"ගුඩ් මෝනින් කමලා ඇන්ටි"
"හානේ.....ඉඳුනිල් මහත්තයා...අපෙ අප්පේ.....අදත් අර ලස්සන තරුණ මහත්තයා ඇවිත් ලස්සනම ලස්සන මල්-
අපොයි අපොයි දෙයියනේ ඒ මහත්තයා කියන්න එපා කිව්වා නේද සීවරන් දෙවියනේ....කොයිද මගෙ මතකෙ නම් දැන් අන්තිමයි නෙ අපෙ දොස්තර මහත්තයො"අනෙ ඉතින් කමලා ඇන්ටිට රකින්න දීපු රහස එයා අපූරුවට රැකලා එයාගෙම කටට ගගහා ඔළුවට අතකුත් තියන් මොනාදෝ කිය කිය යන්න ගියා. හැබැයි ඉතින් රහසෙ හොඳම කෑල්ල එයා මට කියලනෙ ගියේ. මට ඉතින් මාත් එක්කම තනියම හිනා. ඒත් කව්ද දෙයියනේ මේ මට හැමදාම මල් තියලා යන ඔය තරුණ මහත්තයා? දැන් සතියකට කිට්ටු වෙන්න එනවා එදා ක්ලිනික් දවසෙ වගේම මේ සතියෙම මම එන්න කලින් ලස්සනම ලස්සන බාබන්ඩේසි මල් පොකුරක් මගෙ මේසෙ උඩින් තියලා යන්න එයා අමතක කරලා නෑ. එයා කව්ද? මම ගැන ඔය තරම්ම දන්න මට ඔය තරම්ම ආදරෙ කරන එයා කව්ද? ඇත්තටම ඔයා කව්ද බාබන්ඩේසි කුමාරයො? එහෙම හිත හිත ඒ මල් ටික දිහා බලලා හිනාවක් දුන්න මම අද දවසෙ මගෙ වැඩ ටික කරන්න පටන් ගත්තා. එයා මල් තියන්න පටන් ගත්ත දා ඉදලා මමත් අපේ ගෙදර ඒ මල් ටික භාජනේක දාලා තිබුණා දවස් දෙකක් තුනක් ගිහින් කරපාට වෙනකල් ම. හැමදාම මම ඒවා එහෙම දානවා. ඒ නිසා අපෙ ගෙදර හැමදාම වගේ මල් පිරිලා තිබ්බා.
"ආ....මල්ලි බබා... ගෙදර යනවා වගේ"
"අනෙ නෑ මම මේ ඉස්පිරිතාලෙ යනවා ආයෙම"
"ආපො මොකද මල්ලි බබා මේ සැර දාන්නේ මට?"
"අනෙ මේ එදා වගේ අද නම් මගෙ කාර් එකට රිංගන්න හදන්න එපා මම තමුසෙව ගහලා පන්නනවා මෝඩ අලියා!!"
"පුහ්!! හරි හරි උඹලට කාර් තිබ්බට අපි බය නෑ.. යකො මුන්ට කාර් එකක් එහෙම තිබ්බම හෙන ලොකු කමනෙ. හාරි හාරි කමක් නෑ මල්ලි බබා ඔහොම යමුකො."එහෙම කියපු ඒ මෝඩ මිනිහා මට ෆ්ලයින් කිස් එකකුත් දීලා ගිහින් ඉස්සරහින් නවත්තලා තිබ්බ ලෑන්ඩ් රෝවර් වර්ගයෙ සුපිරිම වාහනේකට නැගලා ගියා. ඈ යකො ඔච්චර හොඳ වාහනයක් තියාගෙනද මගෙ මේ අහිංසක කාර් කට්ටට නැගලා මේකට බර දෙන්න යන්නෙ. අනෙ මන්දා මුන් නම් පුදුම මිනිස්සු තමයි!!
මේ මිනිහා නම් පුදුම සාපයක් තමයි උනා. මට නොහෙවත් යන්න නෑනෙ ඇත්තට. මම මේ ගෙදර නෙමේ යන්නේ. අද සෙනසුරාදා නිසා හෙට මට නිවාඩුත් එකෙ අද හවස දළදාවත් වැඳලා නුවර ටවුන් එකෙ රවුමකුත් ගහලා වැව රවුමෙ ඉඳගෙන සින්දුවක් දෙකකුත් කියලා ටිකක් රෑ වෙනකල් ඉඳලම එන්න කියලා බැලුවෙ. මම ඒ නිසාම මගෙ ගිටාර් එකත් අර ගත්තා. ඒත් මට පේන හැටියට මගේ අද වැඩ ඔක්කොම මකබාස් වෙලා කපෝති වෙන්නද කොහෙද යන්නේ. අර මෝඩ අවාර් කාරයා මගෙ පස්සෙන් ඌගෙ මහා ලොකු කාර් කාර් එකත් පැදන් එනවා. මූ එක්ක මට අන්තිමට තනියෙන් යන්න ඉඳපු ගමන ඩබල් දාලා යන්න වෙයිද දන්නෑ.
අනෙ නටන්න කියපන් උට මට නම් බෑ ඌ එක්ක යන්න. අනෙ මට තනියම ඉන්න දීපන් මිනිහො!!
YOU ARE READING
බාබන්ඩේසි
Hayran Kurgu"හැමදාම මගෙ මේසෙ උඩ බාබන්ඩේසියා පොකුරක් තියලා ගියපු හොරාව දැන් මම දන්නවා" "ආ...ඒ කව්ද?" "මම බාබන්ඩේසියා වලට ආසයි කියලා දන්න කෙනෙක් ද කොහෙ" "පිස්සු! මම දන්නෑ " "කව්ද කිව්වේ ඔයා දන්නවා කියලා " "ආ...මේ....මේ ඒකනෙ " "මෝඩයො ඇයි ඉතින් ඕක කියන්නැත්තෙ " "ම...