හයවන කොටස 6️⃣.

471 55 14
                                    

කොළඹ නගරයේ තියෙන අධික තදබදය අතරේ, කොළඹ නගරයේ තිබෙන සියයක් වීදී අතරේ ද කෙසේ හෝ පාටියට නිසි වේලාවට ඒමට දේවින්ද්‍ර,දිසස් සහ අනෙකුත් සියලු දෙනාටම හැකි වූ වේය.

පාටියට ඒමට කොතරම් වෙලා ගියද,සාමාන්‍යයෙන් ලංකාවේ ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය වැනි, ඔවුන් දෙදෙනාට එක මතයකට ඒමට නොහැකි විය. දිසස් දිවුරා කියා සිටියේ කෙසේ හෝ brand new සහ අයේෂා අතර තියෙන සම්බන්ධය මවට ඔප්පු කරන වගයි.අවසානයේ දේවින්ද කාරය hotel park එකේ නතර කර ලන්නට විය.

මේ අතර තුර දිසස්ගේ මවට තමාගේ ඇදුමට වී තිබෙන වෙනස් කම තේරුම් ගැනීමට හැකිවිය.පාටියේ දී Forest Star ගේ අලුත් ඇදුමෙන් සැරසී සිටින එකම පුද්ගලයා තමා වීමට සිහින දැක්ක ද ,ඇගේ මිතුරියන් කිහිපදෙනෙක් ද ,මේ frost star ගේ අලුත්ම ඇදුම ඇද සිටින්නට විය.

නමුත් ඇය වෙනම විලාසිතාවක ඇඳුමක් ඇදා සිටියේය.

අහසට පොලොව වගේ ඇති වෙනස් කම් නිසා ඇයට ඇගේ පියා frost star ගේ ඇදුමක් තෑගි දුන් බවට කිසිවෙක් විශ්වාස නොකරනු ඇත.ඉතිං මේ හේතු කොට ගෙන ඇය හැමතැනම හොයන්නේ එක් පුද්ගලයෙක්වය.ඒ ඇගේ ආදරණීය පුත්‍රරත්ණයවය.

"ඔයාගේ අම්මා ඔයාව හැම තැනම හොයනවා දිසස්"දිසස්ට අනුව තම වෙන්න හිටපු brand-new පියා,දිසස්ට කීවේය.

"ඔයාගේ gf හරියට වැඩේ කරලා නෑ වගේ" දිසස් පාටියේ තමා ප්‍රියතම තැන වූ කෑම මේසය අසලට ඇවිදිමින් පිලිතුරු දුනි.

"දිසස්!ඔයා ඔය කියන දේවල් අනිත් මිනිස්සුන්ට ඇහෙනවා"දේවින්ද්‍ර දිසස්ගේ කනට පහත් ස්වරයකින් මුමුනන්නට විය.

දිසස් කෑම මේසයේ වූ නොයෙක් කෑම ජාති පිගානට බෙදමින්."ඉතිං.gf කිව්වේ girl friend!. ගෑනු යාලුවා. නැතුව පෙම්වතිය නෙම්."

"ඔයා ඔය ඉන්නේ ගොඩක් ලොකු වැරදි වැටහීමක."දිසස් පිගාන ද අතින් ගෙන, පුටුවක් කරා ඇවිදිමින් එන්නට විය.දේවින්ද්‍ර ද ඔහු පිටුපස මුමුනමින් පැමිණෙන්නට විය.එක් වරම ඉදිරියෙන් මතු වූයේ දිසස්ගේ මවය.දිසස් සහ දේවින්ද්‍ර එක්වරම එකම වේගයකින් අංශක 180ට හැරී ඇවිදිනවා මෙන් දුවන්නට විය.

🖤My handsome stepdad🖤®️.Tempat cerita menjadi hidup. Temukan sekarang