විනූශ අවන්හල තුළට ගොස් මෙනුශිත්‍යා අසලින් හිදගත්තේ අතෙහි එක් පොතක් තබාගෙනය.ධීර අසල සිටින විට දිස්නේ ගසන දෑස් වල හිස්බවක් තැවරී ඇති බව වටහාගත් විනූශගෙ රත් පැහැ හැරුනු ඇස් වල කලකිරීමක සේයා හටගත්තේය.
" වෙනදා වගේම තමා අදත් මේ කෝපිහල හරිම රස්නෙයි නේද?.. "
" ඔව්..අදත් එහෙමයි.. "
" කවදාවත් ඉතින් වෙනස් වෙන්නේ නැතිවෙයිද?.. "
" වෙනස් වෙයි කියලා හිතෙනකොටත් ආසයි..ඒත් බයයි.. "
" ආසයි බයයි එහෙමද??.. "
" ඔව් නේ..ආ මං මේ කියන්න හැදුවේ මේක ටික කාලෙකට කලින්.. "
" මොකද්ද?.. "
" නෑ එදා අර කිව්වේ...
මං අහන්නේ මගේ ආසම මල ඔයාටත් පරවෙන්නම ඕනද කියලා?.. "" ඔව්.. "
" ඉතින් මං කියන්නේ..,
නොරිකෝ මේ මල නුඹට..මම නැතත් තව මල් පිපෙනවා හෙටට.. ! "අතක සගවා තබාගෙන සිටි සුදු පිච්ච මලක් විනූශගේ අතින් තබා මෙනුශිත්‍යා කිසිදා නොමැති අයුරින් විනූශ සමග සිනහ විය.
" ඉතින් නේරාද්...අපි දෙන්නම මල් එකම ගෙවත්තේ පිපුණු..වෙනසට තියෙන්නේ,මම රෝස නම් ඔයා කඩුපුල්.. "
" මට තේරුනා...යකඩ නටු නැති හින්දද ගගේ ගහගෙන ගියේ?.. "
මෙනුශිත්‍යා හට මීට දින දෙකකට පෙර විනූශගෙන් ලැබුනු ලියුමක් සිහිවිය.එහි එක්තරා ගීතයක පද පේළි කිහිපයක් ලියා තිබුනි.රස්තියාදුකාර විනූශ නේරාද් ඩබල් ටැප් ලෝකයේ ලව් ලේටර්ස් ලිවීමද මෙනුශිත්‍යා හට විශ්වාස කිරීමට නොහැකි තාලයේ කරුණකි.මොවුන් දෙදෙනාගේ කතාබහේ සැගවී ඇති අරුත ඔවුන් දෙදෙනාට පමණක් තේරුම් ගැනීමට හැකි බවක් ගැබ් වී තිබුනි.කෝපිහල රස්නෙයි යන්නෙන් අදටත් ඔයාට මං ගැන හැගීමක් නැද්ද යන්න යන ප්‍රශ්නය ගැබ්වී තිබුනු බව වැටහෙන්නෙ ඔවුන් දෙදෙනාටම පමණී.විනූශ අවසන් වරට ඇසූ ප්‍රශ්නයට මෙනුශිත්‍යා පිළිතුරු නොදුන්නාය.
" මං ඔයාට විශ් කරනවා නුශී..ඉස්සරහට කරන හැමදේම පරිස්සමට කරන්න..ගන්න තීරණ හරියට ගන්න..තමන්ට රිද්දගන්න එපා..විශේෂයෙන් ආදරේ කරද්දි පරිස්සම් වෙන්න..ඔයා ආදරේ කරන්න තෝරගෙන තියෙන්නේ ඒ තරම් හොද මනුස්සයෙක් නෙමෙයි.. "
YOU ARE READING
-වීදුරු මල්- |GxB ✅
Non-FictionSTRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්‍යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13