Brand newගේ රථය දිසස්ගේ ජාඇල පිහිටි, මේ වන කොට සිය පියාට සම්පූර්ණයෙන්ම අයිති නිවස ඉදිරිපිට නවතා ඇත.
වාහනයේ කිසිවෙක් වූයේ නැත.
"ඇයි 'හා' කිවේවේ ?" දේවින්ද්ර නිවැසියන්ට නොඇසෙන ලෙස තෙපලාය.
"ඉතින් එයානෙ ඇහුවෙ" දිසස් ද තරගයට මෙන් රහසින් කතා කරන්නට විය.
"කමක් නෑ කොහොමත් බඩගින්නෙ හිටියෙ" දිසස්ගේ ක්රියාව අනුමත කරමින් අනුහස් කියන්නට වූයේ, දේවින්ද්රට එහායින් හිද සිටි දිසස් වෙත එබෙමින්ය.
" එහෙම ඇහුවයි කියලා ගෙදරකට ආපු ගමන් කන්න ඉල්ලනවයෑ??"
"කව්ද කන්න ඉල්ලුවේ? ඕනිද;එපාද කියපු එකටනෙ මම හා කිව්වා විතරයි"
"ආ...මෙන්න...බිස්කට් වගේකුත් තියනවා" මේ ත්රිපලට තම රහස් කුමන්ත්රණය නවතා දමන්නට වූයේ වත්මන් ගෙයි හිමිකාරිය, තේ, බිස්කට් හා සිරික්කියක් රැගෙන ආ නිසාය.
කිසිදු පැකිලීමකින් තොරව දිසස් තේක ගත්තේය. ඇයට ස්තූති පූර්වකව සිනහවක් පාමින් අනුහස් ද තේක ගත්තේය. දිසස්ට ඔරවමින් සිටි දේවින්ද්ර ද,
" කරදරයක් වුනාද මන්දා?" යැයි අසමින් තේක ගත්තේය.
" දෙව්ලන මහත්තයගේ අයෙගෙන් මොන කරදරයක්ද? ඒ මහත්තයා නැති වෙන්න අපි වෙලහකටත් පාරෙ. අනේ...ඕනි දෙයක් තියනව නම් ලැජ්ජ නොවී ඉල්ලන්න."
හිස් තේ කෝප්පය මේසය මතින් තිබූ බාල පොඩිඑකා,
"Aunty දන්නවද දැන් එයා කොහෙද ඉන්න කියලා? " කට වටේ කිරි තැවරුනු දිසස් බාල පොඩිඑකෙක්ම වූයේ ය.
"අ...ප්... මම හරියටම දන්නෑ...ඒත් පොඩ්ඩක් ඉන්නකො! මම ලග ලියුම් කඩඩැහියක් තිබ්බා, ඒ මහත්තයා එවපු." කියූ ඇය පුටුවෙන් නැගිට,
" ඉන්න මම ටක්ගාල එන්නම්" යැයි කියමින් නැවත ගේ ඇතුලට රිංගුවේ ය.
"දිසස්! මොනාද ඔයාගෙ කට වටේ තියෙන්නේ?" දේවින්ද්ර දිසස්ගේ කට දෙසට ඇඟිල්ල දික්කරමින් කීය.
"හම්...මොකක්ද?"
"අයියෝ තාම ඔයා පොඩි එකෙක් වගේනෙ දිසස්"

DU LIEST GERADE
🖤My handsome stepdad🖤®️.
Humor🖤He loves his mother's new husband.🖤 ■□●○•■□●○•■□●○•■□●○•■□ _Jujubes_ (Xiys58w47s)®️_