-13-

169 17 24
                                    

" විශ්!! උබත් එකක් කියමු කොල්ලෝ..සින්ගර්ස්ලාව අපතේ යවන්න බෑනේ.. "

ඒ හශේන්ගේ හඬයි.හදිසියේම විනූශගේ දෑස් සතුටින් බබලන්නට විය.ඔහුගේ මුහුණ සිනහවකින් පිරුණු බව වටවී සිටි සියලුම දෙනා හදුනාගත්තෝය.

" මොකද්ද හොද ඉතින්? රික්වෙස්ට් කරන එකක් එහෙම තියේද?.. "

" එහෙම එකක් නම් කාටවත් නෑ මං හිතන්නේ..උබ කැමති එකක් කියපන්.. "

" තනියම නම් බැහැ..ධීරට පුළුවං නේ අදත් මට සප් එකට එන්න?.. "

විනූශ කරන්නට සූදානම් වෙන්නේ කුමක්දැයි කිසිවෙක්ට නොතේරුනි.විනූශගේ සහ ධීරගේ මේ දිනවල හැසිරීම මදකට හෝ දැන සිටි දුලාන් සහ ශේසන්‍යා ද මුහුණට මුහුණ බලාගත් අතර ඔවුන් දෙදෙනාගෙම මතකයට නැගුනේ අතීතයේ ඔවුන්ගේ අධ්‍යාපන ආයතන තුලින් රැගෙන ගිය චාරිකා වලදි විනූශ මෙනුශිත්‍යාට ඇසෙන්නට ගී කියූ ආකාරයයි.ඒ දිනවලද ධීර ඔහුට අමතර සහයක් ලබාදුන්නද විනූශ බොහෝ විට සහයකින් තොරව ගී ගයන ලදී.

" ඔෆ් කෝස් බොසා!! අදාල තැන් වලදි සිග්නල් එක දෙනවා නම් මම සතුටින්.. "

කිසිදු ප්‍රශ්නයක් සිදු නොවූ අයුරින් ධීර පිළිතුරු දුනි.අතීතයේ සිටම හදිසියෙන් වුවද හැඟීම් හංගා ගැනීමට ධීර සතුව සුවිශේෂී හැකියාවක් තිබුණු බව මෙම මිතුරු සංසදය තුළ නොරහසකි.

"ඇස් පියෙන් අදී කෑලි කැපෙන රළු රාත්‍රියේ
කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ...
එය පමණක් ශේෂය වී නම් පුර්වාත්මයේ...
ඔබ ගැවසෙන මා සිත අවිනීතයි,
අවනත නැති නෙතටද අවිවේකයි,
හුදෙකලාව අවනඩුවක්,ගෑණු ළමයෝ..."

ගිටාරය අතට ගෙන මෙනුශිත්‍යා දෙසට වරින් වර බැල්මන් පා සිනහ යුතු මුහුණෙන් යුක්තවම විනූශ එම පද පේළි ගයා අවසන් විය.

"ඔබ ඇපල් මලක් වාගේ...
ලස්සන වසන්ත කාලේ...
මට හදිස්සියෙන් වාගේ...හමු වූ..."

අන් දිනවලට වඩා වැඩි ආකාර්ෂණයක් යුක්ත වූ ධීරගේ කටහඬ එසෙ අවදි විය.

"පායන්න දෑස මානේ...උණුහුමට ගින්දරී
ගෙනියන්න මාගේ ගානේ...මේ හිතම සුන්දරී
දිගු දෑස බැල්ම ඔබගේ...
ඇයි සොඳුරු ඔය හැටි..."

-වීදුරු මල්- |GxB ✅Where stories live. Discover now