බාබන්ඩේසි - දහසය වන දිගහැරුම

131 30 8
                                    

"මොකද්ද මිනිහෝ මේකෙ තේරුම? තමුසෙ මගෙ ළමයෙක් කියන්නත් ලැජ්ජයි මට!!!"

"ඉතින් තාත්තෙ මං අහවල් එකක් කරාටද ඔහොම බනින්නේ???"

"තෝ අහවල් එකක්වත් නොකරන නිසා තමයි බූරුවා බනින්නෙ!!"

"අනෙ ඉතින් වෙන ළමයි ඔය වයසට දෙමව්පියන්ගෙ බිස්නස් බාරගෙන ඒවා කරගෙන යනවා!! ඒකට මේ මිනිහා!!"

"ඉතින් තාත්තෙ ඔය බිස්නස් එක මගේ යෑ?? මම ආස නෑ ඔව්වා කරන්න. "

"ඔව් ඔව් උබ ආස කාටහරි තඩිබාන්න නෙ!! ඊයෙ කඩේට යනවැයි කියලා ගිය මිනිහා අද මල පාන්දර වෙනකල් කඩේ වෙන්නැති ඉන්න ඇත්තෙ?"

"අහ්ම්..... ඇත්තටම නෑ..ආආ..ඔව්....ආආ නෑ නෑ මම යාළුවෙක්ගෙ ගෙදර ගියා"

"එහෙනම් ඉතින් මගේ පුතා උදේ වෙලා එන්න එපැයි. මොකද මේ එලි වෙන්නත් කලින් ගෙට රිංගලා තියෙන්නේ? මම හරි නම් පාන්දර තුනත් පහු වෙලා වෙන්න ඕනි එන්න ඇත්තෙ. මොකද මම ඊයෙ වැඩ වගයක් කර කර හිටියා. තෝ එතකොටත් නෑ"

"ආ....මේ......මේ.."

"තෝ හිතුවද මේක පින් බත් දෙන තැනක් කියලා?? තොගෙ අම්ම අප්පගෙ බූදලෙ වගෙ කකා බිබී- අහ්ම් හරි හරි ඒත් එහෙමයි කියලා අම්ම අප්පගෙ උනත් ඔහොම නාස්ති කරලා හරියනවද?"

"හරි හරි තාත්තේ මං-

"හැරි හැරි චාච්චෙ යෑයී යෑයි ඔහෙගෙ මොකද්ද හරි?? හැමේකම වැරදි මිසක්!!! මෝඩයා"

ඔහු අපහාසාත්මක ලෙස ඔහුගෙ එකම පුත්‍රරත්නයට බැන වදිමින්, ඔහුගෙ හිසටද පහරක් ගසා එතනින් පිටව ගියේ හිත කොනක වේදනාවක් ද රඳවාගෙනය. තාත්තෙකුගෙ එකම බලාපොරොත්තුව තම දරුවන් ඉහළ තලයකට එනු දැකීම මිස කාලකන්නියෙක් වනු දැකීම නම් නොවේ. නමුත් ඔහුගෙ පුතන්ඩියා නම් තාත්තගෙ හීන වලට පයින් ගසා ඔහුට උවමනා ලෙස ජීවත්වන බව හොදාකාරව පෙනෙයි.

________________________

ඇයි යකො තාත්තගෙ ඉඩම් ටික බලාගන්න එකම මදිද? තාත්තට එව්වෑ කිසි අගයක් නෑ. යකො මම කොච්චර මහන්සි වෙනවද?  කොයිද මේ ගෙදර මිනිස්සු එව්වා දන්න එකක් යෑ? පිං බත් යෑයි යෑයි තමා!!! කව්ද යකො පින් බත් කෑවෙ? මම කන්නේ මගෙ ගෙදරින්. එතකොට ඒක පිං බත් ද?  ඉඳා!! එතකොට මම මෙව්වට සල්ලිත් දෙන්න ඕනි ද? මේක මාර කෙලියක් උනානෙ. අර කෙහෙම්මල් කම්පැනි මගුලෙ ඒසි රූම් එකක ඉඳන්, රෙදි අහේනිය වගෙ කොටට කොටේ සාය කෑලි ගවුම් කෑළි ගහගත්තු කෙල්ලොන්ගෙ මලසමයං බල බල ඉන්නවා වගේ ද අනේ මගෙ සුදු මැණිකව ටෝක් කරන්න යන එක. කොල්ලට මල් වලට ආස හිතිලද කොහෙ ආසාවෙන් බල බලත් උන්නා. කෙල්ලොන්ටවත් නැති හැඩක් යකො ඌට තියෙන්නේ.

බාබන්ඩේසි Where stories live. Discover now