එකලොස්වන කොටස 1️⃣1️⃣.

306 39 13
                                    

තම මව තමාට පොරොවෙන් කොටන්න එනවග තේරුම්ගත් දිසස්,දිවගොස් දේවින්ද්‍රගේ පිටුපස හැන්ගෙන්නට විය.තමාගේ දිග ගවුම කකුලේ පැටලීම වැලැක්වීම වීමට එය අත් දෙකෙන් උඩට උස්සාගෙනම දිසස්ගේ මව එන්නට විය.

"කෝ forest star?"ඇය තේ ඉහිරුනු කෑම මේසය දෙස බලමින් ඇසුවේය.ඇගේ පිටු පසින් සේවිකාව සහ අනගි පැමිණියේය.සීයා කොහේද කියා නොදනී.

"එයා ගියා"දිසස් කීය.

"එයා ගියා?"දිසස්ගේ මව දිසස්ගෙන් ඇසීය."මොකද්ද මෙතන වුනේ?"ඇය වැඩි දුරටත් ඇසීය.

"මගෙ අතින් එයාගෙ ඇගේ තේ හැලුනා"දිසස් ගනනකටවත් නැතුව කීවෙ තමාගේ ආරක්ෂාවට,ඉදිරියෙන් ශක්තිමත් දේහයකින් යුත් විශාල පවුරක් තිබූ නිසාය.දිසස් ඒ පවුරේ උරහිස් දෙකට අත් දෙක තියාගෙන, දකුනු උරහිසට උඩින් බෙල්ල දමාගෙන කතා කරන්නට විය.

"මොකක්?!!....ඇයි දිසස් ඔයා මේ වගේ වැඩ කරන්නේ?"දිසස්ගේ මව දේවින්ද්‍රගේ දකුනු උරහිසට ලන් වෙත්ම දිසස් තම බෙල්ල දේවින්ද්‍රගේ වම් උරහිසට මාරු කරන්නට විය.

"මට ඕනි උනේ එයාට මගෙ අතින්ම කෑම එක දෙන්න.ඒත්....දන්නෙ නැද්ද?මගෙ අතින් ඒක හැලුනා"දිසස්ට ඇත්ත වශයෙන්ම මෙය විනෝදයක් විය.නමුත් දිසස්ගේ මවගේ රතුකට්ට 720°ටම කැරකී ඇත.

"ඔයා කරොත් කරන්නෙම මේ වගේ වැඩක්මයි!!!!!"දේවින්ද්‍රගේ දකුණු උරහිසිනුයි වම් උරහිසුණුයි බෙල්ල දදා කතා කරන දිසස්ව අල්ල ගැනීමට නොහැකි වූ දිසස්ගේ මව දේවින්ද්‍රගේ කන ළඟ ඉඳගෙනම කෑගසන්නට විය.

බෙන්ගාල බොක්කේ අඩුපීඩන කලාපයක් හේතු කරගෙන හටගත් කුණාටුවක්, නිරිතදිග මෝසම් සුලගත් සමග තම කම්බරේ අසලට ආවා වැනි හැඟීමක් දේවින්ද්‍රට දැනෙන්නට විය.

"ඔයා කරොත් කරනානේ අපේ නම්බුව නැතිබන්ගස්තාන වෙන වැඩකමයි.ඔයා ඉස්කෝලෙ යන කාලෙ පැදුරක් එළාගෙන ඉස්කෝලේ පදිංචි වුනානම් හොදයි කියලා මට හිතුනා. ඇයි මට හැම වෙලේම ඉස්කෝලලෙන් කතා කරනවා,දිසස් මේක කරා,දිසස් අරක කරා කියලා. ඔයා ඒ කාලේ කරෙත් අපේ නම්බුව විනාශ වෙන දෙයක් මයි. ඔයාට ඇත්තටම හොඳ දෙයක් කරන්න හිතෙන්නෙම නැද්ද?මට කොල්ලෙක් ලැබුණාම මං හිතුවේ,මට හොඳ වැදගත් පිරිමි ළමයෙක් හම්බුනයි කියලා. ඒත් අන්තිමට මෙලෝ රහක් නැති නසරානියෙක් ලැබුනේ.ඔයාගෙ කොහෙවත් නැද්ද අපේ නම්බුවෙ දැලි නොගෑවෙන දෙයක්.මට ඊළඟට ඔයාගෙන් මොනවා හරි දෙයක් දැනගන්න ලැබුණොත් ඒක අපිට පාරෙ බැහැලා යන්න බැරි අපේ නමේ දැලි ගෑවෙන දෙයක්.මට කියන්න ඔයා කවද්ද හරිහමන් පිරිමියෙක් වෙන්නෙ කියලා....."

🖤My handsome stepdad🖤®️.Wo Geschichten leben. Entdecke jetzt