" චූටි තාත්ති.... චූටි තාත්තියෝ "
" ම් "
" ඇවිදින්න යමු "
" මට වැඩ දරුවෝ "
" බාප්පි මටත් කම්මැලි මේ වලව්වේ ඇතුළෙම ඉදලා "
දෙනුවනුයි දෙව්මියි නම් ඇවිදින්න යන් කියයි. පොඩි බේබි එපැයි පහුවෙනිදා එළි වෙනකම් පස්ස කැඩිච්ච කඩියා වගේ ඉස්කෝලේ වැඩ කරන්න.
" ඔන්න ඔහේ මේ දෙන්නව වැව රවුමට එක්ක යන්න පොඩී. ආවත් හරි ඔයා මේ දෙන්නව කොහෙවත් එක්ක ගියෙත් නෑ නේ පුතේ "
ඊලගට මගෙ ඇස් ගියේ රෙද්දක් මහා මහා ඉන්න ළමයිගේ පැත්තට කතා කරන ලොකු මැණිකේ දිහාට. සෙනසුරාදා තේ වත්තේ වැඩ කරන හැමෝටම නිවාඩු නිසා මටත් නිවාඩු. මන් එළියේ පඩිය උඩට වෙලා කමනි නැන්දා දුන්නු බැදපු කොල්ලු වල පොතු අරිද්දි පොඩි බේබි ඒ හරියෙම තියෙන වේ වැල් පුටුවේ ඉදන් ළමයින්ගේ පොත් බලනවා. නුරාද මිදුලේ එයාගේ චූටි සයිකලේ පදිනවා දෙනුවන් එක්කලා .
" ම් තුනට විතර ලෑස්ති වෙලා ඉන්න "
පොඩි බේබි එහෙම කිව්වත් හරි දෙව්මි දුවගෙන ඇවිල්ලා බේබිගේ ඇගට පැන්නේ ලොකු මැණිකෙත් දෙව්මිට කෑ ගහද්දි.
" ඔහොමද හැදෙන වැඩෙන ගෑන් ළමයි හැසිරෙන්නේ ආ පොඩි බබාලා වගේනේ අපේ ලොකු හදලා තියෙන්නේ "
" අයියෝ අම්මේ මෙයාලා කොහොම ලොකු වුනත් මට තාම පොඩි උන් තමයි මෙයාලා. "
" ඒකනේ චූටි තාත්ති "
කොල්ලු ටික සුද්ද කරලා ඉවර වුනු මන් ඒකත් අරන් කමනි නැන්දා හොයන් කුස්සියට ගියේ කෝපි එකක් බොන්නත් එක්ක.
" උබ ඔක්කොම සුද්ද කරලත් ඉවර ද කොල්ලෝ ඈ "
" ඔව් නැන්දේ.. ආ නැන්දේ කෝපි එකක් මට හදලා දෙනවද "
" නැන්දේ මටත් කෝපි එකක්. "
මේන්න පොඩි බේබිත් කුස්සියට ඇවිල්ලා මන් කෝපි ඉල්ලුවට පස්සේ එයත් කෝපි ඉල්ලනවා.
" බේබි ඉස්සරහට වෙලා ඉන්නකෝ. මන් විජහට හදලා මේ කොල්ලා අතේ බේබිට එවන්නම්කො "
YOU ARE READING
අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )
Non-Fiction" වීරන්කෙඩුව වලව්වේ පුංචි හාමු අවසරද මට......... පුංචි පැටියගේ චූටි අප්පච්චි වෙන්න " - නිලූෂ සත්සිදු -