ඇරඹුම 14

172 29 8
                                    

" මොකක්ද මගේ සුදු මැණිකට මගෙන් ඕන උදව්ව ම්ම් "

දන්නෙ නෑ මගේ මෑණිකට මගෙන් ඕන උදව්ව මොකක්ද කියලා හැබැයි එයාට කරන්න පුලුවන් දෙයක් නම් මන් කරලා දෙනවා ඔව් ඒක අනිවාර්යයෙන් කරන්න පුලුවන් දෙයක්

" මාත් එක්ක ගමනක් යන්න එනවද කෙනෙක්ව හම්බවෙන්න"

මන් අහන්න ඕනද කොහෙද යන්නේ කියලා කාවද හම්බෙන්න යන්නේ කියලා මට අඩුම එයාව විශ්වාස කරලා එන්න පුලුවන් ද කියලාවත් නෑ එහෙම ඕන නෑ බැදීමක් අස්සේ තියෙන්නෙ විශ්වාසය ඉතින් මොකටද ඒක ආපහු අහන්නේ

" කොහෙද මගේ සුදු මැණිකට යන්න ඕන අද ද යන්නේ නැත්තම් වෙන දවසකද "

එයා බලාපොරොත්තු වුනාට වඩා වෙනස් දෙයක් අහපු නිසාද නැත්තම්.....මන් දන්නෙ නෑ එයා ගැස්සුනා ඔයාලා විශ්වාස කරයිද දන්නේ නෑ ඔයාගේ ඇස් ඒවා ගැස්සිලා ගියා

" අපි යන්න ඕන කැස්බෑවෙ වැව ළගට විතරයි එයා එතනට එන්නම් කිව්වා "

මන් අහන්න ඕනද ඔයා ඔය කියන එයා කවුද කියලා එක්කෝ ඕන නෑ නේද ගිහින් බලමු ඇයි ලිහලා බලන්න ඕන ඒවා ඔබලා බලලා විනිෂ්චය කරන්නේ

" අපි කීයටද යන්න ඕන සුදු මැණික හ්ම් "

එයාව මගේ ලගට ගන්න ගමන් අහද්දි එයාගේ කට සීල් වෙලා තිබ්බ ඔව් එයා කල්පනා කරනවා ඇස් වහනවා ආපහු ඇස් අරිනවා ඇගිලි දෙකෙන් නලල තෙරපනවා මගේ මැණික මොකක් හරි ලොකු දෙයක් කල්පනා කරනවා

" අපි යමු තව ටිකකින් ලොකු තාත්තගේ බයික් එකේ යමු ද"

මෙහෙම චාන්ස් එකක් අතටම ආවාම අතෑරලා දාන්න මේ මන් ඉල්ලෛ යකෝ ඒම පුලුවන් ද දැන් වුනත් යමු සීන් එකේ ඉන්නේ මන් නම්

" මන් යතුර අරං එන්නම් සීතල නිසා දිග ඇදුමක් ඇදන් තව පැය බාගෙකින් එන්න දැන් දුවන්න ඉතින් කෝ කෝ යන්න "

එයාව නැගිට්ටවලා පස්සටත් හිමින් පාරක් ගැහුවේ එයාට ගෙදර ගිහින් ලෑස්තිවෙලා එන්න කියලා














ඔයාලාට මන් කිව්ව නේද නෝහා අවුරුදු 8 දී රට ගියා එයා ගියාම ඇත්තටම මට හෙන පාලුවක් දැනුනා ඉතින් මන් එයා එනකම් බලන් හිටිය මන් විතරක් නෙවෙයි අපේ මුලු පවුලම බලන් හිටියා සීයගේ කීමට තමයි නෝහව ඔච්චර කල් හරි රට තියලා තිබ්බෙ......

අවසානය නොව ඇරඹුමයි ♡Where stories live. Discover now