" තමුසෙගෙ කෝල් ආන්සර් කරන්නෙ මම මොන ලබ්බකටද අයිසේ....."
අත ගසල දාපු මම බෙරිහන් දෙද්දි එයා දත් මිටි කාගෙන මන් දිහා බලන් හිටපු හැටියට මට හිතුනෙම මූට මාව මේ පාර මැද මරන්න බැරි කමට ඉවසන් ඉන්නවා කියලමයි..
" ඇයි තමුසෙට අමතකද...? "
මෙච්චර වෙලා ඇන්ග්රි මූඩ් එකේ හිටපු එයා එක පාරට කට කොනින් හිනා වෙලා මට කියපු අපභ්‍රංශය නොතේරෙද්දි මගෙ මල තවත් පැන්නා..
" මොකද්ද ඕයි..."
අමචකද කියල අහන්නෙ නැතුව කියන ඇටයක් මූ කෙලින් කියන්නෙ නැති වෙද්දි තමා මට නගින්නෙ..අම්...මා...ප..ල්...ලා...මේ..Carry කොස්ත හදන්නෙ අවලම් කතාවක් කියන්න නම් මම පාර කියල බලන්නෙ නෑ දීල අදිනවා ආයෙ මූට දෙයියො සිහි වෙන්න..
" තමුසෙ අපෙ හවුස් එකේ භාණ්ඩාගාරික කියල මම අමුතුවෙන් මතක් කරන්න ඕනද....? "
ඉව් ලැජ්ජාවෙ පන යනවා.. එතකොට මූ මට රෑ තිස්සෙ කෝල් බර ගානක් අර ගත්තෙ මේ අපේ හවුස් එකේ වැඩකටද.. එක අතකින් බලද්දි මූ එක්ක මට මොන කතාද.. මේ ගස් බල්ල නෙමෙයිනෙ හවුස් එකේ ලීඩර්.. ඉතින් මම මොකටද කියන්නකො මේ යකාට බය වෙලා ඉන්න ඕන.. මූ දන්නෙ නෑ ඌ හවුස් එකේ ලීඩර් නොවන වග මම දන්නවා කියල.. නමුත් මගෙ හිත දන්නවනෙ ඇත්ත නැත්ත..අනික කන පුපුරන්න මගෙන් කාපු මනුස්සය මට රෑ තිස්සෙ කෝල් අරගන්නෙ කුනුහරපෙන් බයින්නද කියල කවුද දන්නෙ..ඒ හින්ද කෝල් එක ආන්සර් නොකරපු එකට මම නම් දුක් වෙන්නෙ නෑ පොඩ්ඩක්වත්..
අනිත් දේ මම මැරිල ඉපදිලා නෑනෙ පරාක්‍රම හවුස් එකේ භාණ්ඩාගාරික මමයි කියන එක අමතක වෙන්න තරම්..
" ඕන නෑ...දැන් කියනවකො ඇයි මට ඊයෙ රෑ කෝල් ගත්තෙ..."
මෙච්චර වෙලා මරාගන්න දැගලුව අපි දෙන්නම ටිකක් කූල් එකේ කතා කරද්දි විදුරය පැත්තකට වෙලා අපි දෙන්න දිහාම මාරුවෙන් මාරුවට බලන් හිටියෙ නිකන් හොලමන් වෙලා වගේ..
" තමුසෙ ඊයෙ ඉස්කෝලෙ ආපු නැති දවසෙ මිස් හැමෝටම දැනුම් දීල සඳුදට සල්ලි ගේන්න කියලා... ඉතින් මිස් මට කෝල් කරල කිව්ව ඔයාට කියන්න සඳුද අනිවාරෙන් ඉස්කෝලෙ එන්න කියන්න කියලා..මොකද තමුසෙ භාණ්ඩාගාරික නිසා අනිවාරෙන් සල්ලි එකතු කරන්න ඕන තමුසෙනෙ...."
YOU ARE READING
නේත්‍රා 👁️ ( Slow Update )
Fanfictionජීවිතේ ප්‍රේමනීය පරිච්ඡේද ලියවුනේම ආදරනීය හමුවීම් එක්ක.... ......❤️