" මෙනූ.. උදව්වක් කරනවද? අර ධීර ටිකක් අවුලෙන් ඉන්නේ..පොඩ්ඩක් කතා කරන්නකෝ..මිනිහා මා එක්ක තරහා වෙලා "
ඒ විනූශගේ කටහඩයි.උදෑසන හයට පමණ මෙන්ටො සෙන්ටර් වෙත ගිය ඇයට පඩිපෙළ අසල ඔබ මොබ යන විනූශව හමුවිය
" මොකක් හරි අවුලක් උනාද?.. "
" දන්නේ නැද්ද ඉතින්..මෑන්ගේ හිතේ අවුල් තමා. "
මෙනුශිත්‍යා මද සිනහවක් විනූශට පා ධීරව සොයා ගියාය.විනූශ මෙතෙක් කල් නොකියා සිටියද ඔහුගේ හැඟීම් මෙනුශිත්‍යා හොඳින් දනී.ඔහු කිසිදා සෘජුව කතා නොකළද තමාගේ හිතේ ධීර පිළිබඳව තිබෙන බලාපොරොත්තුද ඔහු දන්නා බව සහ තමා හේතු කොටගෙන මෙම මිතුරන් දෙදෙනා බොහෝ වේලාවන් වල අමනාපකම් ඇති කරගන්නා බවද ඇය දනී.ධීර සිටගෙන සිටියේ බිත්තියකට පිටදීය.එම ස්ථානයේ එතරම් ළමුන් නොගැවසුනු අතර සිටි කිහිපදෙනාත් තම තමන්ගේ වැඩ වල යෙදී සිටියහ.
" අවුලෙන්ද?.. "
" හොඳින්.. "
" ගුඩ්මොනිම් ධීර... ! "
" ගුඩ්මෝනිම් ආශ්වී..ආ..තියාගන්න.. "
ධීරගේ අතෙහි රැඳි තිබුනේ පිච්ච මලකි.මෙනුශිත්‍යා එම මල දෙසත් ධීර දෙසත් මාරුවෙන් මාරුවට බැලීය.
" ඇස් ලොකු කරගෙන බලාගෙන ඉන්න එපා..දන්නවද ඒ වේලාවට කරන්න හිතෙන්නේ මොකද්ද කියලා?.. "
ධීර මෙනුශිත්‍යා දෙස බලා සිනහවෙන්නට විය.ඔහුගේ දෙකම්මුල් මදක් රත් පැහැ ගෙන තිබුනි.
" මොකද්ද?.. "
" නැහැ ඒක ඔයා දැනගන්න ඕන නැහැ.. "
" ඇයි?.."
" ඇයි කියන්නේ ඉතින් දැනගන්න ඕන නැහැ.. "
ධීරගේ මුහුණේ රැඳුණු සිනහව තවමත් එසේමය.ඔහු සිනහ වූයේ කාලෙකට පසු යැයි මෙනුශිත්‍යාට සිතුනි.
" ඉතින් කියන්නකෝ.. "
" බලන්න එපා ඔහොම.. "
" මොන විකාරයක්ද අනේ?.. "
ධීර බිත්තිය අසලින් ඉවත් වී සඳලු තලය දෙසට ඇවිදින්නට විය.විනූශ ද එතැන සිටියේ ගීතයක් මුමුණමිනි.මෙනුශිත්‍යාද ධීර පසුපසම ගියාය.
YOU ARE READING
-වීදුරු මල්- |GxB ✅
Non-FictionSTRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්‍යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13