වේලාව උදෑසන පහයි තිහ වීමට තව මිනිත්තු කිහිපයකි.දසතින්ම අදුර පැතිරී තිබියදීත් මෙන්ටො සෙන්ටර් අධ්‍යාපන ආයතනයේ උසස් පෙළ දේශපාලන විද්‍යාව පන්තිය ආරම්භ වීමට පැය භාගයක් පමණක් ඉතිරි වී තිබුනි.දේශපාලන විද්‍යාව ළමුන් ට වෙන් වී තිබුනේ එහි පැරණිතම ගොඩනැගිල්ලේ දෙවැනි තට්ටුවේ තිබූ ශාලාවයි.එහි තරමක් විශාල සඳලු තලයකි.සඳලු තලය පිටත අයට එතරම් පැහැදිලිව නොපෙනුනද එහි සිට බලන අයෙක්ට මෙන්ටො සෙන්ටර් හි ප්‍රවේශ පත්‍ර ලකුණු කරන ස්ථානය හොඳින් පෙනේ.කළු අත් දිග කමිසයට කළු පැහැතිම ඩෙනිම් කලිසමක් ඇද තරමක් වවන ලද කොණ්ඩය අතරින් අතක් යවමින් සිටින ඒ මෙන්ටො සෙන්ටර් හි කුමාරවරුන් ගේ නාමාවලියට ඇතුළත් වූ කොළ පැහැති දෑස් යුගලයේ හිමිකරු වූ ධීර සෙනෙහස් අදුර අතරින්ම පෙනෙන ඒ රුව හඳුනාගැනීමට වෙනමම උත්සාහයක් දරමින් සිටියේ ඔහුගේ මිතුරන් ගේ හඬ දසතින් ඇසෙද්දීය.තවම උදේ පහයි තිහ වුවද මේ වනවිටද මෙන්ටො සෙන්ටර් ආයතනය ළමුන්ගෙන් පිරුණි.
" අඩෝ අන්න ගිය සැරේ පේපර් එකෙ ලකුණු දාලා.. "
" සදමාලිගේ ආච්චිට!! මට නම් පනහක් තිබ්බොත් ලොකු දෙයක්.. "
" ලොජික් පේපරේ නම් හැමිනුනා දෙයියො... "
" ධීර වරෙන් ලකුණු බලන්න යන්න.. "
ශාලාවේ එහා කොණක රැඳී තිබු සුදු පැහැති බෝඩයක නම් සමග ලකුණු ලියූ කොළ කිහිපයක් ආයතනයේ සේවය කරන අයෙක් විසින් අලවා යන අයුරු ධීරද බලා සිටියද ඔහුගේ සිහිය රැඳී තිබුනේ ප්‍රවේශ පත්‍ර ලකුණු කරන ස්ථානයේ සිටින දුඹුරු ඇස් යුවතිය වෙතයි.ඔහු කිසිදා නොකරන අයුරින් එම යුවතිය සමග සිනහ විය.ඇයද ඔහුට ආපස්සට සිනහවකින් සංග්‍රහ කළාය.ධීරගේ මිතුරන් සමග ඔහුත් දේශපාලන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ලකුණු බැලීමට ගියහ.
" අම්මටහුඩු..තොට අදත් අසූවක් තියෙයි.."
" බලපන් විනූශට කීයද කියල.. "
" ඌට හැත්තෑවක් තියෙනවා..මෙනුශිත්‍යා ට අසූ හයක් තියෙනවා.. "
" එයාගෙ නම් ලේ වල දුවන්නෙත් පොලිටිකල්.. "
එතනම ගොඩ ගසා තිබූ ප්‍රශ්න පත්‍ර තුළින් මෙනුශිත්‍යාගේ ප්‍රශ්න පත්‍රය සොයාගෙන එයද රැගෙන ධීර පඩිපෙළ අසලට ගියේය.මෙනුශිත්‍යා ඇගේ තවත් මිතුරියක් සමග උස් හඩින් සිනහ වෙමින් පඩිපෙළ අසල සිටියාය.
YOU ARE READING
-වීදුරු මල්- |GxB ✅
Non-FictionSTRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්‍යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13