බාබන්ඩේසි - තුන්වන දිගහැරුම

270 49 16
                                    

ආ....මම මෙච්චර දවස් කතා කරාට මම කව්ද කියලා කිව්වේ නෑ නේද? මම ඉඳුනිල් නිම්න රත්නායක. ලංකාවේ හොඳම වෛද්‍යවරයෙක් වෙන ඉසිර කීර්ති රත්නායක ගෙ ලොකු පුතා. රාගම මහ ඉස්පිරිතාලෙ ඩිරෙක්ට ගෙ ලොකු පුතා. ලංකාවේ දක්ෂම ශල්‍ය වෛද්‍යවරයාගෙ ලොකු පුතා. ඔය කොයි කොහොම විදියට කිව්වත් ඒ මම ම තමා. නිම්න. ඒ මම.

ඉස්සර ඉස්කෝලේ කාලෙ උන් නම් කිව්වේ ඉඳුවා කියලා.ඔය කොහොම උනත් මෙහෙ හැමෝම කියන්නේ නිම්න කියලා.ඒත් මම නම් කැමති ඉඳුනිල් කියන එකට. මොකද නිම්න කියන නම දැන් මට තිත්ත වෙන තරමට හැමෝම කියනවා. ඩොක්ට නිම්න ඩොක්ට නිම්න ඩොක්ට නිම්න ඩොක්ට නිම්න!!!!!!
මට දැන් අප්පිරියයී ඒක. කොයි වෙලෙත් ජොච්ච ඤිම්න ගානවා. මේ ඉස්පිරිතාලෙ කොච්චර මිනිස්සු උන්නත් හැමෝටම පේන්නේ මාව විතරයි.
දැනුත් ඒ වගේ මට ආපු හදිසි ඇමතුමක් නිසා නින්ද බල්ලට ගියාවේ කියලා ඒ ලෙඩාව බලන්න යන ගමන්. එයා නුවර පැත්තේ ඉන්න හොදම සල්ලිකාරයෙක්. හදිසියේ ආපු බඩෙ කැක්කුමක් නිසා එයාව බලන්න යන ගමන්. මොනා උනත් කොච්චර කරදර උනත් මේක මගේ සේවය. මම මේ ගමෙ මිනිසුන්ට සේවය කරන්න ඕනි කියන එක මගෙ හිතේ තියෙන නිසා මම කොච්චර අමාරු උනත් ආසාවෙන් කරනවා ඒක.

අපි පොඩි කාලෙ හිතන් හිටියෙ ඩොක්ට කෙනෙක් උනාම ගොඩක් සල්ලි තියෙනවා ලොකු ගෙයක් ගන්න පුළුවන්. හොඳ වාහන තියෙනව, සැපේ ඉන්න පුළුවන් කියලා. හැබැයි දැන් තේරෙනවා ඔය මොකක් තිබ්බත් අපිට විවේකය කියන දේ තියෙන්නේ කොච්චර අඩුවෙන්ද කියල.

හ්ම්.....තව ටික දුරයි තියෙන්නේ මම දැන් බලන්න යන මහත්තයගෙ ගෙදරට. මම ඉන්නේ නුවර පොඩ්ඩක් ඇතුලට වෙන්න තියෙන ලස්සන පොඩි ගමක. මම කලිනුත් කිව්වා වගේ මම ආසම මේ ලස්සන නිස්කලංක කමට. ඉතින් විවේකයක් නැති මගෙ හිතට මේ ලස්සන පරිසරය මාර නිදහසක්.

නුවර ටවුන් එකට කිට්ටුවෙන් තිබුන රණවීර ඉන්ඩ්‍රස්ටීස් එකෙ ලොක්කා, ඉරෝෂ රණවීර ව තමයි මම දැන් බලන්න යන්නෙ. හරියටම කිව්වොත් මම දැන් ඉන්නේ එයාලගේ ගෙදර. මේ ගෙදර මාලිගාවක් වගේ ලොකුවට ලස්සනට හදලා තිබුනා. ඇත්තටම ඒ ගෙදර දිහා බලද්දි රණවීර පවුලෙ තියෙන සල්ලිකාර කම ඕනාවටත් වඩා පෙනුනා. රණවීර ඉන්ඩ්‍රස්ටීස් කියන්නේ ලංකාවෙ තියෙන ගොඩක් ලොකු වගේම ලොකෙම හොල්ලන්න පුළුවන් උන කම්පැනි එකක්. ඒකෙ අනු ශාඛා ඇමරිකාවේත් තියෙනව මම දන්න විදියට. ඒ IR private limited කියල. ලොකු ව්‍යාපාර ජාලයක ලොක්කෙක් තමයි මේ ඉරෝෂ රණවීර කියන්නේ. ඉතින් පාර්ක් එකෙන් කාර් එක ඉක්මනට නවත්තපු මම මාලිගාවක් වගේ තිබුන ගේ බලන්න තවත් කාලය නාස්ති නොකර ඉක්මනින් ම ලෙඩාව බලන්න ගියා.

