ආශ්වි මෙනුශිත්යා ගේ ඇසින්,
අදත් එක්තරා බ්‍රහස්පතින්දා දිනකි.පොත් මාසය හෙවත් මගේ උපන්දිනය පවා යෙදී තිබෙන සැප්තැම්බර් මාසය ගෙවී ගියේ ඇසිල්ලක වේගෙන් බව මගේ මතයයි.යම් අයෙකුට එය එසෙ නොවනු ඇත.ඒ පිළිබදව කැමති අයකුට විවාද කර හැක.කිමද සියල්ල දේශපාලනීකරණය කර හැක.අද දඩබ්බර ඔක්තෝබරයේ තුන්වෙනිදායි.
උදෑසන හයයි විස්සට පමණ මා මහරගම බසයකට ගොඩනැගුනේය.නුවර සිටියා නම් එක් බස් රථයකින් හෝ දුම්රියෙන් පහසුවම මා හට කොළඹට ලගාවීමට හැක.එහෙත් නන්ගිගේ උපන්දිනය හේතුවෙන් උපන් ප්‍රදේශයටම නැවත ඒමට වූ නිසාවෙන් මහරගම-පුරහල බසයක කොළඹට යාමට තීරණය කිරීමට විය.මා වූ කල සරණාගතයෙක් වැනිය.එක් එක් විට එක් එක් ස්ථාන වල ජිවීතය ගෙවන මම මා සමාන කරන්නේ ජලයටය.ජලය මෙන්ම මාද සෑම තැනකම සිටී.විටෙක ගම්පහ මගේ භූමියයි.තවත් විටෙක දිවියම මහනුවරයි.එලෙසම කොළඹද ජීවත් වෙයි.එසෙම විටක ලංකාද්වීපයෙන් නොකියාම පිටවෙයි....කුමක් වුවත් මේ මගේ දිවියයි.
මහරගම බසයට නැගුනු මා පිටුපසටම ඇවිදගියේ නාන්නාදුනන මිනිසුන් ගණනාවක් අතර මා හොදින් හදුනන එම කොළ පැහැති දෑස් යුගලය සෙවීමේ අරමුණු ඇතිවයි.අවසන් පෝලිමකට වන්නට එම දෑස් යුගලයේ අයිතිකාරයා හිද සිටියේය.මගේ සෙනෙහස්...!
සියල්ලම දේශපාලනීකරණය වූ මගේ ලෝකයේ දේශපාලනය අමතක වුනු තැන...ඒ ඔහුම වුනි!……
මද සිනහවක්වත් නොරැදි දෑස අද දිනත් එසේමය.එය අදවත් සිනහවකින් හැඩ වේ යැයි සිතනවා නම් ඔබ මෝඩයෙකි!.හිද සිටි අසුනින් නැගිටවුත් මා හට එම ආසනය ලබා දී ඔහු සිටගන්නා ලදී.දුරකථනය සහ හෙඩ්ෆෝනය මා හට ලබා දී ඔහු නිහඩවම සිටියේය.මේ හැසිරීම මා හට පුරුදුය.මා මෙලොව වැඩියෙන්ම ආදරය කරන ආගන්තුකයා ඔහුය.
"මා යනවා නුඹට අරුතක් මවා
නොයන්න මතක සොයා..."හෙඩ්ෆෝන් එක කනෙහි රදවාගත් මා හට ඇසුනේ ඔහුගේ ප්‍රියතම ගී එකතුවක එක් ගීතයක පද පේළියකි.අසුනට හිස තබාගත් මා ඔහු දෙස බලා සිටීම ඇරඹුවේය.මා වැනි ඇවිදීමට ඉතා ප්‍රිය කරන පුද්ගලයෙක් සමග මේ ගමන පැමිණි බව දැන දැන ඔහු අත් දිග සහ බෙල්ල පවා වැසී යන ආකාරයේ කමිසයක් ඇද සිටියේය.භාග වේලාවට එසේ අදින ලද්දේ ඇගෙ ඇති කැළල් වසාගැනීමට විය හැක.එසේ නොවන්නත් පුලුවන.මා ඔහුගේ වඩාත්ම ප්‍රිය කරන ලද්දේ ඔහුගේ නිහඩතාවයයි.ඔහුගේ සහ මගෙ සියලුම මිතුරන් හට නොකියා හොරෙන් යන මේ ගමන් ඇත්තෙන්ම මිතුරන් සමග ගොස් ඵලක් නැත.කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අවසන් වීමට තව දින කිහිපයක් පමණක් ඉතිරිවී තිබුනි.ගිය වර සහභාගි වීමට නොවූ හෙයින් මා මේ වර සහභාගි වීමට ඉටා ගත් අතර එය සඵල වෙමින් පවතී.හංවැල්ල ප්‍රදේශයෙදි ධීරට මා අසලින් හිද ගැනීමට හැකිවිය.ඔහුගේ සම්පූර්ණ අවධානය ඔහුගේ හෙඩ්ෆෝනයේ ක්‍රියාත්මක වන ගීතය වෙත ලැබී තිබු අතර පාදුක්කට පැමිණෙන විට ඔහු මා අසමින් සිටි ගීතය වෙනස් කරන ලද්දේ මගේ අවසරයකින්ද තොරවය.මගේ දුරකතනය නොවන නිසාවෙන් මා කිසිවක් නොකියූ අතර ඔහුගේ ගීත තේරීමද කිසිදා වැරදී නැත.
YOU ARE READING
-වීදුරු මල්- |GxB ✅
Non-FictionSTRAIGHT STORY | G×B ආදරෙන් හද වැළදගත්තා නපුරු උනත් කරුවල! සමහර මිනිස්සු එහෙමයි. තිත්ත උනත් ආසම කෑම, කරවිල -ආශ්වි මෙනුශිත්යා. මං දන්නවා මම නරක බව! අදටත් අදහන්න බැරි, ඒ බව දැන දැනම මට බැදුණු උඹ! -ධීර සෙනෙහස්. Start: 2024.01.28 End: 2024.12.13