බාබන්ඩේසි - දහ හත් වන දිගහැරුම

158 35 8
                                    

අදත් වෙනදා වගේම මම ආසම දවසක්. මගෙ නිවාඩු දවස. ඒ වගේම අයියාව මගෙ ගෙදර ගෙනත් මාස දෙකක්. දැන් එයාට ටික ටික එයාගෙ වැඩ කරගන්න පුළුවන්. එයාගෙ අත උනත් ගොඩක් දුරට සනීප උනත් මම අයියට තාම වැඩිය වැඩ කරන්න ඉඩ දුන්නේ නැහැ. මොකද මේ තාම සනීප වීගෙන එන කාලෙ නෙ. ඉතින් මම හැමදාම වගේ එයාගේ හැමදේම කරලා දීලා රෙද්දේ ඉඳන් ම හෝදලා දෙනවා. මට අප්පිරියා නැද්ද?? නෑ ඇයි මම අප්පිරියා වෙන්නේ? එයා මගේ නෙ.

දැනුත් මේ උදෙ ඉඳන් එයාට එක්සයිස් කරවලා එයාව නාවලා එයාට කෑම ටික කවලා ආවෙ මමත් පොඩි ඇලට් එකක් දාන්න. අයියා නම් උදේ ඉඳන් එක්සයිස් කරලා හොඳට ගිලලා ගිලලා ගොරෝ ගොරෝ බුදි. එයාගෙ කකුල් ආයෙම ඉස්සර වගෙ ශක්තිමත් වෙන්න ඇඟ හොර වෙන්නැති වෙන්න ආයෙ කලින් වගේ ඇවිදින්න පුළුවන් වෙන්න එයාට එක්සයිස් ඕනෙ. ඒ නිසාමද මන්දා එයාට දැන් ක්ලචස් නැතුව ටික ටික ඇවිදින්න පුළුවන් ඒත් මම වැඩි හොඳට එයාට ක්ලචස් දෙක දීලා තියෙන්නේ. මගෙ කොල්ලව පරිස්සම් කරන එක මගෙ වගකීම නෙ.
.
.
.
.
.
.
.
.
.
.
.
.

" පුතේ අද අපෙ එකා බඳින්න ඉන්න ගෑණු ළමයා එයි එයාව බලන්න. ඒ ළමයට අපෙ එකා එක්ක කතා කරන්න ඕනය කියන්නේ..."

"අහ් එහෙමත් එකක් ද ආන්ටි. හ්.. හා...ක්.කමක් නෑ "

ඇයි දෙයියනේ මගෙ කොල්ලා එක්ක සතුටින් ඉන්න පටන් ගත්තා විතරයි. ඇයි ඔහොම කරන්නේ? එක සැරයක් මැරයො ටිකක් කඩා පාත් වෙලා එකම කලබැගෑනියක් කරා මෙතන. දැන් මේ වේස ගෑණි ඉඳගෙන පව් දෙනවා. අයියා ආදරේ මට යකො මට!!!! හ්.. හැබැයි එයා තාම මට ආදරෙයි කිව්වෙ නෑනේ.... ඇත්තටම....- නෑ නෑ එහෙම එකක් නෑ මට පිස්සු.







"අහ්....කෝ මගෙ අවාර් අයියා?"

"ඈහ්?? ආආ...ආආ ඉන්නවා එන්න"

මේ කව්ද යකො මේ? ඉව්ව් ඇයි දන්නෑ ඔහොම ඇඳන් ආවෙ. ඇඳුම් නැතුව ආවා නම් හොඳයි නෙ. ඉදකින් මුන්ට මෙච්චර සල්ලි තියාගෙන හරි හමන් ඇඳුමක් අරගන්න බැරි හැටි!! මුන්ට ගිහින් රෙදි යාර දෙක තුනක් වත් අරන් දෙන්න ඕන. පව් අසරණ එකී....චික් විතරක් ආපු කැත!! මේ ලදරම මගෙ සුදු මහත්තයාගේ ලඟින්වත් තිබ්බැකිද? යකො ලෙඩ්ඩු බලන්න එද්දි මධුසමය ගත කරන්න යනවා වගෙ ඇඳන් එන්නේ මොන අසහනේකටද? ඒ මදිවට මීටරයක් විතර උස සෙරෙප්පු දෙහෙකුයි, ලේ බීලා වගේ රතුම රතු තොල් දෙකයි, පිටි උලලා වගේ මේකප් එකයි , ඇස් දෙකෙ නිල් හැලිලා වගෙ පාට කරගෙන, මේ මොන අසික්කිත කමක්ද? මෙතන ඒකිගෙ ගෙයක් වගෙ අහන්නේ බලන්නේ නැතුව ඇවිත් රිංගගත්තු කැත විතරක්. ඒ මදිවට ගිහින් දොරත් ලොක් කර ගත්තා මේකි! අනෙ දෙයියනේ මගෙ අහිංසකයට මොනවා කොරනවද දන්නෑ මේ සයිබීරියන් අසහනකාරී.
ඒ නිසාම කාමරෙ දොරට හිමීට කන තිබ්බම මට ඇහුනෙ නම් එච්චර හොඳ දේවල් නෙමේ.

බාබන්ඩේසි Where stories live. Discover now