ඇරඹුම 07

154 42 12
                                    

දෙවියනේ මන් මන් මොකක්ද ඒ දැක්කේ ඒ ඇස් හරියට වශියක් වගේ මොකක්ද වෙලා ගියා එකපාරට අනික කවුරු හරි එතන හිටිය වගෙත් පෙනුනා මන් කලබල වෙලාද නැත්තම් මට විකාර හිතෙනවද මන් දන්නෙ නෑ ආ........ආච්චි කියපුවා නිසා මන් නෝහව සැක කරන්න අරං ද ඒත් ඒ ඇස් ඇයි එයා රෑ එලියට ගියේ මන් දන්නෙ නෑ මට තේරෙන්නේ නෑ නෝහා තාම කාමරේට ආවේ නෑ ඒත් එයා දොරෙන් එලියේ ඉන්නවා කියලා මන් දන්නවා සමහර විට එයාගේ ඇස් නෑ නෑ එහෙම දෙයක් නෑ එයාගේ ඇස් රෑ නිසා වෙන්නැති මට එහෙම පේන්න ඇත්තේ

කොහොම හරි විකාර ගොඩක් හිතුවට පස්සෙ නෝහා වොශ් රූම් එක පැත්තෙන් එලියට ඇවිත් ඩිවෝන්ගේ ඇග උඩින් පැනලා බිත්තිය අයිනට ගියේ ඩිවෝන් නිදි කියලා හිතලා වුනත් ඩිවෝන්ගේ ඇග උඩින් පනින්න ගිය නෝහගේ ඉන් වටේට අත දාලා අල්ල ගත්ත ඩිවෝන් කෙලින්ම බලන් හිටියේ නෝහගේ ඇස් දිහා ඒවා යන්තමට සුදු පාටක් තියෙනවා කියලා ඩිවෝන්ට තේරුනා ඒත් ඒ ගැන නෝහගෙන් අහන්න දැන් හරි වෙලාව නෙවෙයි කියලමයි ඩිවෝන්ට හිතුනේ

" මොකෝ බබාට චූබරක්වත් ආවද අප්පෙ ඉතින් මන් හිතුවේ නැන්දා පැම්පස් එකක් අන්දලා ඇත්තේ කියලා "

" අනේ මේ අයියේ විකාර කියවන්න එපා හරිද මොකටද මන් පැම්පස් අදින්නේ මන් බබෙක් නෙවෙයි නේ ඇයි වදේ "

ඩිවෝන්ගෙ අත ඉනෙන් තල්ලු කරන ගමන් නෝහා කියද්දී එයා ඉන්නේ ඩිවෝන්ගේ ඇග උඩ කියලත් අපි නෝහා කොල්ලට අමතක වෙලයි තිබුනේ ඒ වුනාට අපේ ඩිවෝන් කොල්ලට යුතුකමක් තියෙනවා ඒවා මතක් කරලා දෙන්න ඉතින්

" නියුටල් තියෙන ඒවා පලවෙනී ජියර් එකේ වුනත් කන්ද අද්දනවා නෝහා වැඩිය දගලන්න එපා ජියර් එක වැටුනොත් වගකියන්නේ නෑ මන් නම්"

ඩිවෝන් වැඩි ගානක් නැතුව නෝහගේ කනට නැවිලා එහෙම කිව්වාම ඒක තේරුම් ගන්න ටික වෙලාවක් ගිය නෝහා ඩිවෝන්ගේ කටත් මිරිකලා ඇග උඩින් රෝල් වෙලා ඇවිත් ඇදෙන් නිදා ගත්තේ එයාට නෙවෙයි වගේ

ඩිවෝන් ඉතින් මේ කෝලං දිහා බල බලම නෝහගේ ඉනවටේ අත දාලා ලගට ගත්තේ නෝහගේ ඔලුව ඩිවෝන්ගේ පපුවේ වදිද්දී ඉනවටේ අතදාලා තුරුලු කරන් නිදාගන්න පලවෙනි වතාව වුනත් නෝහයි ඩිවෝනුයි එකට එක ඇදේ නිදාගෙන තියෙනවා

අවසානය නොව ඇරඹුමයි ♡Where stories live. Discover now