ඇරඹුම 15

132 16 6
                                    

හරියටම මාසයක් ගිහින් මේ මාසෙ ඇතුලේ මට කිසිම දෙයක් වෙනස් කරගන්න බැරි වුනේ අපේ රාජධානිය විනාසෙට ඇදගෙන යන ගමන්

ඩිවෝන් අයියා මේ මාසෙ ඇතුලේ මට කතා කලේවත් නෑ එකම එක වචනයක් වත් නෑ

වැදගත් දෙයක් කියලා වුනා නම් වුනේ සීයා එයා හංගන් හිටපු ලොකු රහසක් මටයි , ඩිවෝන් අයියටයි , චුට්ටි අක්කටයි කියපු එක විතරයි

ඒත් එකෙන් වුනේ ඩිවෝන් අයිය තවත් කඩන් වැටුන එකයි චුට්ටි අක්කට පැනික් ඇටෑක් එකක් ආපු එකයි විතරයි

දැරණියගල කියන්නෙ සීයා මෙච්චර කාලයක් හංගන් හිටපු මගේ පරම්පරා නම වගේම

සිංහවංශ කියන්නෙ මෙච්චර කාලයක් හංගන් හිටපු ඩිවෝන් අයියගේ පරම්පරා නම

රොද්‍රිගු , ෆනෑන්ඩෝ කියන්නෙ අපිව හංගලා තියාගත්තා නිකම්ම නිකං නම් කෑලි දෙකක් විතරයි

එදා කැස්බෑවේ ඉදන් ගෙදර ආපු ඩිවෝන් අයියා හිටියේ මානසිකව වැටිලා එයාට තේරුනේ නෑ මොකක්ද වුනේ කියලා ඒත්

සීයා ඊටපස්සෙ දවසේ මාවයි, ඩිවෝන් අයියවයි , විශ්වයි, චූට්ට අක්කවයි එක්කන් ගියේ දැරණියගල වලව්වට

සීයා අපිට කතාව කියන්න පටන් ගනිද්දී ඩිවෝන් අයියා හරි හයියට කතාව අහන් හිටියට කතාව ඉවර වෙද්දි කෙලින් ඉන්නවත් බැරි තරමට එයාව අඩපණ වෙලා



44 years ago

" අපේ මහත්තයා ඔයා දැන් කියන්නෙ ඇත්තටම අපේ අයියව බලන්න යන්න එපා කියලද ඒත් මගේ හිතට මොකක්දෝ මන්දා දැනෙනවා "

එහෙම කියලා කනස්සල්ලෙන් වගේ අහක බලාගත්තෙ නෝහගෙයි , ඩිවෝන්ගෙයි ආච්චි

තමන්ගෙ බඩේ ඉන්න දරුවා ගැනයි අනිත් තමන්ගේ ලමයි තුන්දෙනාගේ ගැනයි හිතලා කොච්චරවත් හිත හදාගන්න හැදුවට තමන්ට සහෝදරියක් වගේ සලකපු එකම අයියා නැතුව ඉන්න බැරි හරි පාලුවක් හිත යට නිධන් වෙලා තිබ්බ

" නෝනෙ කියන්නෙ දැන් අයියා බලන්න යන්න ඕනෙමයි කියලද උබවයි මාවයි ඇදලා දොට්ට දාද්දි උබලෑ අයියා යාපනේ වෙඩි තියාගන්නවා , ඒත් උබලගේ අක්කලට ඒ වගක් නෑ , ඌ ආවාත් කන්න හරියකට උයලා දෙන්නෙ උබලා විතරයි ඌත් පවු මුලු ජීවිතේම උබලටයි මේ රටටයි කැප කරනවා , මන් ඒකට හරි ලැදී බන් ඌ මගෙත් අයියා වගේ මට ඒත් මන් කැමති නෑ උබලා ආපහු අර පරට්ටියොන්ගේ මූණ බලන්න එහෙ යනවට "

අවසානය නොව ඇරඹුමයි ♡Where stories live. Discover now