"අයියෝ නෝනා !බේබි මහත්තයා කුස්සියට ආවා"තමා සොයන ලොකු නෝනා වන දිසස්ගේ මව ඇස ගැටුනු සැනින් සේවිකාව කියන්නට විය.ඒ වන විට අනගිද සිටියේ ඔවුන් අසලය.ඒ දිසස් ගේ මව කොහේට හරි සම්ප්රාප වුවහොත්, තම කණ්ඩායමේ අනිත් සාමාජිකයන්ට ඒ බව දැන්වීමටය.
"මොකක්?!!"forest starගේ ලොකුම රසිකාවේ වෙන ඇය ඔහුව හමුවෙනකොට ලස්සනට ඉන්න එපායැ.ඉතින් දිග ගවුමකින් සැරසී,තොල් ආලේපන උලමින් සිටි ඇය එය ඇසූ සැනින් කන්නාඩි මේසය අසලින් නැගිට්ටේය.
"එයා මොකටද එතනට ආවෙ"
" දන්නෑ නෝනා.එයාගෙ අතින්ම දෙන්න ඕනි කියලා තේකයි කෑම එකයි අරන් ගියා."
"අයියෝ නෑ.අපි ඉක්මනට යන්.අද නම් මොනාහරි කරොත්, මම දිසස්ව ඉතුරු කරන්නේ නෑ." කියූ ඇය සේවිකාව සමග යන්නට විය.වහා මේ බව දැනුවත් කිරීමට තම දුරකථනය අතට ගත් අනගි දිසස්ගේ නම්බරය ඩයල් කරන්නට විය.නමුත් පිළිතුරක් නැත. පසුව මේ සම්බන්ධව අයේෂාව දැනුවත් කරන්නට විය.
වහා ක්රියාත්මක වූ අයේෂා දේවින්දට ඇමතුමක් ගත්තද, ඔහුගෙන්ද පිළිතුරක් නැත.ඉතින් අයේශා, ඔහුට ශාප කර කර ඔහුව සොයාගෙන හනි හනිකේ දිව එන්නට විය.
ඒ වන විටත් දිසස් කෑම බන්දේසියද ගෙන තම කාමරයට පැමිණියේය.මුලු කාමරයම උඩු යටි කුරු කරමින් දෙයක් සොයන්නට විය.පිස්සගේ පලා මල්ල වන් දිසස්ගේ කාමරයේ දිසස් තිබූ දෑ,තිබූ තැන ඔහුටවත් මතක නැත.කෙසේ හෝ අවසානයේ තමා හෙව්ව දේ ඔහුට හම්බුනි.
මේ අතර තුර ඉහෙන් කනින් දාඩිය දැමීමට පටන් ගෙන තිබූ දේවින්ද්රගේ එකම පැතුම සුළු විසුනු විය.ඒ පැතුම නම්, දිසස් ගේ සීයා වත් මව වත් තමාට මුනිච්චි නොවේවා කියාය. නමුත් දිසස්ගේ සීයා එකවරම කොහෙන්දෝ කඩාපත් වුණි.
"තා....තා...තාත්තේ " දේවින්ද්ර ගොත ගැසුවේය.
" ඔයාලා ආවද?.මට පොඩ්ඩක් පරක්කු වුනා.අර file වල වැඩ වගයක් ඉවර කරා.දුවව බස්සලා ඒකත් සෙටිල් කරලමයි ආවේ.කෝ මේ කට්ටිය?"
"ආ...ඕ ....ඒ...මේ.....එ....ඒක තමා මමත්...අහ්..."දේවින්ද්රගේ කතාව අතර මග නැවතුනේ එතනට එක්වරම කඩා පැන්න බ්රේක් නැති අයේශා හේතු කර ගෙනය.
![](https://img.wattpad.com/cover/366991103-288-k224041.jpg)
ESTÁS LEYENDO
🖤My handsome stepdad🖤®️.
Humor🖤He loves his mother's new husband.🖤 ■□●○•■□●○•■□●○•■□●○•■□ _Jujubes_ (Xiys58w47s)®️_