මම ගියපු වැඩෙ ඉවර කරලා ඒ මහත්තයට බෙහෙතුත් දීලා, එයාට දෙන්න ඕන කෑම බිම ගැන ඉඳන්ම ගෙදර අයට පැහැදිලි කරලා පරිස්සම් වෙන්න උපදෙසුත් දීලා ආවෙ ආයෙම ගෙදර යන්න හිතාගෙන. ඒත් මට කලින් ඉස්සර උන ඉරෝෂ රණවීර ගෙ බිරිඳ හේමමාලි රණවීර මාවත් එක්කගෙන සාලෙට ඇදගෙන ගිහින් මට ඉඳගන්න දීලා කන්න බොන්න පවා දුන්නා. ඇත්තටම එයාලා සල්ලිකාර උනාට කිසිම මාන්නයක් නැති බව මට තේරුණා. ඒ මිස් නම් ඇත්තටම ගොඩක් හොඳ කෙනෙක්. එයා මා එක්ක ගොඩක් දේවල් කතා කරා ඒ ටිකට. ඉරෝෂ සර් ගැන එතකොට එයා මේ තැනට ආපු විදිය පවා. හැබැයි ඒවා කතා කරෙ කිසිම ලොකු කමකින් නම් නෙමේ. ඒ විතරක් නෙමේ එයාගේ පුතා ගැනත් කතා කරා. මට තේරුන දෙයක් තමයි ඒ ගෙදර හිටපු හැමෝම වගේ මා එක්ක ගොඩක් එකතු උනා වගේම, එයාලා ඔක්කොම හරි හොඳ අය.

ඉතින් එයාලා එක්කත් කාලය ගත කරපු මම මෙහෙන් එලියට එද්දී හරියටම දෙකයි කාලයි. හේමමාලි මිස් කියවන්න ගත්තම නම් නවත්තන්නෑ ලේසියකට. ඒත් ඒ මිනිස්සු සුහදව කතා කරපු එක ගැන මට සතුටුයි වගේම පුදුමයි. මොකද ගොඩක් සල්ලිකාරයෝ ලොකු කමනෙ කියෙව්වොත් කියවන්නෙ.

ඉතින් හොඳට කාලා බීලා උන්න මට මහන්සියටත් එක්ක නිදි මතක් ලෝඩ් වීගෙන ආවත් මම දැන් ආයෙ ගෙදරටම යන්න ඕනි නිසා නිදි මත නැතිවෙන්න කියල හිතන් කා එකෙන් සද්දෙට සින්දුත් දාගෙන ආවා. හැබැයි එහෙම ආතල් එකෙ යන්න උනේ ටික දුරයි.

මම හිතන්නේ මම බීපු බීම ඔක්කොම දැන් වකුගඩු වලින් පෙරිලා ඉවර වෙලාද කොහෙද. ඒනිසා නිදි මතට වඩා තදබල ලෙස චූ බරක් මට ලෝඩ් උනා. දෙයියනේ ඇයි වකුගඩ්ඩ උඹට මම ගෙදරට යනකල් ඉන්න බැරි උනේ? අනේ මට චූ බරයි යකොව්. ඒත් මේ මල පාන්දර කොහෙ කියලා යන්නද.

හරි හරි මම පිරිමියෙක් බව ඇත්ත. ඒත් මම ඔක්කෝටම වඩා හොල්මන් වලට බයයි නෙ. සිරාවටම මට චූපාර එලියට අතාරින එක හෙන ගේමක් නෙමෙ. මොකද මේක දවල් වෙලාවක් නම් මම හරියට ඒම් කරලා විදින්නේ. ඒ තරම් ඒකට හැකියාවක් තියෙනව මට. සමහර දාට මම දිය ඇලි පවා හදනවා. ඒත් මේ මහ පාන්දර යක්කු ගස් නගින වෙලෙ??? ඇත්තටම මේ වෙලෙ ඔය ගස් පඳුරු අස්සේ රිංගන එක නම් ටිකක් කරන්න අමාරු වැඩක්. ඒ නිසා මම මගේ වකුගඩ්ඩටයි යක්කුන්ටයි හැම එකටම බැන බැන යන්න පුළුවන් උපරිම දුර ආවා. ඒත්.....................






චූ කරන්න හොඳ හැකියාවක් තියෙන එකෙක් ඕනි සෙට් එකක ඉන්නවා. හා නැද්ද?😂✋

ඒක නෙමේ, බලලා නිකන් යන්න එපා අන්ධයො වගෙ යමක් කියලා යන්න 🙂✋

අදට යන්නම්

𝗟𝗶𝘆𝗼𝗿𝗮

බාබන්ඩේසි Where stories live. Discover now