"ඔයා ඔය හිනා වෙන එක නවත්තන්න!!!!!!...."දිසස් දේවින්ද්රගේ කාරයේ අසුනක සිට, එහි රියදුරුගේ ඇගට කඩා පැන්නේය.කෙසේ හෝ අවසානයේ වෛද්‍යවරියට තතු පැහැදිලි කර දිසස්ගේ වටිනාම අවයවයට, ඔහුගේ දැඩි විරෝධය මත්තේ ප්‍රතිකාර කරේය.ඔවුන් දැන් නැවත දේවින්ද්රගේ කාරයෙන් ඔහුගේ officeයට එන ගමන්ය. නැවතත් රේඩියෝව විකාශනය වෙමින්ද පවතී.
"....හිනා වෙන්න තරම් දෙයක් මෙතන වුනේ නෑ."දිසස් බෙරිහන් දුන්නේය.
දේවින්ද්‍ර දිසස් දෙස නොබලාම,පාර දෙස බලාගෙන කුජීත හිනාවක් පාන්නට විය.දිසස් කියන නයාට අදුකොල වන් වූ එම සිනහව හේතු කොට ගෙන,එම නයා දේවින්ද්රට දෂ්ඨ කරන්නට කඩාපනින්න විය.
"ඔයාව අර දාලා ගිය,ඔයාගෙ අයේශා නිසා තමා මේ සේරම වුනේ."දිසස් දේවින්ද්රගේ මතකයට අයේෂාව ගෙන ආවේ ඔහුව ඇවිස්සීමේ අරමුණින් ය.
"එයා නිසා නෙමේ.ඔයාගෙ බල්ලා නිසා."නමුත් දේවින්ද්‍ර ඇය ගැන කිසිම තැකීමක් නැතුව කීවේය.
"ඔයාට ඇත්තටම අයේශා forest star එක්ක ගිය එක ගැන දුක නැද්ද?මම අහන්නෙ පොඩි හරි"
"නෑ....එයා මුලින්ම forest star දිහා බලපු විදියටම මට තේරුනා එයාගෙ හිතේ තිබ්බ දේ."
"වාව් හිතේ තියන දේ,ඒ විදියටම තේරුම් ගන්න පුලුවන් ආදරයක්!ම්....හරිම අගෙයි"
"ඒත් ඒවන කොට මම තේරුම් අරන් හිටියෙ,අයේශා කියන්නෙ මම හිතන් හිටපු කෙනා නෙමේ කියලා.එයා කරපු දේ...,ඒක මම අනුමත කරන්නෙ නෑ"
"ඔව්.ඒ ගෑනි නිසා තමා අනගි මාව දාල ගියේ.ඇත්තටම මට වෙලාවකට හිතෙනවා, මම මොන කරුමෙකට මෙහෙම කෙනෙක් වෙලා ඉපදුනාද කියලා.මම සාමාන්‍ය කෙනෙක් වුනා නම් අනගි මාව දාල යන්නෙ නෑ"දිසස්, දිසස්ටවත් නොදැනීම දේවින්ද්‍ර සමග විවෘත්තව කතා කරන්නට විය.
"සාමාන්‍ය?සාමාන්‍ය කියන්නෙ මොකක්ද?අත්තිවාරමට දාහක් කිව්වොත් boundation කියලා, ඒකයි සාමාන්‍ය. එතන අසාමාන්‍ය එක වෙන්නෙ foundation.අනික කරුම කරන්න ඕනා ඔය වගේ කෙනෙක් වෙලා ඉපදෙන්න නෙමේ.ඔය වගේ කෙනෙක් වෙලා, මේ වගේ ආකල්ප තියන රටක ඉපදෙන්න.දිසස්! ඔයා ඔයාම වෙන්න හදන්න. එක එක කට්ටියට ඕනි විදියට ඒ ඒ කට්ටිය කැමති විදිහට,වෙන්න හදන්න එපා. මොකද එයාලගේ කැමැත්ත කවදා හරි වෙනස් වුණොත්,ඔයාටත් ඔයාව ඒ ඒ විදියට වෙනස් කරගන්න වෙනවා. යන අයට යන්න දෙන්න.ඒ අය ගියපු එක ගැන හිතන්න එපා. මොකද ඔයා ගියපු අය ගැන හිත හිත හිටියොත් ඔයාට ඉන්න අය ගැන හිතන්න බැරි වෙයි"

YOU ARE READING
🖤My handsome stepdad🖤®️.
Humor🖤He loves his mother's new husband.🖤 ■□●○•■□●○•■□●○•■□●○•■□ _Jujubes_ (Xiys58w47s)®️_