අටවන කොටස 8️⃣.

247 40 28
                                    

"ආදරෙයි?...........මොකද්ද මෙතන වෙන්නෙ?.............මේ ගෑනු කෙනා කවුද.........?ඔයා මොකද්ද මම එද්දි කිය කිය හිටියේ.......?ආ........දිසස් මොකද්ද මෙතන වෙන්නෙ?"

දේවින්ද දිසස් දෙස හැරිල බලන්නට විය."මේද මේ....ඔයා එද්දි....දිසස්...මෙයා...මෙයා....මම කිව්වේ  දුවට ආදරෙයි කියලා."

"දුවට?"

"දුවට?"

"දුවට?"

දිසස් සීයා සහ අයේෂාද යන තිදෙනාම එකවර ඇසුවේය.

"ඔව් තාත්තෙ.මේ ඉන්නෙ ඔයාගෙ...." දේවින්ද්‍ර එක්වරම හිර වෙන්නට විය.' අප්පට සිරි මුනුපුරා බදින එක්කෙනාට මොකක්ද කියන්නේ? දුවගේ ලේලිට මොකක්ද කියන්නේ?'

".....මේ තමයි දිසස්ගේ girlfriend"

"මොකක්?"

"මොකක්?"

"මොකක්?"

නැවතත් දිසස්,සීයා සහ අයේෂා ඇතුළු තිදෙනාම එක්වරම දේවීන්ද්‍රගෙන් අසන්නට විය.

"මම මේ දුවට ආදරෙයි කියල කිව්වෙ."දේවින්ද වැඩිදුර කීවේය.

" එතකොට මෙයා ගැනද කිව්වෙ.මෙයාගේ වයස කීයක් විතර ඇත්ද?" සීයාගේ පළවෙනි පැනය එය විය. මොකද තම මුණුපුරාගේ පෙම්වතියි වූයේ තමාගේ දුවට වඩා අවුරුදු පහක් හෝ හයක් වැනි ගණනකින් බාල කාන්තාවක් වූ බැවිනි.

දේවින්ද තම හඩ අවදි කිරීමට පෙර දිසස්ට සහ අයේෂාට තම ඇහේ කණිනෙකාව අහටයි මෙහෙටයි කරකවමින් ඉගි කරන්නට විය. මොකද තමා කියූ දේ තාම තේරුම් ගන්න බැරුව කරකොල අතහැරියා වගේ ඔවුන් දෙදෙනා සිටි බැවිනි.දෙන්නා මොකක් හරි දෙයක් කියල දේවින්දගේ මේ මහා දැවැන්ත උපක්‍රමය විනාශයට පත්කර දමන්නට ඉඩ තිබූ බැවිනි.

" මෙයාට ව්‍යාපාර ලෝකෙ දැවැන්ත businessවල කොටස් තියෙනවා.මේ වෙනකොට අපේ ව්‍යාපාරෙත් හවුල්කාරිනියක් හැටියට ඉන්නවා. ඇත්තට දිසස්ගේ මේ තෝරා ගැනීම නම් ඉතා විශිෂ්ටයි. මට මේ දැන් එයාව අඳුන්වා දීලා කිය කිය හිටියෙත් ඔයා මොන වගේ අදහසක් මේ ගැන දක්වයිද කියල.මම නම් කිව්වේ මේ වගේ ව්‍යාපාරිකාවකට අනිවාර්යෙන්ම ඔයාගේ සීයා කැමති වෙයි කියලා."

"මං දන්න තරමින් ඔයා ඔයාගෙ තාත්තා තරම්වත් business වලට කැමති නෑ." දිසස් ගේ සීයා දිසස්ගෙන් ඇසුවේ ය.

🖤My handsome stepdad🖤®️.Where stories live. Discover now