බාබන්ඩේසි - හතරවන දිගහැරුම

225 46 14
                                    

"හම්මෝ....... මේ දැනෙන සනීපෙ වෙන මොකකින්වත් ගන්න බෑ......."





අහ්ම්..වෙන දෙයක් හිතුන නම් සමාවෙන්න ඕන. මම කතා කරෙ චු බර ගැන. ඇත්තටම මම හිතන් හිටියෙ ගෙදර එනකල් අල්ලන් ඉන්න ඒත් ඇත්තටම මට ඒක කරන්න බැරි උනා. මම කොහොම හරි තද කරගෙන එන්න පුළුවන් උපරිම ආවත් ඒ වෙනකොටත් හොඳටම අල්ලෙගෙන හිටපු මගෙ මුත්‍රා බොක්ක ඔය හිටියා ඇති යකොව් කියලා මට බනින්න ගද්දී මගෙ බයට බම්බු ගහන්න කියලා මම කාර් එක විශාල ගහක් ලඟ නවත්තලා දිව්වා පඳුරක් අයිනට. කාර් එකටත් කවර් වෙන නිසා එලියට වැඩිය පේන්නේ නැතුව ඇති කියලා මට හිතුනා. මොකද මේ මල පාන්දර ඔය පාරෙන් ගියොත් යන්නේ කන් අඩි පැලෙන්න කුණු වෙන්නම ගහපු බේබදු අංකල්ලා තමා. කොහොමත් ලැජ්ජා බයට හැදුන ළමයි නොවැ අපි ඒ නිසා කෝකටත් වාහනේටත් කවර් වෙලා ගහකටත් මුවා වෙලා සැප සේ වැඩේ කරා. ඇත්තටම ඕගොල්ලොන්ට දැනිලා නැද්ද අර තද කරගෙන ඉඳලා ඉඳලා එකපාරටම අතාරිද්දි මාර සනීපයක් එනවා? දැනිලා නැත්තං උබ මනුස්සයෙක් වෙන්නත් බෑ. ඇත්තටම-

"ඩහ්!!!!!"






පොඩ්ඩක් ඉන්න.....






මම හිතන්නේ මම දැක්ක දේ නිසා මට මගේ චූබරත් අමතක උනා. මොකද මගෙ වාහනෙ තිබුන තැනට මීටර් තුන හතරක් විතර ඉස්සරහට වෙන්න තිබ්බ ගහ ළඟ එක පාරටම කළු ලොකු වාහනයක් නවත්තලා එකෙන් ලොකු පොට්ටනියක් එලියට විසික් කරා. මට හිතාගන්න බැරි උනා එච්චර ලොකු සද්දෙකින් විසික් කරන්න ඇත්තෙ මොකද්ද. ඇත්තටම ඒ පොට්ටනිය ලොකු එකක්. අනික මේ මහ පාන්දර?? ඒත් පොඩ්ඩක් ඉන්න-
අර අර මනුස්සයා....

ෂිට් මට හිතුනා මේකත් මුන්ගේ වැඩක් කියලා. ඒ ඉස්සෙල්ලා පොට්ටනිය එලියට දාපු එකා එක පාරටම උගෙ මාස්ක් එක ගැලෙව්වමයි උගෙ මූන දැක්කේ මම. එතන හිටියෙ මේ පැත්තේ ඉන්න ඇමතිගෙ චක්ගෝලයෙක්. උන් කරන්නේම මහ අමන අපත වැඩ. මේ උන් ඔය වැඩෙ කරන පලවෙනි පාර නම් නෙමේ. මම දන්නවා අනිවාර්යෙන්ම ඔය පොට්ටනියෙ ඇත්තේ මිනිහෙක්. උන් ඔහොම්මමයි. මිනිස්සුන්ට මැරෙන්නම තඩිබාලා ගොනි වල දාලා මහ පාරට අතාරිනවා. අනෙ ඇත්තට මුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැති හැටි!!

නීතිය ක්‍රියාත්මක වෙන්නෑ නෙමේ ක්‍රියාත්මක කරන්න දෙන්නෑ. මුන්දලෑ මහා අප්පච්චි ඉතින් පොඩි ගොයියො ටිකව බේරනවනෙ. දවසක මුන් මිනී මැරුවත් ආතල් එකෙ ඉඳීවී එලියට වෙලා. ඇතුලෙ ඉන්න ඕනි මිනිස්සු එලියෙ ඉන්නකොට අහිංසකයොන්ට හරි අපහසුවක්. පව් ඒ මිනිස්සු. අරුන් ටික එතනින් ගිය ගමන්ම මම කරපු දේ ඉක්මනින් ඉක්මනින් ඇවිත් අර පොට්ටනිය ලෙහපු එක. මම කර කර හිටපු වැඩෙ කොයි වෙලෙ ඉවර උනාද මන් දන්නේ නෑ. මොකද මගෙ ඇස් දෙක වගේම අවධානෙත් තිබ්බේ පොට්ටනිය ළඟ. ඉක්මනින් ඇඳුම හදාගත්ත මම එතනට ආවෙ මට ඒ මනුස්සයව අඩුම නොමැරී හරි බේරාගන්න පුළුවන් උනොත් ඇතියි කියලා හිතන ගමන්.
දෙයියනේ මේ ගෝනිය ගැට ගහල තියෙන තද.... මොන මගුලක්ද මන්දා.......කොහොම කොහම හරි කරලා ඒක ලෙහලා ඇතුලෙ. උන්න මිනිහව දැක්ක මට පිස්සු හැදුනේ නැති ටික විතරයි.......




ඇයි දන්නෑ එයාට පිස්සු හැදුනේ 😪✋

මේ කතාව පේන අයගෙන් පස් හය දෙනාගෙද ඇඟිලි වැඩ? ආආ...හරි හරි ඉතුරු අයට අංසබාගෙ වෙන්න ඇති. ආආ කමක් නෑ 🥲✋

එහෙනම් අදට ගියා. ඇඟිලි වැඩ අය අදහසක් කියාගෙන යන්න ඉතින්.

𝗟𝗶𝘆𝗼𝗿𝗮

බාබන්ඩේසි Where stories live. Discover now