බාබන්ඩේසි - දොළොස්වන දිගහැරුම

160 42 19
                                    

දෙයියනේ කියලා එක මූසල දවසක් ඉවර උනා විතරයි. අදත් ඒ වගේම තවත් මූසල දවසක්. කමක් නෑ ඒ මූසල ගතිය ටිකක් හරි මැකෙන්න අද මට වැඩට යන්න පුළුවන්. වෙනදාට මාව සතුටු කරවන, මගෙ හිත සැහැල්ලු කරවන ඒ ලස්සන බාබන්ඩේසි මල් පොකුර මම දැන් මාසෙකට වගේ කිට්ටු වෙන්න දැක්කේ නෑ. සමහරවිට ඒ මනුස්සයාටත් එපා වෙන්න ඇති. ඔහොම හැමදාම මල් කඩන්න ගියාම ඒ ගස් හැදෙනවයෑ? මට දුක මට ඒ මනුස්සයට ස්තූති කරන්නවත් බැරි උන එකට. මොකද ඒ මල් පොකුර හැම වෙලේම මගෙ මහන්සිය උරා ගන්නවා. ඒත් අද නම් මට මහන්සි කෙසේ වෙතත් හිතට සහනයක් නැති පීඩාකාරී දවසක් වෙයි කියලා මට ඉවෙන් වගේ දැනෙනවා. මට මම පරක්කු වැඩියි දො කියලත් හිතෙනවා. අනෙ මන්දා.

ඔහොම දේවල් හිත හිත මම දන්නේම නැතුව ඉස්පිරිතාලෙටම ඇවිත්. මට කොච්චර උනත් මම උදෙ දැක්ක දේ එයා කිව්ව දේවල් අමතක කරන්න බැරි උනා. එයා එයා ඇත්තටම ඒක කිව්ව කියල හිතාගන්නවත් බෑ මට.

මම උදෙ එයාව පිරිසිඳු කරවලා, එයාට කවන ගමන් ඉද්දි එයා කිව්වෙ

" අම්මලා කලින් බලපු කෙල්ලොන්ට මම අකමැති උන හේතුව මට තාම හිතාගන්න බෑ. ඒත් මොනා උනත් මේ කෙල්ල හරිම හුරුබුහුටියි. මට අකමැති වෙන්න ඇත්තටම හේතුවක් නෑ"

දෙයියනේ ඇත්තටම?? එයා අකමැති නෑ කියලා දැනගත්තම මට පිස්සු හැදුනේ නැති ටික විතරයි. අනෙ අයියේ ඔහොම කරන්න එපා ප්ලීස්. මොකද්ද ඔයා බලාපොරාත්තු වෙන්නෙ? හහ් මටත් පිස්සු. ඇත්තටම මටයි පිස්සු මේ අසනීප මනුස්සයව සනීප කරවලා ගෙදර අරින්නැතුව මගුලක් කරනවා. මටයි පිස්සු ඇත්තටම. මට හිතාගන්න බෑ තාම. මම ඒ වෙලාවේ ඉඳන් පුදුම පීඩනේකින් හිටියේ. අයියා මට ඒ කෙල්ලගෙ ෆොටෝ එකකුත් පෙන්නුවා. අයියා කිව්ව කතාව හරි. ඒ කෙල්ල පොඩි එකෙක් වගේ හරිම හුරුබුහුටි හුරතල් ලස්සන කෙල්ලෙක්. ඒත් ඒත් මෙච්චර ඌට පණ ඇරලා ආදරේ කරන මට වඩා තාම නොදැක්ක ඒකිව ලොකු උනේ කොහොමද අවාර් උඹට??  හහ් මම ආයෙත් පිස්සු හිතනවා මම කවද්ද මගෙ ආදරෙ එයාට කිව්වේ, එයාට පෙන්නුවේ? හැබැයි මේ ටිකට එයාව මම කොච්චර පරිස්සමින් බලාගත්තද කියන්න දන්නේ මම විතරයි. වෙන කෙනෙක් සමහරවිට අප්පිරියාවෙන් කරන දේවල් මම ආදරෙන් කරෙ එයා එයාට මම....ආර්හ්...
උට අගයක් නෑ. නැත්තං එයා එයා ඒක දකින්නේ මම සහෝදර හැඟීමෙන් ඒ දේවල් කරා කියලද? පිස්සු!! මම අපෙ මල්ලි ව වත් ඇඟ හෝදවලා නෑ. එයා කොහෙද ඒවා දන්නේ. එයාට උඹව එයාගෙ ඩොක්ට විතරයි මෝඩයො. උඹයි ඕන්නැති මගුල් හිතන්නේ. එහෙම හිතල කා එකෙ හයියෙන් ඔළුව ගහ ගත්තු මම මගෙම මූනට හයියෙන් පාරක් ගහගෙන කා එකෙන් එලියට බැහැලා ආවෙ මට පරක්කු වෙන නිසා. මොකද ඉස්පිරිතාලෙ කා පාර්ක් එකට ඇවිත් දැන් විනාඩි විස්සක් විතර වෙනවා මම මෙච්චර වෙලා කා එකෙ ඉඳන් විකාර හිත හිත හිටියා.

බාබන්ඩේසි Where stories live. Discover now