අත් වැරැද්ද 02 ( 20 කොටස )

239 26 14
                                    

යාලුලා නොටිෆි ඇවිල්ලා නැතිව ඇති. මං මේකේ 19 චැපියත් දාලා තියෙන්නේ.  කියවපු නැති අයත් කියවන්න ☺️😊






" මට නම් බෑ ඔය අස්සෙ රිංගන්න යන්න "





" එළුවෙක්ද හැම මගුලටම බෑ බෑ ගාන්න ආ "




භූමියි මායි උදේන්ම ඇවිදින්න යන්න ආවෙ කොළඹ වටේ. මාත් සුදු පාට කැප් එකක් දාගෙන ගෙදර තිබ්බ තව මගෙ කළු කැප් එකක් දුන්නෙ එයාට.

ඔක්කොටම කලින් කන්න මොකක් හරි අරන් ඉන්න එපැයි. මං චිප් ගන්න යන්න හදපු පොඩි කඩේ කෙල්ලෝ කොල්ලො රොත්තක් පිරිලා ඉද්දි භූමිගෙ මූණ හිටන් තැලිලා ගියා. ආයේ ටිකක් උන් වත් තල්ලු කරන් යන්න බැරි ද කියන්නකෝ.




" මේ මං මෙතනට වෙලා ඉන්නම්. ඔයා ගිහිල්ලා අරන් එන්නකෝ ෂේන් "



" හාමු මහත්තයෝ මේ ආයේ ඇගේ ගෑවුනා කියලා මොකුත් වෙන්නෑ. මෙහෙ එනවා යන්න "



මං මූණ ඇද කරන් ඉන්න හාමු මහත්තයවත් ඇදගෙන ගියේ එතැනට. මොනා නැතත් හාමුලාගෙ පොඩි පොඩි වලව් මෙව්වා එකක් ඇගේ ලේ වලම දුවනවද කොහෙද.




" අයියෝ බන් පලකෝ "




" තමුසෙට මොකුත් දෙන්නෑ එහෙනම් "

එයා පැත්තකට යද්දි මං ටිකක් ඉස්සරහට ගිහිල්ලා මයියොක්කා පෙතියි සුදු ලූණු බයිටුයි රටකජුයි මික්ස් මල්ලක් ගත්තා.

ඇවිදින්න ආවා වුණාට මොකද අව්ව දකිද්දී ආයේ හැරිලා යන්න හිතෙන්නේ ඇගෙන් ගිනි පිටවෙනවා වගේ දැනෙද්දී තමයි. මාත් දැන් කැබිති ගොල්ලාවේ කොල්ලෙක් වෙලා.





" මේ ගෝල් වේස් යන් ද "



" රතු පල්ලියට යන්. ආස නැද්ද මං එක්කලා පල්ලි යන්න ම් "

භූමි මයෙ කන ළගට ළං වෙලා එහෙම කියලා ඇහි බැමි දෙක උඩට උස්සුලා කට කොනේ හිනාවක් දුන්නා.
මෙයා මොකද මේ එක පාරටම පල්ලි යන්න ඇහැව්වේ.




" ඇයි රතු පල්ලියේ මොකක් හරි අමුතු විශේෂත්වයක් තියේද සිදූ ගෝල් වේස් එකේ නැති ම් "




අත් වැරැද්ද ( Completed ) / අත් වැරැද්ද 02 (Ongoing )Where stories live. Discover now