බාබන්ඩේසි - පහළොස්වන දිගහැරුම

131 29 20
                                    

කොළඹ දිස්ත්‍රික්කයේ එක් ස්ථානයක:




"සර්..අද අලුත් කේස් එකක්"

"මොකද්ද?"

"දූෂණයක් නිසා ආපු එකෙක්"

"කීවෙනි එකේද?"

"12J345 එකෙ ඉන්නෙ පොර. කළු උස මිනිහෙක් සර්"

එයට කෙටි මිමිණුමකින් පිළිතුරු දුන් එහි තරමක් හැඩි දැඩි කඩවසම් පෙනුමකින් යුතු මෙම සංවිධානයේ නායකයා යැයි කිව හැකි වූ පුද්ගලයා ඉන් පසු පසෙක වූ තමාගේ පිස්තෝලයද ගෙන එය ඉනේ සඟවාගෙන තමා ඉඳ සිටි ස්ථානයෙන් නැගිට ගියේ ය.

ඔහු තුළ වූ කෝපය මුසු වූ පෙනුම නිසාවෙන් ඔහුගෙන් බිය කරු මුහුණක් දිස් වන්නය විය. එම තැනැත්තා ඔහු සිටි කාමරයෙන් නික්ම යන විට ඔහු වටා සිටි හැඩි දඩි දේහදාරි ශරීර ඇති, ආරක්ෂකයන යැයි කිව හැකි පුද්ගලයන් පිරිසද ඔහුත් සමඟ ම පසු පසින් යන්නට විය. ඔවුන් සියල්ලන්ගේම ඉනේ එක් පසක  පිස්තෝල රැඳී තිබූ අතර ඉනෙ අනෙක් පසෙ සාමාන්‍ය ප්‍රමානයෙ කිනිසි ද රැඳී තිබුනි. ඔවුන් සියල්ලම පාහෙ තද නිල් බැනියමක් හා කළු දිග කලිසම් ඇඳ සිටි අතර එහි ලාංකිකයන් මෙන්ම අප්‍රිකානු පෙනුමක් ඇති පුද්ගලයන් දෙතුන් දෙනෙක් ද වූහ.

ඔවුන් සුළු මොහොතකට පසුව ඔවුන්ගෙ කළු පැහැති සුඛෝපභෝගී මෝටර් රථ හා යතුරුපැදි පෙල වැලිකඩ බන්ධනාගාරය අසළ රැඳුනේ දූවිලි රැලි අවුස්සා එහි දුමාරයක් ඇති කරන පරිද්දෙනි. රථ පෙලෙහි ඉදිරියෙන් වූ කළු පැහැති වොල්වො වර්ගයේ මෝටර් රථයෙන් මෙහි නායකයා යැයි කිව හැකි පුද්ගලයා බැස තමාගෙ පිස්තෝලයද රැගෙන බන්ධනාගාරය තුළට ඇතුළු වූයේය. ඔහු පසු පසින් පෙළට මෝටර රථ වලින් හා යතුරුපැදි වලින් ආ පිරිසද බන්ධනාගාරය වෙත ඇදෙන්නට විය.  පෙර ඇති වූ  වාහන රෝද නිසාවෙන් හට ගත් දූවිලි දුමාරය නිසා මොවුන්ගේ ඡායාවක් හෝ හරිහැටි දැනගැනීමට කිසිවෙකුත් සමත් වූයෙ නැත. මදකින් දූවිලි දුමාරය පහවී ගිය පසු එක් දේහදාරී තරුණයෙක් විත් පෙර නැවැත්වූ වාහන පෙල ආවරණය වන පරිදි වටේට දම්වැල් යොදා ඔහුද බන්ධනාගාරය තුළට ගියේය.

"මූ ද??"

"ඔව් සර්"

අරක්ෂකයාගෙ පිළිතුර ලැබුනු වහාම ක්‍රියාත්මක වූ නායකයා තම මුහුන ආවරණය වන පරිදි කළු පැහැති ලේන්සුවකින් මුහුණ ගැටගසා ගෙන ඇස් දෙක පමණක් නිරාවරණය කරගත් පසු, අතට කළු පැහැති අත් ආවරණ ද පැලඳගෙන ආරක්ෂකයන් වෙතට අත දිගු කලේය. එවිට ක්‍රියාත්මක වූ ආරක්ෂකයෝද ඔහු අතින් විශාල පෙට්ටියක් වැනි යමක් තබා ඔවුන්ගෙ මුහුනුද නායකය කල අයුරින්ම ආවරණය කරගෙන ඇස් පමණක් නිරාවරණය කළෝ ය. කළු පැහැති අත් ආවරණ පැළඳ සිටි ඔවුන් සියල්ලෝම තම තමන්ගේ පිස්තෝල ලෑස්ති කරගනිමින් ඒවා ඉනෙ රඳවාගෙන නායකයා පසු පස ඇදෙන්නට විය.

බාබන්ඩේසි Where stories live. Discover now