අයියා මොනාද කිව්වෙ කියලා මට ඇහුනේ හීනෙන් වගේ මූන්හෙවන් කියන්නෙ මොකක්ද දෙයියනේ
මගේ කොල්ලව මොකටද උන්ට ප්‍රශ්න ගොඩක් තියෙනවා අහන්න ඒත් මන් දන්නෙ නෑ කොහොමද අයියගෙන් මේවා අහන්නෙ කියලා
පුටුවක් උඩ අඩලම තාම බඩ උඩ පරිස්සමට අත තියාගෙන ඉන්න මගේ ගෑණිව දැක්කාම හිතුනේ මොනා හරී කරලා මගේ කොල්ලව අපි ලග තියාගන්නවා කියලා
සුදු මාමා කියපු විදියට බඩේ ඉන්න එකා කොල්ලෙක්. මට හරි සතුටුයි
" අයියේ මගේ කොල්ලව නොදී ඉන්න ක්‍රමයක් තියෙනවා කිව්වා නේද මොකක්ද ඒ මන් ඕන දෙයක් කරනවා මොකක්ද කියන්න "
අයියා ඉක්මනට මගේ මූණ දිහා බැලුවේ මොකක්ද මේ කරන්න හදන අපරාදේ වගේ බැල්මකින්
ඒත් මගේ ගෑණිගේ මූණ බලාගෙන මගේ ඉපදිලාවත් නැති කොල්ලව වෙන උන්ට අරං යන්න දෙන්න තරම් වෙස්සන්තර තාත්තෙක් නෙවෙයි මන්
" උබට එහෙනම් උබේ පවුලේ පලවෙනී කොල්ලව එහෙට දෙන්න වෙනවා "
අයියා කියන්න කලින් සුදු මාමා පැනලා උත්තර දුන්නාම මෙච්චර වෙලා හූල්ල හූල්ල හිටපු මගේ ගෑණිත් හිනාවෙලා මගේ මූණ දිහා බැලුවේ ඔක්කොම ප්‍රශ්න විසදුන ගානට
ඒත් මන් කොහොමද එහෙම දෙයක් කරන්නෙ මන් විදින්න තියෙන දුක කොහොමද මගේ දරුවොන්ට විදින්න දෙන්නෙ
උන් මට සාප තියයී දෙයියනේ, මාව මෙච්චර හිර කරන්න එපා , මන් කොහොමද ඒ වගේ දේකට හිත හදාගන්නෙ
" අපි එහෙම කරමු අයියෙ ඒක හොදයි මට බෑ මගේ කොල්ලව වෙන අයට දෙන්න මට ඉන්නෙත් මෙච්චරනේ"
මොනාද කියන්න ඕන. ඒකි හරි පුදුම විදියට කැපකිරීම් කරලා කරලා හදාගත්ත කොල්ලා , ඒත් දවසක මගේ දරුවොන්ට මොන දුකක් ද මන් මේ දෙන්න හදන්නෙ
" දන්නවද මූන් හෙවන් කියන්නෙ මොකක්ද කියලවත් ආ.... මන් හිතුවේ නෑ නංගි තමුසෙ මෙච්චර ආත්මාර්ථකාමී ගෑණියෙක් කියලා "
දෙයියනේ අයියා මොනාද කරන්නෙ යකෝ, ඒකී ආදරේ කරන්නෙ මගේ දරුවට ඒකී බඩ තියන් ඉදලා වෙන එකෙක්ට දෙන්න කැමති වෙයිද
YOU ARE READING
අවසානය නොව ඇරඹුමයි ♡
Non-Fiction" දන්නවද ඩිවෝන් අයියේ මන් ඔයාට අයියා කියන්න කැමති නෑ ඒත් සරණ පාව ගත්තට නිලමෙ ඇදුම ඇදලා පිරිමියෙක්....ඒ නිලමෙ ඇදුම ඇදලා තවත් පිරිමියෙක් මලගම් යනවා..... ඉතින් සමහර මලමිනී නිලමෙ ඇදුනුත් අදිනවා අයියේ " " සමහරු කියනවා උන්ට උන් විතරයි කියලා රෙද්ද මට මාත...