දිසස් අනගිවද,වාහනයේ දමාගෙන පදවන්නට විය.
"දිසස්.ඔයා හොදන්ද?"සුලු මොහොතකට පෙර අම්මලා පුතාලා මරාගත් නිසා,අකාරුණිකෙහි විරුද්ධ ස්වරයෙන්, අනගි දිසස්ගෙන් ඇසීය.
තමා හොදින් යැයි කීමට දිසස් ඔලුව වනන්නට විය.
"ඔයා කොහෙද මේ යන්නේ?"ඇය නැවතත් ඇසූ කල දිසස් වාහනය පාරෙ අයිනට කර නවතාලන්නට විය.
"අනගි.මට ඔයාගෙන් දෙයක් අහන්න පුලුවන්ද?"
"හ්ම්ම් ඔව්, මොකද්ද? ඔයාට ඕනි දෙයක්. ඕන වෙලාවක, මගෙන් අහන්න පුළුවන්. ඔයාගේ හැම දේකටම මං ඉන්නවනේ"
"එහෙනම් ගොඩක් හොඳයි අනගි....... අනගි! ඔයාට සමලිංගිකයො ගැන මොන වගේ අදහසක්ද තියෙන්නෙ?"
"මොකක්?" ඇය, එක පාරට දිසස් ඇසූ ප්රශ්නයෙන් පුදුම වී තිබේ."ඇයි ඔයා ඔය වගේ ප්රශ්නයක් එකපාරටම මගෙන් අහන්නේ?"
"මට උත්තර දෙන්න අනගි.මම seriously අහන්නෙ"
" එහෙම ඉතිං විශේෂයක් කියලා නෑ.හැබැයි අනිත් අය හිතනවා වගේ පටු විදියට හිතන්නෙ නෑ"
" ඒ කියන්නේ,කවුරුහරි ඔයාගෙන්...මම කියන්නේ ඒවගේ කෙනෙක්.... කැමති වෙන්නේ ඇහුවොත්, ඔයා මොකද කරන්නේ?"
"මොනාද දිසස් ඔයා මේ අහන ප්රශ්න"
"අනගි.මම අහන ප්රශ්නෙට ඔයා උත්තර දෙන්නකෝ"
"එහෙම ඇහුවොත්, මම බෑ කියනවා.මට මං වගේම තව ගැහැණු ළමයෙක් එක්ක යාළුවෙන්න බැහැනේ"
".මම කියන්නේ ගෑනු ළමයෙක් නෙමේ. පිරිමි ළමයෙක් වගේ ඇවිල්ලා ඇහුවොත්"
"පිරිමි ලමයෙක්?"
"ඔව්. එයා gay කෙනෙක් නෙමේ. එයා ගැහැණු ළමයින්ටයි,පිරිමි ලමයින්ටයි දෙගොල්ලන්ටම කැමතියි. ඉතින් ඒවගේ කෙනෙක් ඔයාට ආදරේ කරනකොට. එයා ඇවිල්ලා ඔයාගෙන් කැමැත්ත ඇහුවම, ඔයා එයාට හා කියනවද?"
"ම්ම්ම්....ඔව් නේ."
"එතකොට ඔයාගෙ boyfriend එහෙම කෙනෙක් උනොත්?"
" එයා එහෙම කෙනෙක් උනත්....හෝ හො හෝව් පොඩ්ඩක් ඉන්න.ඔයා එහෙම කෙනෙක් නෙමෙයිනේ?"අනගිගේ ස්වරයේ පුදුමය ගැබ්ව තිබුනි.
CZYTASZ
🖤My handsome stepdad🖤®️.
Humor🖤He loves his mother's new husband.🖤 ■□●○•■□●○•■□●○•■□●○•■□ _Jujubes_ (Xiys58w47s)®️_