තෙවන කොටස 3️⃣.

351 51 6
                                    

දිසස් නා ගැනීම සදහා තුවාය බෙල්ල වටේ ඔතාගෙන,shampoo බෝතලයද අතින් ගෙන නානකාමරය දෙසට පිය මැන්නේය.

"දිසස් මෙහෙ ආවද?"සිවිලිම දෙදරන තරමේ හඩක් සමීරගෙන් විමසුවේය.

"දිසස්?.ඌව දැක්ක කාලයක් මතක නෑ"සමීර උත්තර දුන්නේර.

දේවින්ද සමීරගේ උරහිසට උඩින් බලමින් කෑගසන්නට විය."ඒයි..දිසස්!"

තම brand-new පියා,මවගේ නියෝගයකට අනුව තම බෝඩිම වටලා ඇති බව නොදත් දිසස් shampoo බෝතලයද අතැතිව ඔවුන් සිටි දෙසට එමින් සිටියේය.

"ඔයා මොකද මෙහෙ කරන්නෙ?"දිසස් විමසන්නට විය.

"හරි නම් මමයි ඒ ප්‍රශ්නෙ ඔහේගෙන් අහන්න ඕනා.....ඇයි ඔයා call answer කරන්නෙ නැත්තෙ?ඔයාගෙ අම්මා ඔයාව හැම තැනම හොයනවා"

දිසස්ගේ දුරකථනයේ මවගේ නමට ඉහලින් 9+ missed call ලෙස වැටී තිබූ අතර අතිශය ප්‍රතම වතාවට දේවින්ද ගෙන්ද එක් miss call එකක් පැමින තිබුනි.

"එයාට කියන්න මම ආය ඔය ගෙදර පස් පාගන්නෙ නෑ කියලා.එහෙම වුනොත් එදාට මම මගේ දිව කපාගන්නවා!."දිසස් දිව්රා කීවාය.

"ඉතිං හොදයිනේ!"දේවින්ද සහ අනුහස්ද එක්වරම කියා සිටියේය.ඇහිබැමි එකට ගෑවෙන ලෙස දිසස්, හෙමිහිට අනුහස් දෙස හැරී බලන්නට විය.

"මට කරන්න දෙයක් නෑ.ඒක ඔයා ඔයාගේ අම්මත් එක්ක විසද ගන්න.දැන් ඔයාට මාත් එක්ක එන්න වෙනවා."

"බෑ මම එන්නෑ.ඔයා කවුද මාව ගෙනියන්න?"

"ම්....."දේවින්ද මදගට ගොලුවිය.නමුත් ඊලග නිමේෂයේ "මම ඔයාගේ තාත්තා"

"තාත්තා? තාම ඔයාලා ගිවිසගෙන විතරයිනේ"ඒ අනුහස්ය.

"ඔව්.ඒක ඇත්ත"දිසස් අනුහස්ගේ වදන් අනුමත කර."මේන්න.....මේක.....හොදට අහගනින්.ඔහේ මගේ තාත්තත් නෙම් වගේම,තාත්තා වෙන්නෙත් නෑ"

"හොදයි මේක දුරදිග යනවා වැඩියි.ඔයා ආවෙ නැත්තම් මම ඔහේව කුදලගෙන හරි යනවා!"

"කුදලගෙන යන්න?......මේ අපි ඉන්නකම්?."සමීර මොර දෙන්නට විය."මේක අහගනින් උබ අපේ තැනට ඇවිල්ලා අපිට සද්දෙ දාල දත් නැතුව බත් කන්න තමයි වෙන්නේ.එක පාරක් දිසස් කිව්වා,තෝ එක්ක එන්නෙ නෑ කියලා.උබට දිසස්ව ගෙනියන්න බෑ.හරිද?.මොකද ඔයා එයාගෙ තාත්තා නෙමේ....."

🖤My handsome stepdad🖤®️.Where stories live. Discover now