" මං ආදරේ බව දැන දැනම මෙච්චරකල් මට ඒකට සපෝට් කරපු උබ එයා එක්ක සෙට් උනොත් මං උබට ගහයි..හැබැයි තරහා නිවුනම උබට බෙහෙත් දාන්න එක්ක යන්නෙත් මම ම වෙයි..උබව හොස්පිට්ල් ඇඩ්මිට් කරොත් ළඟ ඉන්නෙත් මං වෙයි.. "
" මං දන්නවා.. "
" නුශී මට නිකන්ම නිකන් කෙල්ලෙක් නෙමෙයි බං! ඒ මගේ ෆස්ට් ලව් එක..කලකිරිලම අත හැරියොත් මිසක මට හිත හදාගන්න අමාරුයි මිනිහෝ..තේරුම් ගනින් "
" මට තේරෙනවා.. "
" මං බොන්න නෙමෙයි හිටියේ මගුල!! අර දුලානයා මට පෙව්වේ නැත්තං මං අද මලත් බොන්නේ නෑ කියලා ආවේ..දැන් බලපන්,මං කොහොමද නුශීට මූණ දෙන්නේ?.. "
" එයාට ගාණක් නැහැ..කොහොමත් උබයි මායි කරටි කැඩෙන්න ගහන බව එයා හොඳට දන්නවනේ..අනික උබට වැඩි නෑ..යස අගේට කෙලින් ඉන්නේ.. "
" මේ අහපන්කෝ..කෙල්ලෙක් නිසා මරාගන්න ඕන නෑනේ අපි.මං උබට අද රෑ දෙනවා.පුළුවං විදිහකට කන්ෆෙස් කරපන්..හැබැයි තෝ මං යන පාරේ එන්න එපා.. "
" මට ඉවෙන් වගේ තේරෙනවා..අමතකද මං උබේ හොදම යාළුවා! ටෙලිපති නැති උනාට දැනගනින් තෝ යන පාරෙම තමා මමත් එන්නේ... "
" ආ එහෙමද මල්ලි..එහෙනම් අද අපි බැට්ල් එකක් දාමු..මන් යන පාරේ වරෙන්කෝ..ඇවිත් බලපන් ආස හිතෙයි.. "
" අපි බලමුකෝ.. "
දහවලේ පිටත් වෙනවා යන අදහසින් පැමිණියද අදාල ස්ථානයට පැමිණි පසු එහි රාත්‍රිය ගත කර යෑමට සියලු දෙනාට සිත් පහළ විය.මෙනුශිත්‍යා නම් ගෙදර නොයන්නේ යැයි අදහසකින් පැමිණියේ පෙරදින රාත්‍රියේ විනූශගෙන් ලැබී තිබුණු කෙටි පණිවිඩය නිසායි.
" රෑට නැන්දලගේ ගෙදර ඉන්න පුළුවන්ද? මට ඔයා එක්ක කතා කරන්න දෙයක් තියෙනවා.. "
" ඔයා කොහොමද ගෙදර යන්නේ?. "
" මං වෑන් එකෙ එන්නෙ නැහැ..බයික් එකෙ එන්නෙ.. "
" හරි.. "
දිය ඇල්ල අසල දහවලම ගත කළ ඔවුන් නවාතැන්පොළට පැමිණියේ හවස හයට පමණය.ඔවුන්ගේ වාසනාවකට මෙන් එදින එම නවාතැනෙහි එතරම් පිරිසක් නොසිටි අතර එනිසා නිතිලගේ සහ දුලාන්ගේ අදහසින් යුතුව එළිමහනේ ගිනි මැලයක් දැල්වීය.ගිනි මැළය දැල්වීමට ඔවුන් තෝරාගන්නා ලද ස්ථානය තුරු සෙවණ නොමැති අහස පැහැදිලිව පෙනෙනා ස්ථානයක් විය.අඩ සද පිරිවරාගෙන පෑයු තරු දහස් ගණනින් ගිනි මැළය වටා හිද සිටින පිරිසට පෙනෙන්නට විය.එය කුඩා කන්දක් වැනි ප්‍රදේශයක් මුදුනේ තනා තිබු නවාතැනකි.ඇල්ලට නුදුරින් තිබූ මෙහි මායිම් වල වැටවල් බැද තිබුනි.ගිනි මැලයට නුදුරින් ඇති ස්ථානයක වැටට බර වී විනූශ සහ ධීර ඔවුන්ගේම සාකාච්ජාවක නිරත වී සිටියේ ඔවුන් දෙසට යොමුවෙන අන් අයගේ ඇස් බැල්මවල් නොතකාය.
YOU ARE READING
-වීදුරු මල්- |GxB ✅
Non-FictionSTRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්‍යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13