~ 22 ~

878 143 52
                                    

මගෙ කෑ ගැහිල්ලත් එක්ක ගැස්සුන එයාව මම ඇදගෙන ඇවිත්  බයික් එකට බලෙන් නැග්ගුවෙ නැත්තම් මෙයා තවත් අර පිස්සු ප#ය එක්ක මරාගන්න යනවා..

" ආයෙ මගෙ එකාට අනම් මනම් කියල තිබ්බොත් මම තෝව මරල මෙන්න මෙතනම වලලනවා දැනගනින් .."

හෙනම ගැම්මෙන් කොස්ත තවමත් බිම ඉදන් පොළොස් කොට්ටෝරුවෙක් වගේ අපේ දිහා බලන් ඉන්න සජිත්ට අත දික් කරල මැර ටෝක් එකක් දීල ෆුල් ෆේස් හෙල්මට් එක දාගද්දි මම එයාගෙ පිටි පස්සෙන් නැග්ගෙ පට්ටම සතුටෙන්.. මොනා උනත් සජිත් ඉස්සරහ මම චොර උනේ නෑනෙ.. මන් වෙනුවෙන් වීරය වගේ ඇවිත් මෙතන නෙයිනාඩගමක් එයා නැටුවනෙ..ඉතින් සතුටු නැද්ද කියන්නකො මට.. හරි නම් මේකව මම කරේ තියාගෙන යන්න ඕන අද මට කරපු උදව්වෙ හැටියට..

" හිමින් යනවා මනුස්සයො..."

මම එයාගෙ පිටට අත මිට මොලවල සොට් එකක් දීල එහෙම කෑ ගැහුවෙ මේක ඇරගෙන යන නිසා..

සඩ සඩ ගාල මූණට හුළං වදිද්දි ඇස් දෙක ඇරගන්නවත් බෑ ඒ මදිවට මේ මෝඩය යන විදිහට මගෙ ඇගේ ලේත් වතුර වෙනවා අයියෝ..carry කොස්ත තවම ඉන්නෙ කේන්තියෙනුත් එක්ක ඔය යන යැවිල්ලට පාර අයිනෙ තියන ගහකටවත් ගිහිල්ල මූ ඇන්නා.. ඊට පස්සෙ අපි දෙන්නට වෙන්නෙ ගෙදර යන්න නෙමේ මෙහෙම්ම එලොව යන්න තමා..

" එහෙම යන්න නම් හොයාගනින් ඉබ්බෙක්ව.. "

බලන්න අනේ මේ පඩත්තලය කියන කතා..ටිකක් හෙමින් යන්න ඉබ්බෙක් වෙන්නම ඕනද අයියෝ..හරි යමන්කො එහෙනම් යමන්කො මැරෙනව නම් මැරෙන්නෙ මම උබත් එක්කමනෙ..

තනියම මැරෙනවට වඩා මට සැපයි උබත් එක්කම මැරෙන එක.. මදාවියා වගේ හිතක් පපුවක් නැති ගානට කතා කරන විදිහ බලන්නකො මේ මීමින්නා.. අනේ ඇත්තමයි මාත් තියන පුපේ අමාරුවට නැග්ගනෙ මුගෙ බයික් එකට.. ශිට් කකුල් දෙක ගැලවිලා ගියත් කමක් නෑ කියල පයින් එන්න තිබ්බෙ..කොහෙද උබගෙ හිත හොද වැඩි නිසානෙ අනුශයො මේ ඔක්කොම ප්‍රස්න..

" ඔතන අයිනෙන් නවත්තන්න..."

" ඇයි ඒ..."

" ඔයාගෙ බයික් එකෙන් මම බහිනවා අම්ම හරි අප්පච්චි හරි දැක්කොත් මට විසුමක් වෙන්නෙ නෑ අනේ..."

නේත්‍රා 👁️ ( Slow Update )Where stories live. Discover now