විසිවන කොටස 2️⃣0️⃣.

162 28 15
                                    

දිසස් විසින් දේවින්ද්‍රගේ සංවර වචන භාවිතය කෙලෙසා අවසන්ය.

'මම මොකුත් කිව්වෙ නෑ' සේ දේවින්ද්‍ර hotel එකට විත් මේසයේ වාඩි වී සිටී.ඔහුට එහායින්, ඔහුගේ සුවච කීකරු දිසස්ද,ඔවුන්ට ඉදිරියෙන් දිසස්ගේ සීයා සහ මවද අසුන් ගෙන සිටී.

සැවොම කිසිවක් සිදු නොවූ ආකාරයට වේටර් ගෙන ආ මෙනිව් එකෙන් තම රුචිකත්වය අනුව ආහාරයක් තෝරා ගත්තේය.

නිහඩතාවයට ගරු කරමින් ඔවුන් ආහාර ගත්තද, එයට අගෞරව කෙරූ සීයා,

"ඇත්තටම අපි මෙහෙම එකට කෑම ගන්නෙ ගොඩ කාලෙකට පස්සෙ නේ?"

'මේ මාතෘකාවට ආවෙ නැත්තම් මූට නින්ද යන්නෙ නැත්ද කොහෙදො'

දිසස්, වාහනයේ දී සීයා තමාට 'මල්ලි බබෙක්' ඉල්ලීම සම්බන්ධ කරගෙන මුළු සර්වාන්ගෙම රත් කරගෙන ඇත.

"මම කියන්නේ පවුලක් වගේ"සීයා තවදුරටත් කියන්නට විය.

"හ්ම්....ඔව් තාත්තෙ"දිසස්ගේ මව දුන්න ඒ පිළිතුරෙන්, දිසස්ගේ හදවත කැඩී බිඳී කුඩු වී ගියේය. මොකද මෙතරම් කාලෙකට,සීයා ඔය මාතෘකාවට එලබෙන්නේ යම් සේද ,දිසස්ගේ මව විසින් එය අවහිර කරනු ඇත.

දීසස් දැන් ක්‍රමයෙන් දෙපා අග සිට, හිස් මුදුන දක්වා රත් වේගෙන ආවේය. කෝප්පයෙන් සීයාට දමා ගහන්න සේ අතට ගත්තද,

එවලේම වේටර් වරයා පැමින්යේය.

වේටර් පැමිණ අදාල පුද්ගලයාට අදාල කෑම එක සහ හැදි ගෑරුප්පු ආදියද  පිළිවෙලින් අසුරන්නට විය. දිසස් ඉදිරියේද ඔහුගේ කෑම සහ හැඳි,ගෑරුප්පු අසුරන්නට විය. එක් වරම දිසස් කෑගහන්නට විය.

"මට ඕවා ඕන්නෑ!!! මම කන්නේ අතින්"මෙය ඉතාමත් ධනවත්, ලංකාවේ තියෙන විශිෂ්ඨ ගණයේ හෝටලයකි. මෙහි මිලෙන් අඩුම කෑමද ,ඉතාමත් මිල අධික බැවින්, සාමාන්‍යන් මෙම හෝටලයට පැමිනෙන්නේ ධනවත්, ප්‍රභූ පන්තියේ පුද්ගලයන්ය. ඔවුන් බොහෝ දෙනා තම අතින් ආහාර ගැනීමට ප්‍රිය නොකරන අතර, හැන්ද සහ ගෑරුප්පුව යන බටහිර ක්‍රමයට ආහාර ගැනීමට ප්‍රිය කරති. එබැවින් මෙම හෝටලයේ දී අතින් කෑමෙන් පසු අත සේදීමට ස්ථානයක් නොමැත.

🖤My handsome stepdad🖤®️.Onde histórias criam vida. Descubra agora