අද තරම් මහ මූසල දවසක් මට කවදාවත් ඇවිත් නෑ කිව්වොත් හරියටම හරි. ශිට් අද මට පුදුම මූසල කමක් දැනෙන්නෙ. ඒක ඇත්තටම හරිම අමාරුයි හිතට වගේම ඇඟටත්. මම අද උදෙ ඉඳන් කාලා නෑ. කන්න කිසි පිරියක් නෑ. අද දවසටම මම මුකුත් කාලා නෑ හරියටම බැලුවොත්. හරියට වතුර උගුරක්වත් බිව්වේ නෑ මම. මට ඒ තරම්ම අප්පිරියයි අද දවස. වෙනදට මට නිවාඩු දවස කියන්නේ රජ මගුල් වගෙ උනාට අද නම් මට වැඩට ගියා නම් සැපක් කියලා හිතුනා. ඒ තරම්ම මූසලයි. කියාගන්න බැරි පට්ට තනිකමක් එක්ක පට්ටම අඳුරු හැඟීමක් මාව වෙලාගෙන යද්දි බඩ ඇතුලෙන් ගෑස් උඩට උඩට නගින්න ගත්තා. ඔව් ඉතින් අනිත් අයට වෙලාවට කන්න ගගා කිව්වට අද දවසටම මම බත් ඇටයක තරම් වත් දෙයක් කාලා නෑනෙ. මම ඇත්තටම පසු තැවෙනවා ඒ මිනිස්සු අද මෙහෙ ආපු එකට. ඇයි?? ඇයි එයාලට මෙහෙ එන්න ඕනි උනෙ? ඒත් එක අතකට මම ඒක දැනගත්ත එක හොඳයි නැත්තං අන්තිම දවසෙ ඔක්කොම ලෑස්ති කරලා මට එකපාරටම වෙඩින් එකට කතා කරාවී.
ඔව්.....එයාගෙ අම්මලා අද ආව. ආවෙ නිකන්ම නෙමේ එයාලගෙ පුතාට සුභ මට අසුභ ආරංචියක් අරගෙන."නිම්න පුතෙ......අපෙ පුතාට දැන් කොහොමද?"
"දැන් නම් ගොඩක් දුරට හොඳයි ආන්ටි. ඊයෙ ඉඳන් මම එයාව ටික ටික ඇවිද්දුවා. හැමදාම ඔහොම ඉන්න බෑනෙ. අනික ඔහොම ඉන්න හොඳත් නෑ"
"ආනේ වාසනාවන්!!! මගෙ පුතා ඉක්මනින්ම හොඳ උනාම අපිට අපෙ වැඩෙත් ඉක්මනින්ම කරෑකි නේද මහත්තයා?"
"ම්ම්ම්...අපි මේ පුතාට හොඳ ප්‍රොපෝසල් එකක් බැලුවා නෙ නිම්න පුතා. කොහෙද අපි මීට කලින් කතා කරපු එකකටවත් මේ මෝඩයා කැමති උනා යෑ..මට ඔය ගෑනු එපා ගගා හිටියෙ. අපි අද එයාට හොඳම තැනකින් හොඳම දුවෙක්ව බැලුවා. අපි පුතා එක්ක ඒ ගැන කතා කරලා එන්නම් නේද නිම්න පුතා?"
"ආ...ඔ.. ඔව් ඔව් අන්කල් යන්න එයා ඇහැරලා ඇත්තෙ"
මට හිතාගන්න බැරි උනා ඒ වචන ටික, ඒ මිනිස්සු දෙන්නා කියපු වචන ටික මගෙ කනට ඇත්තටම ඇහුනද නැත්තං මගෙ හිතෙ තිබ්බ එකක්ද කියලා. දෙයියනේ මොකද්ද මේ වෙන්න යන්නෙ??
මම දන්නවා මම හරිම බොලඳයි කියල. තේරුම් ගන්නවා මෝඩ නිම්න ඌ කොල්ලෙක් උඹත් කොල්ලෙක්. මේක ලංකාව, නැතුව තායිලන්තෙ නෙමේ. මෙහෙ උඹට ඕන විදියට ඉන්න බෑ. අනික කව්ද දන්නෙ ඌ උඹෙ පස්සෙන් ආවෙ ආතල් එකට ද කියල. ඌ කොහොමත් සල්ලාලයෙක් නිම්න තේරුම් ගනින්. අවාර් අයියා ඉක්මනින් සනීප උනාම ඒ මනුස්සයත් එයාගෙ කියලා ජීවිතේ විඳින්න ඕනි. එයා හැමදාම මේක අස්සේ ඉන්න යෑ?? උඹත් මහ මෝඩයෙක් නිම්න.
YOU ARE READING
බාබන්ඩේසි
Fanfiction"හැමදාම මගෙ මේසෙ උඩ බාබන්ඩේසියා පොකුරක් තියලා ගියපු හොරාව දැන් මම දන්නවා" "ආ...ඒ කව්ද?" "මම බාබන්ඩේසියා වලට ආසයි කියලා දන්න කෙනෙක් ද කොහෙ" "පිස්සු! මම දන්නෑ " "කව්ද කිව්වේ ඔයා දන්නවා කියලා " "ආ...මේ....මේ ඒකනෙ " "මෝඩයො ඇයි ඉතින් ඕක කියන්නැත්තෙ " "ම...