-09-

188 26 20
                                    

එදින තවත් එක්තරා දේශපාලන විද්‍යා පන්ති දවසකි.

" විනූශ... "

" ආ ශේසූ..කොහොමද බන්?? මේ ටිකේම උබව හම්බෙන්නත් බැරි උනා..කොහොමද දේශාන් එහෙම හොදින් ඉන්නවද?.. "

" උබට ඒ ටිකට අමතක උනාද? දේශාන් මාත් එක්ක බ්‍රේකප් වෙලා මාස දෙකක් දැනටමත්.. "

තම යතුරුපැදියට බර වී එක් අතක දුරකථනය රදවාගෙන එහි පින්තූරයක් දෙස බලා සිහින් සිනහවක් දෙතොලේ රදවාගත් විනූශ දෙස බැලූ ශේසන්‍යාට ඔහු නරඹනවා ඇත්තේ කාගේ පින්තූරයක් ද යන්න සැනෙකින් වටහාගත හැකි විය.තමා ට සහ තමාගේ පෙම්වතා හට තිබූ සම්බන්ධයද අවසන් බව විනූශට අමතක වූයේ ඔහුගේ සිහිය එම පින්තූරයේ සිටි ගැහැණු ළමයා අසල රැදි සිටී තිබුනු නිසා වන්නට ඇතයි ශේසන්‍යාට සිතුනි.

" අඩෝ..සමාවෙයන් මචන්..මට මීටර් එකක් උනේ නෑ ලොකුවට..පෙරේදාත් උබලා කතා කරනවා දැක්කා මම සමාධිය ලග.. "

" ආ ඔව්..පාරේ යද්දි හම්බෙලා කතා කරා එයා... "

" ඉතින් ඉතින්..මොකද මේ තනිබංගලමේ රස්තියාදුකාරයෝ හම්බෙන්න එන්නේ.. "

" මට උබ මගේ යාලුවා මිසක රස්තියාදුකාරයෙක් නෙමෙයි..මම උබෙන් අහන්න ආවේ ධීරට මොකද්ද නුශී එක්ක තියෙන සම්බන්දේ? උබ උන් දෙන්නා ගැනම දන්න බව මම හොදටම දන්නවා..මට තවත් බොරු කරන්න ලෑස්ති වෙන්න එපා විනූශ.. "

" ආ..උන් අතර එහෙම ලබ්බක් නෑ බන්..ධීරට පුලුවන්ද මට බොරු කරන්න?..ඒ දෙන්නා එකට ඉන්නවා ඇත්තේ කැන්ඩි වලදි නිතර මීට් වෙන නිසා වෙන්නැති.. "

" එතකොට ඒ දෙන්නා විතර තනියම කොළඹ ගියපු එක? එදා දෙන්නම පන්සල් ගිහින් තිබුනු එක? උබ කියන්නේ ඒවාත් උන් යාලුකමට කරපුවා කියලද?.. "

" මං කිව්වනේ එකපාරක්..ධීර මට බොරු කරන්නේ නැහැ..මට ඌව විශ්වාසයි..නුශී මට වඩා ධීරට කැමතී..ඒක කොහොම කැමැත්තක්ද කියලා මම දන්නේ නැහැ..නුශීගේ හිතේ මොනා තියෙනවද කියලත් මං දන්නේ නැහැ,ඒත් ධීර මගේ එකෙක්..ඌ මට පිටුපාන්නේ නැහැ.. "

" හා..කොහොමහරි උබේ එකෙක්ම උබට කෙලෝලා ගියාම තේරෙයි... "

" එකවසරේ ඉදන් ඌ මා එක්ක ඉන්නේ..පහේදී ඌ කැන්ඩි ගියා උනාට අදටත් මගේ ඕන දේකට කියපු ගමන් එන්නේ ඌ විතරයි.ධීර සෙනෙහස් කියන්නේ සහෝදරයො නැති මට සහෝදරයෙක් වගේ..! මිනිහා ජිවීතේට මට බොරුවක් කරන්නේ නැහැ.. "

-වීදුරු මල්- |GxB ✅Where stories live. Discover now