ල මෙහෙ එනවා කියලා.. "
" ආ.. කොහොමත් ඒක වෙනස් වෙන්නේ නැති තීරණයක් නම් හිත හදාගන්න එක හොද නැද්ද?.. "
" අපිට කියන්න ලේසියි ආශ්වී.. ඒක උගේ ජිවීතේ! ඉපදෙද්දිම අනාගතේ ප්ලෑන් වෙලා තියෙද්දි ඌ ඉන්නේ මොන පීඩනෙකින් වෙන්න ඇතිද කියලා ඔයාට හිතාගන්නවත් පුළුවන්ද.. ? "
YOU ARE READING
-වීදුරු මල්- |GxB ✅
Non-FictionSTRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13