" පසුතැවෙනවා උබව සුදු නෙලුමක් වගේ දැක්කට නෝහා "
මන් එතනින් එන්න කලින් ඩිවෝන් කියපු අන්තිම වචන ටික දන්නවද ඒ වචන වලට පපුව හූරන් ගියා.
එයාම සුදු නෙලුමක් කියපු මම මෙච්චර ඉක්මනට නිකම්ම නෝහා වෙලා එයාම දීපු අයිතිය එයාම උදුරගෙන දෝ කියලත් හිතෙනවා මට
ඒත් ඒ වුනත් මන් ආදරෙයි නේ අනේ මන් ඒක එයාට කිව්වෙ නැත්තෙ වෙලාව ආවාම කියන්න කියලා මට නෙලීෂා කියපු නිසානේ
දන්නවද ඩිවෝන් අයියාව පිලිගන්න මූන්හෙවන් රාජධානිය හරි හරියට ලෑස්ති වෙනවා , ඩිවෝන් අයියා එකක්ම අපිටත් එන්න කියලා ඉතින් ආපහු යන්න වෙනවා මට වගේම විශ්ට .
චුට්ටි අක්කව යවන්නෙ ඩාක්වුඩ් වලට වුනත් විශ් ඉන්න නිසා බයක් නැතුව යවන්න පුලුවන් මට විශ් කියන්නෙ යාලුවෙක්ට එහා ගිය බැදීමක්
එන්න එන්නම යන්න දින ලංවෙද්දී හිතේ තිබ්බ ගැස්ම වැඩි වෙනවා වගේ දැනුනත් මන් දන්නෙ එක දෙයයී මගේ ජීවිතේ පරදුවට තියලා හරී ඩිවෝන් අයියව රකින්න වෙනවා කියලා විතරයි
හරියටම කිව්වොත් මන් ඉපදිලා ඉන්නෙම ඩිවෝන් අයියා වෙනුවෙන් කැපවුන කෙනෙක් විදියට
මන් කොච්චර ඩිවෝන් අයියා එක්ක තරහ ගන්න ගියත් අන්තිමට වෙන්නෙ මට මන්ම පවු කියලා හිතෙන එක විතරයි
අවුරුදු 8 ක් කියන්නෙ අම්මගේ , තාත්තගේ උණුහුමේ ඉදලා ඉදලා පුරුදු වෙලා එකපාරට සීතල ම සිතල අයිස් ගොඩකට ගිහින් දැම්මාම මට දැනුනෙ වචනෙන් විස්තර කරන්න බැරි දෙයක්
කලුවට තිබ්බ ඇස් සුදු වෙද්දි ඒ බයටම මුලු ඇගම ගිනි ගන්නවා වගේ රිදෙන්න ගනිද්දි
අවතාර , හොල්මන් පිරුන කිසිම කෙනෙක්ගේ පාලනේකට යටත් නොවුන මරණයේ සානුව පහුකරන්න වෙද්දි මට අවුරුදු 8යි දෙවියනේ
එදා මගේ ලොකු සීයා නොහිටින්න අද නෝහා කියලා කෙනෙක් මේ ලෝකෙ හුස්ම අල්ලන්නෙ නැති වෙන්න තිබුණා
ඔක්කොම හරි ඒත් කෑමක් නොවැටුණු මගේ හූනු ඇගට යෝධ මිනිස්සු දෙන්නෙක් අල්ලන් හැම උදේකම තඩිබාද්දි මට මැරුණා නම් මීට සැපයි කියලා හිතුන වාර අනන්තයි අප්රමාණයි,
YOU ARE READING
අවසානය නොව ඇරඹුමයි ♡
Non-Fiction" දන්නවද ඩිවෝන් අයියේ මන් ඔයාට අයියා කියන්න කැමති නෑ ඒත් සරණ පාව ගත්තට නිලමෙ ඇදුම ඇදලා පිරිමියෙක්....ඒ නිලමෙ ඇදුම ඇදලා තවත් පිරිමියෙක් මලගම් යනවා..... ඉතින් සමහර මලමිනී නිලමෙ ඇදුනුත් අදිනවා අයියේ " " සමහරු කියනවා උන්ට උන් විතරයි කියලා රෙද්ද මට මාත...