~ 21 ~

729 126 122
                                    

" අනුශයා...යකෝ නැගිටපන්..."

හීනෙන් වගේ ඇහෙන විදුරගෙ හැකර කටේ සද්දෙත් එක්ක ගැස්සිලා ඇහැරුන මම ඌ දිහා බලන් හිටියෙ ඇස් දෙකත් ලොකු කරගෙන..

" මොකද උබ මේ අඬන්නෙ.."

" ම්..මම..කෝ..."

විදුරය මන් දිහා පුදුම වෙලා වගේ බලාගෙන කියපු දේත් එක්ක කලබල වෙලා මම ඇස් දෙක අල්ලලා බලද්දි තේරුනේ හීනෙන් දැක්ක දේවල් එක්ක ඇත්තටම මම අඬල කියලා..

ඔව් මෙච්චර වෙලා මම දැකල තිබ්බෙ හීනයක් තමයි..ඒත් හීනෙන් ඇයි මට අර වගේ විකාර පේන්නෙ කියල තවම හිතාගන්න බෑ.. අම්ම කිව්වත් වගේ මට මොකක් හරි අසනීපයක්වත් හැදීගෙන එනවද කියල වෙලාවකට හිතෙනවා..

දැන් මොන මගුල උනත් විදුරය මම අඬලයි කියන එක දැකල ඉවරයිනෙ.. මූට දීපන්කො දැන් ඉතින් උත්තර මේවට..මටත් වෙන්නෙ මහ carry වැඩම තමා අප්පා..

" ඔලුවෙ කැක්කුමට මම හිතන්නෙ කඳුලු ඇවිත් තියෙන්නෙ.. නැත්තම් ම්..මම..මොකටද හේතුවක් නැතුව අඬන්නෙ.."

" අහ් ඒකත් එහෙමද...ඔලුව කැක්කුම වැඩි කමට වෙන්න ඇති හීනෙන් ඉකි ගගහ අයියෙ ගගා ඇඬුවෙ.."

ඇදගෙනම නාගෙන වගේ මම...ශිට් ලැජ්ජාවෙ බෑනෙ.. අර අර විදුරය මන් දිහා බලන කැත විතරක්.. හයියෝ තෝ මොන ලබ්බකටද අනුශයෝ අයියා ප#යා ගන්න ගියෙ...බලපන්කො ඉතින් බොරු කියන්න ගිහින් නිකන් පච උන විදිහ..

ශිට් මූට කොහොම කියන්නද කියන්නකො මම හීනෙන් දැක්කෙ කොස්ත අයියව කියලා..අනික ඒ හීනෙ ඇතුලෙ වෙච්ච දේවල් මූ දන්නව නම් එහෙම මේකගෙ බලු කතා සේරම අහ අහ මට සති ගානක් දුක් විදින්න වෙන්නෙ..

" උබට පිස්සු.. ඒක නෙවෙයි මට කියපන්කො මම කොච්චර වෙලා නිදාගෙනද බං.. දැන් වෙලාව කීයද...? "

" ඉන්ටවල් ටයිම් එක මේ පහු වෙන්නෙ යකෝ... "

" අඩෝ මට බඩගිනි..යමන්කො කැන්ටිමට බඩට මොනා හරි දාගන්න..."

විදුරය තවත් මගෙන් එක එක දේවල් අහයි කියල හිතල මම නැති බඩගින්නක් ගැන කියල උගෙ බෙල්ලෙන් අල්ලගෙන ඇදගෙන ගියෙ කැන්ටිම තියන දිහාට..

නේත්‍රා 👁️ Where stories live. Discover now