" වැඩිය දගලන්න එපා ළමයි...පීනන්න බැරි උන් ගිලුනොත් මෙතන ලයිෆ් සේවර්ස්ලා නෑ හරිද?.. "
සදුනි ඇගේ මිතුරන් හට කෑගැසුවේ අවට පරිසරයේ ජයාරූප ගන්නා අතරතුරය.මෙනුශිත්‍යා,ධීර සහ විනූශ කිසිදු උවමනාවක් නොදැක්වූ අන් අය මග බලමින් සිටි එම චාරිකා දිනය අවසානයේ උදා විය.මේ වනවිට ධීර සහ මෙනුශිත්‍යා හැසිරෙන්නේ නන්නාදුනන පුද්ගලයින් මෙනි.විනූශද මෙනුශිත්‍යා සමග කතාබහින් තොරව දිවි ගෙවූහ.
" ඒයි විශ්!! මෙහෙ වරෙන්..උබට කිව්වා එකපාරකුත් ඒ පැත්තට පීනන්න එපා කියලා.. "
ඒ ධීරගේ කටහඩයි.විනූශ එපා කියන දේම කරන්නට වූයෙන් ධීරද විනූශ සිටි දෙසට පිහිනන්නට විය.බොහෝ කාලයකට පසු ධීර නැවතත් විනූශට ඔහුට පුරුදු නමින් කතා කළේය.ශේසන්‍යා වටපිටාවේ ජයාරූප ගනිමින් ඒවා මුහුණුපොතට එක් කරමින් සිටි අතර දුලාන් සදුනිට ජල පහරවල් එල්ල කරමින් සිටියේය.මෙනුශිත්‍යා පේන තෙක් මානෙක සිටියේ නැත.
" උබ එන්නෙපා බල්ලො!! මං ගිලුනොත් ගොඩ එන්නම්.. "
" මගෙන් හොද ඒවා නාහා වරෙන් මෙහාට!! ඔහෙට යන්න එපා කියලා ගමේ උන් බෝඩ් එකකුත් ගහලා තියෙනවා පේන්නේ නැද්ද?.. "
දිය ඇල්ලක් වුවද එය ස්භාවික තටාකයක් ලෙස විශාලව පැවතිණි.සමහරක් තැන් වල ගල් මෙන්ම වැලිද පෑගුනි.එහෙත් ගැඹුරක් නොමැති ස්ථානද එහෙන් මෙහෙන් තිබුනි.මින් පෙර අවස්ථා දෙක තුනකම මෙහි පැමිණි තිබුණු ධීර මේ පළාත් පිළිබඳව හොද අවබෝධයක් ලත් අයෙකි.එහෙත් විනූශගේ අත්දැකීම් පිළිබඳව ඔහු එතරම් දෙයක් නොදනී.
" දුලාන් නුශී ඉන්නවද?.. "
ධීරගේ උරහිස් වලින් අල්ලා ඔහුව වතුර යටට සිරකරපු විනූශ දුලාන්ට කෑගැසුවේ උච්ච කටහඩකිනි.දුලාන් ගෙන් ඇසූ ප්‍රශ්නය අන් සියලු දෙනාටම ඇසුණු අතර ඔවුන් සියලුම දෙනා මෙනුශිත්‍යා කොහෙදැයි සොයන්නට විය.ජයාරූප ගනිමින් කාර්‍යබහුල වී සිටි ශේසන්‍යා ද මෙනුශිත්‍යා සෙවීමට උනන්දු විය.
" අඩෝ පේන්න නෑ බං..! සදුවෝ නුශීව දැක්කද?.. "
" නැහැ..එයා ගොඩට ආවේ නැහැ.. "
YOU ARE READING
-වීදුරු මල්- |GxB ✅
Non-FictionSTRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්‍යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13